අබුද්දස්ස කාලේ ෆොටෝජෙනික්

0
3

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ සඳහන් පරිදි බුද්ධාගම ප්‍රමුඛස්ථානයේ පිහිටන අතර අනෙකුත් ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් සමග සමඟි සම්පන්නව ජීවත්වන රටක් ලෙස ප්‍රකට ලක් දෙරණ මත එක පවුලක් ලෙසින් බැඳී ඇත්තාවූ අප කලින් කල ආ දේසපාලන ගැට වල ඉත්තන් වී පිල්බෙදෙන විට ආගම් වනසන සටකපටයින් ලාභ ප්‍රයෝජන තකා සූක්ෂ්ම අයුරින් ක්‍රියාත්මක වෙති.

මේ බව පසුගිය දිනවල වැඩි වශයෙන් ජනතාව අතර කතාබහට ලක් වූ බව ඉඳුරාම කිවයුතු ය.සුවිශේෂ නාමයන් ගෙන් තමන්ව හඳුන්වා දෙමින්,තමන් ද්‍ය්යාන සම්පත් ලැබ බුද්ධත්වයට පත් අයෙකු බව කියමින් සාසනයේ ගෞරවය කෙළෙසන අබුද්දස්ස කාලේ ෆොටෝජෙනික්ලාට රඟමඩුලු සදන්නට රටේ නූගතුන් ඉදිරිපත් වී තිබේ.සුවහසක් ලක් වැසි ජනතාව ජාති ආගම් භේදයකින් තොරව බුද්ධ චීවරය කෙරෙහි අප්‍රමාණ ගෞරවයකින් කටයුතු කරන අතර එවන් සංහිඳියාවන් වියැකී ගිය තැන් ද මෑත ඉතිහාසය විමසේමේදී පෙනී යනු ඇත.ඒවාට මුල් අඩිතාලම වැටුනේ කාගේ වරදින් දැයි නැණ පමණින් අවබෝධ කොට ගැනිම මැනවි.

නිර්මල බුදු දහමේ ජීවමාන ගුණයට හානි කරමින් නිළියන් යැයි කියාගන්නා මාර දූතිකාවන් සමඟ හරි හරියට දත් විලිස්සාන ජායාරූප වෙත පෙනී සිටීමේ නවතම ප්‍රතිපත්ති පූජාව ක් සසුන විනාශ කරන්නට ආ අයවලුන්ගේ ප්‍රදානත්වයෙන් කෙරීගෙන යනබව පෙනේ.මස්ගොබ පුම්බාගෙන,මුඩු හිස් ඇතිව නිමල බුදු දම් වත්පිළිවෙත් වලට පහර පිර පහර එල්ල කරමින්,රට යන අතටම මැස්ස ගසාගෙන එදාවේල ගැටගසාගන්නට සේම ජනතාව අතර ආගමික වශයෙන් කිළිටි සිත් ඇතිවෙන පරිදි,විනය විරෝධී ලෙසින් හැසිරෙන අතර භික්ෂූන් වහන්සේ නමකගේ වේශය ගෙන පවිටු ක්‍රියාවන් කරන්නවුන්ගේ රඟ මඬලේ රජ දහන උතුම් චීවරය කොට ගැනීම තවදුරත් ලඝුකොට ගිණිය නොහැකිය.

නිකායික වශයෙන් මෙවැනි පල්හොරුන් සසුනින් නෙරපීමට ක්‍රියාත්මකවීම කාලීන අවශ්‍යතාවයකි.මන්ද යත් මෙවැනි සොර දෙටුවන් චීවරය දැරුමට තියා මේ උතුම් පොළොවේ පය ගැසුමටවත් නොවටිනා නිසාවෙනි.දින දින ආගම් වලට,ඒවායේ ගරුතර පූජ්‍ය පක්ෂයට ගරහන දේසපාලන අඳබාලයින් නිසා නැති ප්‍රශ්න ඇතිවී අළු යට ගිණි පුපුරු එක දෙක මතුවෙන කාලයක යම් යම් පාපතර අරමුණු උදෙසා සසුන් ගතව සිටින මෙවැනි විසගෝර චරිත ද කරන්නේ ටික ටික ආගම දහම වනසන කොන්ත්‍රාත්තුවක් විය හැකිය.

එබැවින් ආගම් වලට බෙදී වෙන්වී අපි අපි මරා ගන්නා අතරෙ රටම ගිණිතබා හෝ ඉන් වාසි ගන්නට කැසකවන අය බොහෝ ය.මෙනිසා ආගමික වශයෙන් සේම, ප්‍රතිපත්තිමය වශයෙන් සේම,කල්ක්‍රියාවන් ගෙන් රට වනසන අංකුර නියපොත්තෙන් කඩා දැමීම ආගමික නායකයින් ප්‍රමුඛ සමස්ත ප්‍රජාවගේ ද වගකීමකි .

-Shesa-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here