Author Topic: දිවිමංසල  (Read 154 times)

Offline ruwanthika

  • Newbie
  • *
  • Posts: 1
  • Reputation Power: 1
  • ruwanthika has no influence.
  • Referrals: 1
    • View Profile
දිවිමංසල
« on: October 16, 2018, 01:58:27 PM »
දිවි මංසල


ඒදින මහා වැසි දිනයකි..මුළු අහසම කළු වලාකුලින් බර වි ගිගුම් දෙයි...මා අකුණක් වදිදො බියෙන් අඩිය ඉක්මන් කර අැවිද්දාය..මා අැවිද්දා නොව හිමිට දිව්වා කිම නිවැරදිය..ඒ මම අකුණු කොටන හඩට බිය විමි..පුංචි කාලෙ පටන් වහිද්දි මට මහ පාළු මුසල බියකරු හැගිමක් ඒයි.


“මෙ කෙහෙල්මල් වැස්ස නවත්තන පාටක් අැත්තෙම නැද්ද” යි මම වැස්සට බනින ගමන් වට පිට බැලිමි..පෙනෙන මානයක කිසි කෙනෙකු නැත..මට තවතවත් බියක් දැනුනි.ඒවිටම වාගෙ මගෙ කන ගාවින්ම හොන් ඒකක් ගසා ගෙන කාරයක් ගියෙය..ඒය ගියා නෙමෙ ඉගිල්ලුනාය..ඒය ගිය වෙගෙට මඩ අහුරකින්ම  මගෙ දිග සාය තෙත බරිත කර විය.

“ශික් මොක්කුද මන්දෙ පාරෙ යන්නවත් දන්නැ...බලන්න මගෙ සාය ගන්න දෙයක් නැ”යි අැය තම සායෙ මඩ පිසදමමින් තමාටම කියාගත්තාය.

අැය ශෂිනි සමදරා නම් විය...අැය කාත් කව්රුත් නැති අනාත ගැණු ළමයෙකි..අැය කුඩා කල පටන් සිටියෙ අැගෙ මවගෙ නැගණිය සමගය..අැගෙ පුංචි කාසාද නොබැද තමාව පොඩි කාලෙ සිට අාදරෙන් බලා ගත්තෙ තමාගෙ දරුවෙක් මෙනි.අැය රස්සාවක් හැටියට කරන්නෙ වැඩිහිටි නිවසක සෙවය කිරිමයි. අැය ඉතාමත් සතුටින් ඒම රැකියාව කරන්නට තොරාගත්තෙ ඒයින් අැයට පිනක් ලැබෙවායි පතාය..අැයට ඊළග අාත්මෙවත් දෙමාපියන් සමග ජිවත් විමට ලැබෙවායි අැය ප්‍රාර්ථනා කලාය.දැන් මෙ අැය වැඩිහිටි නිවසෙ සිට තම නිවස කරා යන ගමන් මහ වරුසාවකට හසුවිය.

අැය යද්දි අැයට අැතින් රුවක් පෙනෙන්නට විය.අැය ඒ අසලට ළං වෙද්දි දුටුවෙ වයසක කාන්තාවක් කැඩි ගිය කුඩයකුත් ඉහලගෙන තමා දෙස අසරණව බලා සිටින අන්දමයි..අැයට ඒම කාන්තාව දුටුුවිට පපුව පිච්චෙනවා මෙන් දැනුනි..අැය ඒ කාන්තාව අසලට ගොස්,

“අාච්චි කොහෙ යන ගමන්ද මෙ වැස්සෙ”මම අැයගෙන් අැසිමි.

“කොහෙවත් නැ පුතෙ ..මගෙ පුතා මෙතනින් දාලා ගියා ..චුට්ටක් ඉන්න කිව්වා ඉක්මනට ඒන්නම් කියලා”

“මොකක් මෙ වැස්සෙ දාලා ගියා හරි හමන් කුඩයක්වත් නැනෙ අාච්චි ගාව...ගොඩක් වෙලාද ගිහිං”යි අැය අැසුවත් අැයට අත්දැකිමෙන් තෙරුනි මෙ මහළු කාන්තාව පාළු පාරක දමා අැගෙ පුතා ගොස් අැති බව..ඒත් අැය ඒය මහළු කතට කියන්න ගියෙ නැත්තෙ අැය දුක් වෙයි කියා සිතාය.

“නැ දැන් ගියෙ..කාර් ඒකෙ ප්‍රශ්නයක්ලු හදාගෙන ඒන්නම් කියලා ගියෙ”යි ඒවිට මට මතක් වුනි මට මඩ ඉහිරුවා ඉගිල ගිය කාරය.

“කළු පාට කාරයක්ද අාච්චි”

  “ඔව් දුවෙ බොහොම වටින කාර් ඒකක්..මගෙ දරුවාට දෙවියන්ගෙ පිහිටෙන් ඔය හැමදෙම ලැබුනෙ”යි අැය කියද්දි මට අැය ගැන විශාල දුකක් දැනුනි.

“අාච්චි යමු අපෙ ගෙදර”යි මම අැයට කිවෙ මෙ වෙලාවෙ වෙන කරන්න දෙයන් නොතිබු බැවිනි.දැන් වැඩිහිටි නිවසට අාපහු යා නොහැකි බැවින් අැයව තම නිවසට ගෙන යා යුතු බව අැයට සිතුනි.

“බැ පුතෙ..මගෙ පුතා අැවිත් මාව සෙව්වොත් දුක් වෙයි අම්මා නැ කියලා..මගෙ පුතා මට අාදරෙයි”

“අාදරෙ නම් අැයි මෙහෙම දාලා ගියෙ..යන්කො අාච්චි අර ගහ යටට වත් තෙමෙනවානෙ.”

“හම් පුතෙ මගෙ ලෙලි ඒච්චර හොද ඒකියක් නෙමෙ..ඒත් ඒකි නිසා පුතාට කරගන්න දෙයක් නැ “යි කියද්දි මට අැගෙ පුතා ගැන තරහක් අැතිවුනි.

“ලෙලි මොකා වුනත් පුතා දැනගන්නෙපැයි තමන් වැදු අම්මාව අාදරෙන් බලා ගන්න”යි සිතින් කියුවත් අැයට ඒය කිව්වෙ නැත.

“යමු අාච්චි මෙතන ඉන්න බැනෙ..මගෙ පුංචිත් බය වෙලා අැති..මට අාච්චිව මෙතන දාලා යන්න බැ..තව ඉදලා තෙරුමක් නැ”යි කියද්දි අැයටත් තෙරුනි තවත් තම පුතා ඒනකම් බලා සිට පලක් නොමැති බව.

★★★★★★★★★★★★★★★★★★★★★★★

“පුංචි”යි මම පුංච් ට කතා කෙරුවෙමි.

“අැයි පුතෙ”කියාගෙන අැය අාවාය.

“මෙ කව්ද පුතේ”යි මහළු කන්තාව දෙස බලා සිට පුංචි අැසුවාය.

“දන්නැ පුංචි..මෙ මහ වැස්සෙ මෙ අාච්චි පාරෙ හිටියා පුතා දාලා ගිහිං මට දුක හිතුනා ඒක්කන් අාවා..හෙට වැඩිහිටි නිවාසෙට ඒක්කන් යන්නම්”

“ඒහෙමද දැන් කලෙ හැදෙන ළමයි දෙමාපියන්ට සලකන්න දන්නැති හැටියක්..මගෙ දරුවා නොහිටින්න පව් මෙ අම්මා පාරෙ තෙමි තෙමි ඉදලාම ලෙඩ වෙලා යයි”අැය නිකටින් අත තාබා කිවාය.

“හම් පව් තාමා පුංචි ..මෙ අාච්චි තාම පුතා ගැන හොදමනෙ කියන්නෙ”

“ඒහෙම තාමා අම්මලා ළමයි වැරදි කලත් වැරැද්ද පිලිගන්නැ”

“හම්”

“හොදටම තෙමිලානෙ ලෙඩ වෙයි හොදලා අැදුම් මාරැ කරන් ඔළුව පිහිදාන් ඉන්න..අර අම්මාට මම කාමරයක් ලැස්ති කරන්නම්”

“හා පුංචි”

“අාච්චි ඒන්න අැතුලට”

“අනෙමන්දා මම මෙ නොදන්න ගෙකට අාපු පලවෙනි වාතාව”

“කමක් නැ අාච්චි මෙක අාච්චිගෙම ගෙදර කියලා හිතන්නකො..අදට මෙහෙ ඉන්න මම දන්න තැනක් තියනවා අාච්චිව හෙට ඒහෙට ඒක්ක යන්නම්”

“ඒතකොට මගෙ පුතා හොයාගන්නෙ කොහොමද”අැය ඒසෙ කියද්දි මට දුක සිතුනි අැය තාම හිතන් ඉන්නෙ අැගෙ පුතා අැව හොයන් ඒයි කියාය.

“අාච්චිගෙ පුතා අාවොත් මම කියන්නම්කො”දැන් හොදගන්න යමු”යි මම අැයව බාත්රුම් ඒකට ගෙන ගොස් අැයට අැදගැනිමට රෙද්දක් දි වතුර බෙසමට වතුර ඒකක් පුරවා දි ඒලියට අාවෙමි..මම ඒලියෙ ටැප් ඒකෙන් නා ගතිමි.

★★★★★★★★★★★★★★★★★★★★★★

“අාච්චිගෙ නම මොකද්ද”

“මම සුමනා ළමයො”

“අාච්චිට ඔය පුතා විතරද ඉන්නෙ”

“නැ මට තව කෙල්ලො දෙන්නෙක් ඉන්නවා”

“දැන් ඒයාලා කො”

“මගෙ පුතා විතරයි දුවෙ මාව බලාගන්නෙ...කෙල්ලො හැදුවට වැඩක් නැ උන් නැන්දම්මලා බලා ගන්නවා විතරයි.වදපු මගෙන් උන්ට වැඩක් නැ..මගෙ කොලුවා රත්තරං දැන් අැවිත් අැතිද දන්නැ ළමයො”

“කලබල වෙන්නෙපා අාච්චි අාපහු පුතා ඒන ඒකක් නැ”යි බැරිම තැන කිවෙමි.

“වෙන්න බැ මගෙ පුතා මට ඒහෙම කරන ඒකක් නැ”යි කියද්දිත් අැගෙ අැස් වලට කදුළු පිරෙනවා මම දුටිමි...මට ඒය බලන්න බැරුව ගිය නිසා මම අහක බැලිමි.

“අාච්චිගෙ විස්තර කියන්නකො මට”

“මගෙ ඔය මොන විස්තරයක්ද ළමයො..මම ගොඩාක් අාමාරුවෙන් මගෙ ළමයි තුන් දෙනාව උස් මහත් කලෙ..ලොකු කෙල්ලො දෙන්නයි බාලයා තාමා පුතා..පුතා තාමා මට ගොඩක් අාදරෙන් හිටියෙ..පොඩි කාලෙ හිටන්ම මට අාදරෙයි..කෙල්ලො දෙන්නත් ඒහෙම තමයි. මට ඉතිං මගෙ ළමයිට වැඩිය දෙයක් තිබ්බෙ නැ..මගෙ මිනිහා නැතිවෙලා දැන් අවුරුදු 15ක් වගෙ වෙනවා.උන්දැ නැති වුනාම මම තනිවුනා.ලොකු කෙල්ලො දෙන්නාව දිග දුන්නාට පස්සෙ ටික කාලයක් යනකම් මම ලොකු කෙලි ඒක්ක හිටියා..ඒකිගෙ මිනිහා මහ අමුතුයි..මට අැල්ලුවෙ නැ,ලොකු ඒකිත් මා ඒක්ක ඔරොප්පු වෙනවා..ඉතිං මම ගියා පොඩි ඒකි ගාවට ..ඒකිත් ඉතිං ලොකු ඒකිට දෙවෙනි නැ..මට ඉතිං ඒහෙත් අැල්ලුවෙ නැ ..පුතා මාව ඒයාගෙ ගෙදර ඒක්කන් ගියා ඒයාගෙ ළමයි බලාගන්න කෙනෙක් නැ කියලා..මටත් ඉතිං නිකං ඉදලා පුරුද්දක් නැනෙ මන් ඒහෙ වැඩත් කරගෙන ළමයිත් බලලා දිලා හිටියා..ඒතකොට මට හරි අාදරෙයි ලෙලිත්..මට අසනිප වුනා වැඩක් පලක් දැන් මට කරන්න බැ ..පස්සෙ පස්සෙ ලෙලි මට අැනුම් පද කිව්වා මම පුතා නිසා ඉවසන් හිටියා..කොල්ලා මුකත් කිව්වෙ නැ..පුතා මට අාදරෙයි”යි කියා අැය අඩන්න පටන් ගත්තාය..මට දුක සිතුනි.

“අඩන්නෙපා අාච්චි”

“මමයි මගෙ මිනිහයි ළමයිට උගන්නන්න වෙච්ච මහන්සිය..අද ඒගොල්ලො ඔය තත්වෙ ඉන්නෙ මගෙ මිනිහට පින්සිද්ද වෙන්න..අද මෙවා බලන්න ළමයිගෙ තාත්තා නැති නිසාම හොදයි..මටත් සැනසිල්ලෙ උන්දැ ගාවට යන්න අැත්නම්”යි කියා නිහඩ වුනි..

“මම දන්නවා ඔය ගියාට පුතා ඒනවා මාව හොයාගෙන”යි අැය නැවත කිවාය.

★★★★★★★★★★★★★★★★★★★★★★

පසුදින මම අැයවත් අරගෙන වැඩිහිටි නිවසට ගියෙමි..අාච්චි ඒහි ගියෙ අකමැත්තෙනි..ඒ අැගෙ පුතා අැයව සොයා ඒවියි සිතන බැවිනි.මම අාවොත් මෙහෙට ඒක්කන් ඒන්නම් කියා පොරොන්දු වි අැයව රැගෙන අාවෙමි..මා ගාව අැයව තාබා ගන්න හිත කිවත් ඒය කරන්න අාමාරු බැවිනුත් වෙන කරන්න දෙයක් නැති බැවිනුත් මම අැයව මෙහි රැගෙන අාවෙමි.මෙම මහළු නිවස මගෙ ගෙදර මෙනි.මෙහි ඉන්නාවු සියළු යැඩිහිටි මහළු කාන්තාවන් හො පිරිමින් මට ඉමහත් අාදරයක් දක්වයි..මාත් ඔවුන්ට මගෙ දෙමාපියන්ට සලකනා ලෙස සැලකිමට වග බලා ගත්තෙමි..මෙහි ඉන්නාවු සියල්ලන්ගෙම ජිවිත කාතා මම දනිමි..සමහර අය කැමැත්තෙනුත් සමහර අය මහමග දමා ගොස් කවරෙකු හො මෙහි ගෙනත් දාමා සිටින අයත් තවත් කට්ටියක් තම දරුවන් විසින්ම දමා ගොස් සිටි.මෙවන් දෙවල් නොවන්න මෙවැනි තැන් බිහි නොවෙනු අැති..

මට සිතා ගත නොහැක්කෙ තමන්ව පොඩි කාලෙ අාදරෙන් අැති දැඩි කරන දෙමාපියන්වම පොඩි කාලෙ අාදරෙන් අම්මා තාත්තා කියා අමතා ලොකු වෙද්දි අැයි ඒ අම්මාටයි තාත්තාටයි මෙවන් ඉරනමක් අත්කරන්නෙ කෙසෙද යන්නයි..දෙමාපියන් නැතුව මන් වගෙ දුක් විදින ළමුන් කොතරම් සිටිද,

“තමන්ට දෙමාපියන් සිටියත් අගයක් නැති ළමයි”යි මම මටම කියා ගතිමි.

“මැඩම් මෙ අාච්චිව ………”කියා මම වැඩිහිටි නිවසෙ ලොකු මැඩම්ට විස්තරෙ කිවෙමි.

“හරියටම දන්නවාද පුතා මෙයාව දාලා ගියාද නැත්නම් මෙයාම අාවාද දන්නැනෙ..අපිටත් පොලිසි යන්න වෙයිද දන්නැ”

“නැ මැඩම් මම අාච්චිගෙන් විස්තර අැහුවා..මාත් දැක්කා මෙ අාච්චිව දාලා යනවා”

“ඔයත් දැක්කද ඒහෙනම් ප්‍රශ්නයක් නැ..හැබැයි මොනා හරි වුනොත් සාක්ශි දෙන්න පුළුවන් නෙ?

“පුළුවන් මැඩම්”

★★★★★★★★★★★★★★★★★★★★★★

දින සති ගෙවි ගියත් සුමනා අාච්චි හැමදාම ගෙට්ටුව අසලට ගොස් බලා ඉන්නවා තම පුතා කවදා හො තාමාව බැලිමට ඒයි කියලා..ඒවිට මම ගොස් අැයව සනසා අාපහු රැගෙන ඒන අතර

“ළමයො මෙහෙම ඉමු මගෙ පුතා ඒයිද දන්නැ”

“යමු අාච්චි හෙට බලමුකො”කියා මම අැයව රැගෙන ඒමි.

අැය කොච්චර  බලන් හිටියත් අගෙ පුතා කිසිදා අෑ බලන්න අාවෙ නැත..අැගෙ විස්තර අනුව අපි පත්තරෙ අැඩ් ඒකක් දැම්මෙ මෙ දිවි මංසල වැඩිහිටි නිවසෙ අැය සිටිනා බව, ඒ අැගෙ ළමයෙකු ඒය දැක්කොත් අැය බලන්න පැමිනෙතැයි සිතාය.

තව ඒක් දිනක් අැය ගෙට්ටුව අසල අැද වැටි සිටිනවා මම දැක අැ අසලට දිව්වෙමි.

“අාච්චි” කියා මම අැයට කතා කලත් අැය කතා කලෙ නැත..අැස් දෙකෙත් කදුළු පුරවන් අැස් අැරගෙන අැය මියැදි සිටියාය.අැගෙ අවසන් ප්‍රාර්ථනාවත් අැගෙ පුතා අෑ බලන්න පැමිනතැයි සිතාය.ඒ ප්‍රාර්ථනාවත් සමගම අැය මෙලොව අතහැර ගොස් තිබුනි..මෙහි සිටි කාලය තුල මට අැය ගැන දැඩි සෙනෙහසක් අැති වුනි..මට අැයගෙ වියොව දාරා ගත නොහැකි වුනි..අැය තම ජිවිතයෙ අවසන් කාලය මෙවැනි මහළු මඩමක ගතකර ජිවිතයෙන් නික්ම ගියෙය.

★★★★★★★★★★★★★★★★★★★★★★★

අවුරුදු කිපයක් ගත වි ගියෙය.මාත් දැන් විවාහ වි දෙදරු මවක් වි සිටිමි..මම මගෙ දරුවන්වත් මෙම වැඩිහිටි නිවසට ගෙන ගොස් දෙමාපියන්ට සැලකිමෙ අානිසංස කියා දෙන්නෙ මගෙ දරුවොත් මෙහි ඉන්නාවු වැඩිහිටියන්ගෙ දරුවන් මෙන් නොවෙවායි ප්‍රාර්ථනා කරමිනි..තම මව පියාට දෙවියන්ට වගෙ සැලකිය යුතු බවත් ඔවුන්ව අාරක්ශා කරගැනිම දරුවන්ගෙ වගකිම බවත් මම මගෙ ළමුන්ට කියා දෙන්නෙමි..මොකද දෙමාපියන් නැතිවිමෙ අනිසංස මම හොදාකාරවම දන්නෙමි.

ඒක් දිනක් අප වැඩිහිටි නිවසට මහළු පියෙක්ව අරන් ඔහුගෙ පුතා අාවෙය..පුතා ඔහුව මෙහි දමා ගිය පසු මම ඔහුගෙ විස්තර අසා දැන ගද්දි මට දුක සිතුනි.තාමා සිය මැණියන්ව මහමග දාමා මහ අනොරා වැස්සෙ අතරමං කර දාමා ගිය බව ඔහු කිවෙය..ඒදා තම අම්මාව මහමග දාමා ගිය ඒකෙ ප්‍රථිපලය අද ඔහු විදින බව පසුතැවුනාය..මට ඒය අැසිමෙන් සුමනා අාච්චිව මතක් වුනි..අැයවත් අැගෙ පුතු විසින් මහමග දමා ගිය හැටි මතක් විය..ඒ මිට අවුරුදු ගානකට ඉහතදිය.

“තාත්තාගෙ අම්මාගෙ නම මොකක්ද”යි මම අැසිමි..ඒ අැයද කියා දැන ගැනිමට.

“සුමනා”යි අැසිමෙන් මට මහත් පුදුමයක් වුනි..සිය මවව දාමා ගිය තැනම අද ඔහුටත් ඉන්න සිදුවි තිබිම අරුමය..මලොව දිම කලකම් පල දෙන බව මින් සක් සුදක් සෙ පැහැදිලි වෙ...


නිමි.

ස්තුති..

මම රුවාන්තිකා මදුශානි…..

Hi mama me site 1ta aluth ada idan math nawakatha post karanawa mekata..oyala kamathinam meka kiyawala hodanam comment karanna thawa katha ona nam...thanks


Offline Chanaka

  • Newbie
  • *
  • Posts: 18
  • Reputation Power: 1
  • Chanaka has no influence.
  • Referrals: 0
    • View Profile
Re: දිවිමංසල
« Reply #1 on: October 16, 2018, 03:38:14 PM »
 :clapping:

Offline Mandakini

  • Newbie
  • *
  • Posts: 13
  • Reputation Power: 1
  • Mandakini has no influence.
  • Referrals: 2
    • View Profile
Re: දිවිමංසල
« Reply #2 on: October 16, 2018, 09:37:18 PM »
Wow...  :wow:

Offline යක්ෂ පරපුර

  • Newbie
  • *
  • Posts: 10
  • Reputation Power: 1
  • යක්ෂ පරපුර has no influence.
  • Referrals: 0
    • View Profile
Re: දිවිමංසල
« Reply #3 on: October 24, 2018, 08:24:06 AM »
 :yes: :yes: :yes:

 

GindaraWeb