Announcement

Collapse
No announcement yet.

ඩොමේන් ගැන - Domains

Collapse
X
  • Filter
  • Time
  • Show
Clear All
new posts

  • ඩොමේන් ගැන - Domains

    ඔයාගෙම කියලා වෙබ් අඩවියක් හදන්න කලින් මුලින්ම ඔයාට ඩොමේන් නාමයක් (Domain Name) එකක් ඕන වෙනවා.
    Web Designing ගැන කතා කරද්දී ඔයාල දැන ගන්න ඕන ප්*රධානම දේවල් 2 ක තමයි,


    ඩොමේන් නාමය (Domain Name)
    වෙබ් හොස්ටින්ග් (Web Hosting)


    ඩොමේන් නාමය කියන්න, පරිශීලකයන් ඔයාගේ වෙබ් සයිට් එක හොයා ගන්න ලිපිනය වගේ එකක්. ඒ වගේ ඩොමේන් නාමය අන්තර්ජාලය තුළ වෙබ් සර්වරය සොයා ගැනීමට යොදා ගන්නවා. සාමාන්*යයෙන් අන්තර්ජාලය හරහා සර්වර් එක හොයා ගන්න IP ලිපිනය භාවිතා කරනවා. ඒත්, ඒක පරිශීලකයන්ට ගොඩක් අමාරුයි මතක තියා ගන්න. මේ හේතුව නිසා ඩොමේන් නාමය යොදා ගන්නවා. වෙබ් අඩවියක් නිර්මාණය කරන්න උත්සාහ කරද්දී කරන්න ඕන පළවෙනි දේ තමයි ඩොමේන් නාමය තෝරා ගන්න එක.

    ඩොමේන් නාමය කියන්නේ අකුරු සහ අංකවල සංයෝජනයක්. .Com, .net හෝ වෙනත් දිගුවකින් ඒක අවසන් වෙනවා. ඩොමේන් නාම සපයන්නා භාවිතා කරල ඔයාගේ තෝරාගත් ඩොමේන් නාමය ගන්න පුලුවන්ද කියලා තහවුරු කර ගන්න. අන්තර්ජාලය තුළ තියෙන්න පුලුවන් එක ඩොමේන් නාමයයි.

    ගොඩක්ම ප්*රසිද්ධ ඩොමේන් නාම සපයන්නා වෙන්නේ Godaddy.com. එකයි. .Com වසමේ සාමාන්*ය ඩොමේන් මිල $12 ක් විතර වෙනවා. ඇත්තටම, free ඩොමේන් ගැන හිතද්දී මේ ගාන ගොඩක් පොඩියි. ඇයි මම ඒ වගේ කතාවක් කිව්වේ ? නොමිලේ ඩොමේන් නාමයක් භාවිතා කරමින් වෙබ් අඩවියක් නිර්මාණය කලොත්. ඔයා වෙබ් අඩවිය ප්*රවර්ධනය කරන්න වැය කරන ඔයාගේ මුළු ශක්තිය හා මුදල් නිකම් අපතේ යනවා. මොකද ගොඩක් නොමිලේ සපයන වසම් නම් ගොඩක් උපවසම්ය. ඔයා ජනනය කරන traffic වෙනත් පුද්ගලයෙකුගේ ගිණුමකට යන්නේ. ඔයාටම කියලා ඩොමේන් එකක් මිලදී ගත්තා නම් ඒ ඩොමේන් එක අනාගතයේ දී විකුණන්න පුලුවන්. ඒ නිසා මතක තියා ගන්න නොමිලේ දෙන ඩොමේන් නාම සඳහා යන්න එපා.

    නමුත් ගොඩක් වෙබ් නිර්මාණකරුවන්ට ඩොමේන් නාමයට පවා ගෙවන්න සල්ලි නැහැ. ඒ නිසා එයාල නොමිලේ දෙන ඩොමේන් නාම සඳහා යනවා. දැන් මම කියන්නම් මම ඩොමේන් නාමයක් ගන්න කොට මම කරන trick එකක්. මම ඩොමේන් නමකට $5 කට වඩා සල්ලි වියදම් කරන් නෑ. ඔයත් මෙන්න මේවා ගූගල් සෙවුම් එන්ජිම තුළ හෙව්වොත් ඔයාලටත් පුලුවන් ඒ ගානට ගන්න.

    "Free domain names"
    "$0.99 domains"
    "Low cost domain names"
    "Cheap domain names"

    දැන් මම හිතන්නේ ඔයා දන්නවා කරන්න ඕනේ මොකක්ද කියලා. සල්ලි ගෙවන්න කලින් ඒ ඩොමේන් නාම සපයන්නන් විසින් කියල තියෙන නියමයන් සහ කොන්දේසි පරීක්ෂා කරන්න.



    Reference : http://learnonline2create.blogspot.c...main-name.html
    domain
Working...
X