ලිංගික සිඟමන්

0
28

නූතන තාක්ෂණික ලෝකය තුළ සමාජ මාධ්‍යය භාවිතය අතැඟිලි අතර හුවමාරු වන කලක විවිධ වංචාවන්,අපරාධ,පෞද්ගලික තොරතුරු අවභාවිතය ආදී ලඝුකොට ගිණිය නොහැකි නීතිවිරෝධී ක්‍රියාවන් සිදුවේ.

ඒවා අතර මුහුණු පොතින් නීතිවිරෝධීව ලබාගන්නා තරුණියන්ගේ ජායාරූප තමන්ගෙ චැනලයේ පලකරමින්,මෙරට නිවටයින්ගේ අබ්බගාත වූ මානසිකත්ව පෝෂණයට රුකුල් සපයන බව පැහැදිලි ය.ලිංගික සිඟමනේ යන ඇතැමුන් එම ජායාරූ වෙත කමෙන්ටු පලකරමින් අසහනයට ප්‍රත්‍යුත්තර සොයන විට අනුන්ගේ කුණුහොයා රජවෙන්න යන ඇතැම් චැනල කරන පිරිස් ඒවාට අනුබල දෙන ආකාරය නින්දා සහගතය.කිසිදු අවසරයකින් තොරව මුහුණු පොතින් සොරාගත් තරුණියන්ගේ ‍රූ භාවිත කරමින්,ඔවුන්ගේ චරිතයට නිගා දෙන ක්‍රියාවන් කරමින් වැදු මවටත් ලැජ්ජා කරන මෙවැන්නවුන් හැසිරෙන්නෙ තම තමන්ගේ ජානවල විකෘතිය ලොවටම පෙන්වා දෙමිනි.

ඊටම ඔබින ලිංගික අසහනකාරයින් අතර වල පල්ලට යන්නට දින ගණින වියේ අයද,තමන් මෙලොවට ආවේ කෙසේදැයි හෝ නොදැන පිළිකුල් සහගත ලෙසින් ගැහැණියකට හෝ තරුණියකට අවමන් කරන ආකාරය ද මේවත්ම ප්‍රබලව පැනනැගී තිබේ.තමන්ගේම මවට, සොහොයුරියට හෝ දියණිය වෙත සැබවින්ම ගෞරවයක් හෝ ආදරයක් සහිත පිරිමියෙකු නම්..?මෙවන් අවාසනාවන්ත දේවල් සිදුනොවෙනු ඇත.

මෙවන් සිදුවීම් තුළ රටේ ඉන්නා බෙලහීනයන් තමන් හට නිගා කරන බව නොදත් ඇතැම් තරුණියන් මේ ගැන දැනුවත් වන්නේ තවකෙකුගේ දැනුම්දීමකිනි.එවන් විටෙක ඇයට පිරිමින් යැයි කියාගන්නා ඇතැම් නිවටයින් යොදා තිබෙන ප්‍රතිචාරයන් හමුවේ ඇය මානසිකව පිරිහෙන තරම වචන වලින් කියන්නට ඇයට නොහැකිය.

කාන්තාවක අපහසුවට පත්වන ක්‍රියාවන් නීතියෙන් දඩුවම් ලැබෙන වරදක් වන අතර ඔබ යුක්ති සහගත ලක් පුරවැසියකු නම්,ඔබව මෙලොවට තිළිණ කළ ආදරණීය මෑනියන්ට අදරැති දුවක් හෝ පුතෙක් නම්,ඔබ නියම මහත්මා ගති ඇත්තෙක් නම් මෙවන් නිවටයින් සිතින් බලහත්කාරකම් කර,වචනයෙන් ස්ත්‍රීය අපහසුතාවට පත් කරන්නන්ට එරෙහිව නැගි සිටිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here