Author Topic: අහිමි සෙනෙහස  (Read 142 times)

Ireasha chathurangi

  • Guest
අහිමි සෙනෙහස
« on: October 20, 2018, 02:52:41 PM »
කෙටි කතාවක්..........
    (චතු)

අනේ මහාත්තයෝ……..

කොහොම දරාගන්නද……..

අනේ මගේ පුතේ………

අනේ මගේ දරැවෝ………..

මම ඉස්සෙල්ලාම මුණ දැකපු මගේ දරැවා මහාත්තයො…..

 අනේ මගේ දරැවා…….

-------------------------------------------------------------

මට අද වගේ මතකය එ් දවස 1980 ජනවාරි 20 වෙනිදා. මගේ දහසකුත් වේදනාව අතරින් උඹේ හැඬුම් හඬ අැහුනා මට උඹේ හැඬුම් හඬ අැහෙන කොට සත්තයි මගේ හැම වේදනාවක්ම නැති වුනා රත්තරනේ.  එදා ඉඳන් උඹ අපේ ලෝකය වුනා අප්පච්චිගේ පන ටික උඹ අපිට අතමිට සරැවට තිබුනේ නැති උනාට උඹට අපි හැම සැපසම්පතක්ම
දුන්නා රත්තරනේ.උඹේ අප්පච්චි කලේ කුලී වැඩ එත් එ් මනුස්සයා උඹට රජ සැප දුන්නා උඹ ඉස්කොලේ යන්න පටන් ගත්ත දවසේ ඉඳලා හැම දෙයක්ම ඉස්කොලෙට ඕනෙ හැම දෙයක්ම නැ බැ කියන්නේ නැතුව අරන් දුනනේ උඹ හොඳට ඉඟෙන ගත්ත නිසා උඹ හොඳට ඉඟෙන ගන්න කොට අපේ විස්වාසය අපතේ යවන් නැතුව 5 වසර විභාගය හොඳට ඉහලින්ම සමත් උනාම අපි දෙන්නා හීන මැව්වා රත්තරනේ උඹව රජෙක් කරන්න.
                    අපි හිතපු නැති වෙලාවක උඹේ නංගි අපි අතරට අවාම උඹට දැනුනෙ රටක් රාජ්‍යක් ලැබුනා වගෙ උඹ එ්තරම් සතුටු වුනා එ් තරම් පන අැරලා උඹ නංගිට අාදරේයි.ටික ටික ලොකු වෙද්දි නංගි උඹේ ලෝකයම වුනා.
පුතේ මතකද උඹ ඉස්කොලේන් ට්‍රිප් එකක් ගිහින් එනකෙට නංගිට හොදටම උණ එ් උඹ නැති සාංකාවට මයේ පුතේ එකිටත් උඹ නැතුව දවසක් නෙවෙයි එක තප්පරයක් ඉන්න බෑ මගේ දෙයියෝ.
                අපේ පෙර කරැමයක් පඩිසන් දුන්නා වගේ අප්පච්චි පලංචියකින් වැටිලා නැති වෙද්දි උඹට අවු14 පිරැනා විතරයි මගේ පුතේ.පුංචි නංගිවයි උඹවයි රැක ගන්න අනුන්ගේ ගෙවල් වල මම වලං හොදද්දි පොඩි කමට උඹ කිවුව දේ තාම මට මතකයි පුතේ..

මට හිතේනවා අම්මේ ඉස්කොලේ ගමන නවත්තලා රස්සාවක් කරන්න……

එතකෙට අම්මට නංගිව බලා ගෙන ගෙදර ඉන්න පුලුවන්…….

උඹට පිස්සුද ලොකු……

මගේ අැගේ තාම හයිය තියනවා උඹලට කන්න දෙන්න……

එත් අම්මේ…….නංගි මේහෙ තනියම ගෙදර
අම්මා ගෙවල් ගානේ ගිහින් දුක් විදිනවා
මට බලං ඉන්න බෑ අම්මේ…….

උඹ එදා පුංචි අැස් දෙකට කඳුලු පුරවන් කියද්දි උඹ වගේ දරැවෙක් මම මගේ බඩෙන් වැදුවා කියන්න මට අාඩම්බර හිතුනා රත්තරනේ…
කාලයාගේ අැවැමෙන් උඹ නංගිගේ අයියා විතරක් නෙවෙයි මේ ගෙදරට අප්පච්චිත් වුනා.උඹ O/L චිභාගයට පාඩම් කරන ගමන් අපි දෙන්නව ජීවත් කරවන්න හවස් වරැවේ පුංචි පුංචි රස්සාවල් කලේ මේ අම්මා දුක් විදිනවා බලන් ඉන්න බැරි නිසා කියලා මම දන්නවා පුතේ සමහරක් දවස් වලට කුලී වැඩ වල අත් උදව් දෙන්න උඹ ඉස්කොලේ නොගිය බව මම දන්නවා රත්තරනේ. එත් උඹ කවදාවත් මට ඉස්කොලේ දෙමව්පියන් අතර දෙවෙනි තැනට වැටෙන්න  ඉඩ දුන්නැ උඹ ගැන ගුරැවරැ මහ උජාරැවෙන් කතා කරද්දි මගේ ඉහේ මල් දාහක් පිපුනා මයේ පුතේ….

උඹේ කරැමෙට වෙන්න අැතිි දරැවෝ උඹ O/L විභාගේ ලියලා ඉවර වුන හැටිය මම ලෙඩ අැඳට වැටුනේ  උඹ විභාගේ ලියලා ගෙදර නැවතුන පාර අායි ඉස්කොලේ යන්න අැත්තේ උඹේ අස්විම ගන්න වෙන්න අැති.එදා ඉදලා උඹ  නැහුනේ මගේ බෙහෙත් වලට සල්ලි හොයන්නයි.උඹේ මැනිකට උඟන්වන්නයි උඹ මහ දුක් කන්දක් ඉහිලුවා මගේ පුතේ
අවු 20 ක්වත් නැති උඹේ අත්දෙක මහ මොරපු මිනිහෙක්ගේ වගේ ගොරොසු වෙද්දි මේ අම්මාගේ හිත පිච්චුනා රත්තරනේ.
  දවසක් නංගි අඬ අඬා උඹේ අත්දෙකේ තෙල් ගානවා දැක්ක මේ අම්මාගේ   හිතට මොනවා හිතෙන්න අැද්ද.මට මැරිලා යන්න හිතුනා මගේ දෙයියො.

       උඹලා දෙන්නට දෙන්නා පන අැරලා උඹ හම්බකරන හැම සතේම පුංචි එකි වියදම් කලේ මසුරං වගේ.උඹ දන්නැ එකි එකිගේ බත් පත උඹට තියනවා උඹ මහන්සි වෙලා එන්නේ උඹට හොඳට කන්න ඕනෙ කියලා එහෙවු නංගි කොහොමද පුතේ අද දරා ගන්නේ

මේක හරියන් නැ අම්මේ මම අමි එකට බැදේනවා…..

පුතේ………..

ඔව් අම්මේ දැන් 18ත් පහුනේ…….

අපිට මේහෙම   ජීවත් වෙන්න බෑ……..

අනික පොඩ්ඩිට හොදට උඟන්වන්න ඕනෙ…….

ඔයාට පිස්සුද අයියේ……..

යුද්දේ දැන් දරැනුයි…….

පත්තර බලනවනේ විස්තර දන්නවනේ……

නැ නැ ඔයා යන්නැ……..

අපි පිච්චිලාම මැරේයි…..

ඔයා යන්නැ එච්චරයි……..

උඹට මතකද පොඩ්ඩි උඹ එක්ක රංඬු වෙච්ච හැටි කොමහරි උඹ ජය ගත්තා. මතකද එදා උඹ ගෙදරින් යන දවසේ පොඩ්ඩි අඬපු විදිය නැ උඹට මතකනැ දෙයියො එකනේ අද උඹ මෙහෙම අාවේ.එදා උඹ ගිය දවසේ ඉදලා පලවෙනි නිවාඩුවට ගෙදර එනකන් එකි හැමදාම පන්සල් ගියා උඹව අාරක්ෂා කරන්න කියලා බෝධි පුජා තියන්න නිවාඩු ඉවර වෙලා අාපහු උඹ ගියාම එකි අායි පංසල් යනවා..

ඔහොම කාලේ ගෙව්ලා ගියා එකි මහ ලොක්කියක් නෙවෙයි එත් එකි උඹ එවන හැම සතේම පරිස්සං කලා උඹ මරැ කටට ගිහින් හම්බ කරනවා කිය කියා උඹට පිං සිද්ද වෙන්න මට අායි පොලවේ පය ගහලා අැවිදින්නත් පුලුවන් වුනා ලොකු පුතේ….
රේඩියෝවේ අසුභ අාරංචියක් කියපු හැටිය උඹේ නංගි උඹේන් Call එකක් එනකං  වතුර උඟුරක් බොන්නැ පුතේ එකිගේ අැගට ලේ ටිකක් උනන්නේ උඹේන් Call එකක් අාවාම

         දන්නවද පුතේ පෙරේදා එකිගේ A/L රිසාල්ට් අාවා උඹ හිතපු විදියට එකි විභාගය ඉහලින්ම පාස්.රත්තරනේ මං දන්නවා උඹ තරම් සතුටු වෙන කෙනෙක් මේ ලෝකේ  කෙහෙවත් නැ එක උඹ දැකපු එකම හීනේ නේද.එ උඹ එකිගේ අයියයි තාත්තයි දෙන්නම නිසා.එකි ඉවසිල්ලක් නැතුව හිටියේ පුතේ උඹේන් කොල් එකක් එනකං අාරංචිය උඹට කියන්න.එත් එකිට එක  කියන්න හම්බවුනේ නැ මගේ දෙයියො.
 
අද උදේ ජිප් එකකින් අාපු මහත්තයේක්

ගෙදර කවුද……

මහත්තයෝ……..

අම්මේ මේ සුනන්ද තාරකගේ ගෙදරද…..

ඔව් මහත්තයෝ……

අම්මා විතරද ගෙදර ඉන්නෙ……..

නැ මහත්තයො අැයි පුතාගේ නංගි…..

තව කවුද අම්මේ ගෙදර ඉන්නේ …….

මයි දුවයි විතරයි මහත්තයෝ……
 
දුව කෝ දැන්………..

දුව ඉස්කොලේට ගිහින් එන්න ගියා මහත්තයෝ එකි විභාගේ ඉහලින්ම පාස්නේ.

දැම්ම එයිද අම්මේ…..

දැන් එයි මහත්තයෝ……

අම්මේ සුනන්දගේ තාත්තා නැද්ද…

නැ මහත්තයො දැන් සෑහෙන කල් උන්දෑ නැතිවෙලා….
පුතා තමයි මහත්තයො තාත්තා වගේ දැන් අපිව බලා ගන්නේ….

අම්මා සුනන්දගේ නංගි එන්න පරක්කු වෙයිද..

අර එන්නේ මහත්තයො…..

නංගි අපි ඔයා එනකං හිටියේ අපි පොඩ්ඩක් එලියට ගිහින් කතාකරමුද…..

මිඳුලට ගිය නංගි එකපාරටම කලන්තේ දාලා වැටුනා මයේ පුතේ එ් මහත්තයලා අැවිල්ලා තිබුනේ පෙරදා වුන ලොකු සටනකින් උඹ අපිව දාලා ගිහින් කියන්න මගේ රත්තරනේ එදා උඹ නිවාඩු අැවිත් යනකොට නංගිට කිව්වානේ පරිස්සං වෙනවා අයි ඉක්මනට එනවා කියලා මේහෙම පෙට්ටියෙන් එන්නද මගේ පුතේ උඹ ගියේ. අපි කොහොමද රත්තරනේ ඉවසන්නෙ.මේ අම්මට සමා වෙයන් මගේ දෙයියෝ.මගේ රත්තරං පුතේ උඹ මහ මෙරක් දුක් වින්දා අපි හින්දා. උඹේ පොඩ්ඩි පොළවෙ පස් කනවා මගේ දෙයියෝ අායි වරෙන් මගේ රත්තරනේ අම්මේ පොඩ්ඩි කියන් ගෙට ගොඩ වෙයන් මයේ පුතේ…..උඹ මේ ගෙදර පහන උඹේ පොඩ්ඩිගේ පන ටික එකි කොහොමද රත්තනේ දරා ගන්නේ එකිගේ පපුව පැලේයි මයේ අම්මා අායි වරේන් මයේ දෙයියෝ….

අන්තිම පාර නිවාඩු අැවිත් යද්දි මතකද නංගි උඹේන් අැහුවා...

අයියේ ඔයාට කවදාවත් බය හිතිලා නැද්ද

උඹ හිනා වෙලා කිව්වා

පිස්සුද පොඩ්ඩි අපි සිංහයෝ …..අපි කේසර සිංහයෝ
සිංහයෝ කාටද බය….

අැත්තම උඹලා සිංහයෝ මගේ පුතේ මේ රටට  මේ පොළවට උඹ ණය නැ මයේ දෙයියෝ උඹව වැදුවට මේ අම්මට අාඩම්බරයි මගේ රත්තරං පුතේ….

නිමි………..

අැත්තටම මේ වගේ අම්මලා මේ වගේ නංගිලා මේ රටේ කීයක් අැද්ද. මේ වගේ අම්මලා කරපු කැපකිරිමට ස්තුති කරන්න  අපට වචන මදි. ඔයාට මට අපේ දරැවන්ට නිදහස් රටක් දෙන්න අපේ රණවිරැවො කොතරම් කැප කිරිමේ කරන්න අැද්ද.

අමතක වෙන්නෙ නැ නුඹලගේ එ් කැපකිරිම්
අමතක කරන්නෙත් නැ අපේ හඳවත් ගැහෙන කල් මේ පපුවල් වල හුස්ම වැටෙනතාක් කල්  #සත්තයි     
                            #අාදරෙයි #හැමදාම

 
 


                                   චතු………..

Offline Mandakini

  • Newbie
  • *
  • Posts: 13
  • Reputation Power: 1
  • Mandakini has no influence.
  • Referrals: 2
    • View Profile
Re: අහිමි සෙනෙහස
« Reply #1 on: October 20, 2018, 03:05:26 PM »
 ;-(

Offline sajan

  • Newbie
  • *
  • Posts: 5
  • Reputation Power: 1
  • sajan has no influence.
  • Referrals: 0
    • View Profile
Re: අහිමි සෙනෙහස
« Reply #2 on: October 20, 2018, 07:23:55 PM »
Keep it up..  :yes:

Offline යක්ෂ පරපුර

  • Newbie
  • *
  • Posts: 10
  • Reputation Power: 1
  • යක්ෂ පරපුර has no influence.
  • Referrals: 0
    • View Profile
Re: අහිමි සෙනෙහස
« Reply #3 on: October 24, 2018, 08:21:41 AM »
 ;-( :yes: :yes:

 

GindaraWeb