ආරක්ෂිත ජලය

0
24

ආරක්ෂිත ජලය නිරෝගී බව රැක ගැනිම සදහා අප නිතරම ආරක්ෂිත ජලය භාවිතා කිරිමට පුරුදු විය යුතුය. මෙම ජලය සොබාදහමෙන් අපිට ලැබුණු වටිනා සම්පතකි. පෘථිවි පෘෂ්ඨයෙන් හතෙරෙන් තුනක් ජලයෙන් වැසී තිබේ. මේ ජලය විවිධ පරිසරවල ගන.දාව හෝ වායු තත්වයෙන් පවති. මේ ජලයෙන් පරිභෝජනය සදහා ගනු ලබන ජල ප්‍රමාණය පෘථිවියේ ඇති මුළු ජලය ප්‍රමාණයෙන් සියයට එකක ප්‍රමාණයකී.

👉 අපිට ස්භාවික ජලය ලැබෙන මාර්ග

⭐වර්ෂාව මගින්

⭐ ළිං , උල්පත් මගින්

⭐ ගංගා ,ඇළ, දොළ මගින්

⭐වැව් ,පොකුණු මගින්

⭐දියඇළි මගින් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් ප්‍රයෝජනයට ගනු ලබන්නේ ළිං ජලය වේ. ආරක්ෂිත ජලය ලබා ගැනිම සදහා අපි ගැඹුරු ළිදේ ජලය පරිභෝජනය කල යුතු වෙමු. ගැඹුරු යනුවෙන් හැදින්වෙන්නේ පසෙහි පළමු පස් තට්ටුව පසුකර දෙවන හෝ තුන්වන පස් තට්ටුව තෙක් හාරන ලද ළිං ය. ජලය , ගල්, පස්, බොරළු,හුණුගල් හරහා ගමන් කරන නිස එම ජලය ළිදට එකතු වන විට පිරිසිදු වී ඇත. ගැඹුරින් උල්පත් වැටි ඇති නිසා ද ගැඹුරු ළිංවල ජලය වඩාත් පිරිසිදු ය.

👉ආරක්ෂිත ළිදක් සෑදිමේදී සැළකිලිමත් විය යුතු කරුණු කිහිපයක්

⭐සුදුසු පසක ළිද හැරිය යුතු ය.

⭐ජල මට්ටම දක්වා පමණක් ගඩොලින් බැද සිමෙන්තියෙන් ආලේප කළ යුතුයි

⭐ළිද වටා අඩි 3ක් උස තාප්පයක් බැද සිමෙන්ති ආලේප කල යුතුය.

⭐පොළවේ ළිං කැටේ සිට අඩි 06 ක ප්‍රමාණයක් සිමෙන්ති බදාමයක් දමා ඒ මත වැටෙන ජලය ඈතට යෑම පිණිස අඩි 06 ක් දුරට කාණුවක් බැදිය යුතු ය.

⭐ජලය ඇදිමට බොලොක්කයක් සවි කොට වතුර ගැනිම සදහා කඹයක් සහා බල්දියක් වෙන් කල යුතු ය.

⭐බොලොක්ක සවි කිරිමට රවුම් ආධාරකයක් සවි කර යුතු ය

⭐කඹය හා බාල්දිය තැබිමට ළිද ළග කුඩා කනුවක් බැද තැබිය යුතුය

⭐වැසිකිලිය,පෝර ගොඩවල්, ඌරු කොටු ආදිය ළිදේ සිට යාර 200 කට වඩා ඈත් කොට සෑදිය යුතු ය.

⭐ළිං ජලයේ වර්ණය , පැහැය හෝ ගන්ධයේ වෙනසක් ඇතිනම් ළිද ඉසිය යුතුය

👉 ළිං අපවිත්‍ර වන ක්‍රම

⭐ළිං අසළ වැසිකිලි වලක් තියේනම් පොළොවේ මතුපිටින් හෝ පොළොවේ යටින් වර්ෂා ජලය සමග ඒ අපවිත්‍ර ද්‍රව්‍ය ළිං පතුලට ඇදී එම

⭐විවිධ සතුන් ළිං මත මල පහා කිරිම

⭐ සතුන් ළිදට වැටි මිය යාම

⭐ ගං වතුරට යට වීම

⭐අවට ඇති ගස්වැල් කොළරොඩු ආදී ද්‍රව්‍ය ළිදට වැටිමෙන් ළිං ජලය අපවිත්‍ර වීම

👉ජලය පවිත්‍ර කරන ක්‍රම

⭐ ජලය විනාඩි 20 පමණ උතුරවා ගැනිම

⭐වතුර පෙරණයක් මගින් පෙරා ගැනිම.

⭐ක්ලෝරිනිකරණය කිරිම

⭐හුණු ස්වල්පයක් එක් කිරිම

👉 ජලය පිරිසිදු කිරිම ආයුර්වේදයේ මෙසේ දක්වා ඇත

⭐ජලය අටෙන් එකට උණු කරා නිවා පානය කිරිම

⭐ඉගිනි ඇට තලා පොට්ටනියක් බැද වතුරට දැමීම

⭐කුඹුක් ගසක් ළිද අසල සිටුවීම

⭐පළෝල් මල් ජලයට දැමීම

⭐නෙලුම් ඇට ජලයට දැමීම

⭐ ගල් අගුරැ ස්වල්පයක් ජලයට මුසු කිරිම

👉ආරක්ෂිත ජලයේ ලක්ෂ ආයුර්වේදයේ සදහන් වන ආකාරයට

⭐අතිශයෙන් පැහැදිලිය

⭐සැහැල්ලුය

⭐මද කසට හා මධුර රසින් යුක්තය

⭐රළු නොවේ

👉ජලය පානය කිරිමෙන් ලැබෙන ප්‍රෙයෝජන

⭐උත්සහාවන්ත බව

⭐චේතනාවත් බව

⭐හදවත ප්‍රණවත් බව

⭐තෘප්තිමත් බව

⭐බුද්ධී ප්‍රබොධය

⭐සතුට.

⭐විඩාව.ක්ලාන්ත ,මුර්ජාව දුරු කිරිම.

⭐පිපාසය,නිද්‍රාව,වමනය,මලබද්ධය දුරු කිරිම.

⭐අජිරණය දුරු කරයි.

⭐අමෘතය මෙන් ජිවත් විමට ඉවහල් වේ හැකි සෑම විටම පිරිසිදු ජලය පානය කර අපේ සිරුර අරක්ෂා කර ගැනිමට පුරුදු වෙමු. අපට ආහාර නොමැතිව දින ගානක් ගත කල හැකි නමුත් ජලය නොමැතිව ජිවත් විය නොහැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here