රස බෙදන මාරයා

0
24

හෙළ ඉතිහාසයෙ පටන් පැවතෙන ඉතා අගනා කුළුබඩු සාරයෙන් රස ගැන්වුණු ලාංකේය ආහාර රටාවක් අපට උරුමය.මෑතකාලීන සමාජ කතිකාවත් අතර කෘතීම රස කාරක බාවිතය පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබේ.ස්වභාවික කුළුබඩු රසකාරක වෙනුවට නූතන තාක්ෂණික හා විද්‍යාත්මක ක්‍රමෝපායන් මගින් නිර්මිත මිනිස් සිරුරට දැඩි හානි ගෙනදෙන කෘතීම රසකාරක බාවිතයේ නූතන ප්‍රවණතාවය අපේක්ෂා රෝහලේ දොරටු විවෘත කිරීමට සමත්වීම සැබවින්ම ශෝචනීය තත්වයකි.

ප්‍රබල බහුජාතික සමාගම් විසින් තරුණ ප්‍රජාව සූක්ෂ්ම ලෙස ආක්‍රමණය කරමින් කෘතීම රසකාරක අඩංගු ක්ෂණික ආහාර කලාවක් බිහිකරමින් එකී ආහාරපාන වලින් තොර ජීවිතයක කිසිදු මිහිරක් නැතැයි යන්න සිතන තැනටම මානසික වශයෙන් බන්ධනය කර ලොව පුරා දිනකට පුද්ගල මරණ රැසකට මගපහදා දී තිබේ.

ජනප්‍රිය සංස්කෘතියේ ආදිනවයන් සමග එක් වූ වෙළඳ දැන්වීම් මගින් රසබෙදන මාරයින් නව මුහුණුවරකින් වෙස් ගන්වා තිබේ.ඒ අනුව මොනොසෝඩියම් ග්ලුටමේටි නම් තියුණු හා ප්‍රබල කෘතීම රසකාරක සංයෝගය හා අනෙකුත් රසකාරක මගින් මානව රස සංවේදක ග්‍රන්ථීන් උත්තේජනය කරමින් ශරීර අභ්‍යන්තරයේ තවදුරටත් රසකාරක පිරි ආහාර වෙත ඇලීමක් ඇති කරවන බව විද්වතුන් කරුණු අනාවරණය කර තිබේ.

මානව ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරවන අතර ලොවපුරා ජීවිත තුළට පිළිකාකාරක සෛල ඉවක් බවකින් තොරව නිර්මාණය කර ලාභ ලබන බහුජාතික සමාගම් මාෆියාව මගින් ඇතිකර ඇති ව්‍යසනය ලඝුකොට තැකිය නොහැක.

හය හතර නොදත් දරු පැටවුන් සිය ගණනක් මෙම රසකාරක නිසා පිළිකා රෝගින් වනවිට බොහෝ සමාගම් විශාල වශයෙන් ලාභ උපයන බව ප්‍රසිද්ධ රහසකි.කෙසේ වෙතත් ඇතැම් සංවර්ධිත රටවල් තම අනාගත දරු පරපුර සුරක්ෂිත කරලන්නට වස විෂ සහිත ආහාර ආනයනය තහනම් කර තිබේ.එහෙත් අප වැනි සංවර්ධනය වෙමින් පවත්නා රටවල් වෙත මෙවැනි උග්‍ර විෂ රසායන සහිත ආහාර ආනයනය දිගින් දිගටම සිදු වේ.මෙනිසා දරුවන් කුඩා වියේ පටන් සොසෙජස්,ක්ෂණික නූඩ්ල්ස්,සුප් කැට,පැණිබීම වර්ග ආදියෙහි ගොදුරු බවට පත් වේ.අවාසනාවන්ත ම කරුණ වන්නේ අපේක්ෂා රෝහලේ පිළිකා රෝගයෙන් පීඩා විදින දරුවන්ගෙන් බොහෝ දෙනා රුදුරු මාරයා සමග සටන් කරමින් විදින්නට තිබෙන කුඩා වියෙහි සුන්දරත්වය වෙනුවට මාරයා සමග විදවමින් කල් යැවීමයි.

ජාතියක් වශයෙන් අප මුදල් මත පදනම් ව මානව සංහතියේ පරිහානියට මංපාදන කෘතීම රසකාරක පිරි ආහාර කලාව මුලිනුපුටා දමා හෙළ කුළුබඩු අනුසාරයෙන් රසගැන්වෙන රසවත් මෙන්ම සුවපත් ආහාර රටාවකට හුරු පුරුදු වන්නට පෙළ ගැසෙමු.

— Shesa —

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here