Author Topic: ####*""""""ඉ""""""####  (Read 113 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
####*""""""ඉ""""""####
« on: October 22, 2018, 02:19:26 PM »
#කෙටිකතාව......
####*""""""ඉ""""""####
ආරෑඩ බ්‍රහ්ම ලෝක 32 න් එකක් වන
#පෘථිවි යේ......
( සමස්ථ මිනිස් වර්ගයා හා ලෝක 31 කම අභිබවා යාමට උත්සහ දරණ වර්ණවත්ම ලෝකය )
පිහිටි
#සිරිලoකාදීපය .....
(පෘථිවිය තුල පිහිටි බලවත්ම හා විශාලතම රාජ්‍ය හා අධික ජනගහනය නිසාත් පරමාණු,න්‍යෂ්ටික ශක්තිය පවා ප්‍රයෝජනයට ගන්නා ලොව දියුණුතම රාජ්‍ය)
#අනුරපුර ප්‍රාන්තය ......
(තුන් නමක් බුදුවරැන්ගේ දාතූන් සමග ගෞතම බුදුන්ගේ ද නැලියක් දාතු තැම්පත් කර ඇති විශ්වය හරහා ගමන් කල හැකි දොරටුවක් සහිත ලොව බලවත්ම ස්ථානය ස්වර්ණමාලි චෛත්‍ය පිහිටි අනුරපුර ප්‍රාන්තය සිරිලoකාදීපයේ විශාලතම ප්‍රාන්තය වේ ,

එහි විශාලත්වය මෙලෙස කියවමි
🌴.වනාත්තර දෙකකින්
🌴.එක කාන්තාර භූමියකින්
🌴.අධිවේගී මාර්ග පද්ධති
🌴.අහස සිඹින ගොඩනැගිලි
🌴.සුන්දර මුහුදු වෙරලක්
🌴.ගුවන් තොටුපලක්
🌴.ප්‍රධාන රෝහල් හතරක්
🌴.න්‍යෂ්ටික පර්යේෂණ ප්‍රදේශයක්
මෙතැන් පටන් සිදුවන්නේ
එම ප්‍රාන්තය තුල ජීවත් වන ජීවිත තුනක් වටා ගෙතෙන ඔවුන්ගේ කතාව

.....''''ඉ''''....

සීරැවෙන් සිටින්....
පහසුවෙන් සිටින්...

සීරැවෙන් සිටින් ...
භට පිරිස .....
විසිර යා....

අපේ කෝච් අපිව රාජකාරියෙන් නිදහස් කරා උදෑසනම ,
ලමායි එහෙනම් ගෙනියන්න ඕන බඩු සෙට් එකත් අරන් එන්න, 10:32am වෙනකොට බස් එක එනවා ඔයාලව ගන්න,
.වෙලාව නම් වෙලාව , කණ්ඩායමේ විස්තර පුවරැවේ දාලා ඇති ඒවාට ආයේ කාටවත් බලපෑම කරන්න බෑ
එහෙම කියලා කෝච් එලියට යනවත් එක්කම කට්ටිය දිව්වේ කණ්ඩායම් සටහන බලන්න . එකවරම අයෙක් පවසා සිටියේ

සෑ වාව් ....
කණ්ඩායම් නායක
නවෝදායා ‍රැවන්ති ගුණසිංහ

මචෝ මේ පාරත් නායක කම උබට හම්බෙලා තියෙන්නේ එල එල
හැම තැනකම වගේ සල්ලිකාර කෙනහිලන්, වෛරක්කාරයින් වගේ ඉස්කෝලේ පොඩි කාලේ ඉදලම ආපු මගේ වෛරක්කාරී භාග්‍යා එකවරම මගේ ඇගට කඩා පැන්නේ

එයි තක්කාලි නහය මේ පාර මම කියන විදියට තෝ ඉදපන් ,
අවජාතක බැල්ලි උබට විතරක් කෝමද හැම පාරම නායක කම හම්බෙන්නේ ???

මේ අහපන් භාග්‍යා ඒක තීරනය කරන්නේ කෝච් සර් නේ,
මම නෙමෙයි උබට ඔච්චරම අමාරැනම් අහගනින් කෝච් සර්ගෙන්ම මාත් එක්ක එල්ලෙන්න එන්න එපා ,

බලපන්කෝ අවජාතක හැත්තගේ කට

මොකක්ද උබ කිව්වේ ? මේ අහපන්
මගේ තාත්තා මැරැණේ මගේ අම්මා බදින්නත් කලින් උබට ඒ සෙනෙහස අවජාතක කම උනාට ,
මේක මතක තියාගනින් කවදා හරි උබටත් ඔය වචන විදවන්න වේවි ..

පලයන් පලයන් පව් නොදී තක්කාලි නහයා,

යනවා තමා ,
මෙන්න මෙහේ වරෙන් නවෝද්‍යා .

කියලා මගේ යාලුවත් එක්ක කැම්පස් එකෙන් යන්නට සැරසුනේ අපිට 10:30am වෙනකොට නැවත පැමිණිය යුතු නිසා ,
ආ අමතක උනානේ මම
# නවෝද්‍යා රැවන්ති ගුණසිoහ

අපේ කැම්පස් කැඩෙඩ් ටීම් එකේ නායිකාව වගේම ,දිගු දුර විහිදුම්(වෙඩිතැබීමේ) තරග අoශයේ මෙවරත් ටීම් එකේ ප්‍රධාන නායිකාව ,
ඔව් කෝච් සර් බලාපොරොත්තු වෙන්නේ මෙවර අපි ගෝල්ඩ් මෙඩල් එකකටම යයි කියලා ඉතින් ඒ තරග වලට යන්න අපි දහය වෙද්දී ලෑස්තිවෙලා එන්න ඕන ,

එකයි මේ තකහනියක් කැම්පස් එකෙන් එලියට ආපු මම මගේ මිතුරියත් සමග අධිවේගී මාර්ගයේ පදික තීරැවේ ගමන් කරන ගමන් ....මගේ දුරකතනය නාද විය ....
අම්මා ....... හෙලෝ ....අම්මා....

ඔයා හොස්පිටල් එකට එනවද ?
ගෙදර ගිහින් එහෙම්මම යනවාද ?

හ්ම්ම්ම් .......කියන්න විතරයි හම්බුනේ පැයට කිලෝමීටර් 150ක විතර ස්පීඩ් එකෙන් ආපු අවුඩි කාරයක්
පාලනයකින් තොරව හයිවේ එකෙන් පිට පැනලා එහා පැත්තේ පදික තීරැවත් පන්නාගෙන බිල්ඩිමක ගැටීම සිදු උනේ

ඩාර්ර්ර්ර්ර්ර්ර් ඩාස් මගේ ඇස් ඉදිරිපිටමය ,

ක්ෂනිකව පෝන් එක සාක්කුවේ දමාගෙන මන්තීරැ 8යුක්ත අධිවේගී මාර්ගයේ වාහන ද නොතකා අනතුර සිදු වූ ස්ථානයට දිව ගියේය,
ඔව් මට ලොකු අමාරැවක් තියෙනවා ඒ තමා ඇක්සිඩන්ට් එකක් දැක්කොත් අතාරින්නේ නෑ කොම හරි මැදිහත් වෙලා එක ජීවිතයක් හරි බේරගන්න පුලුවන්නම් මම මැදිහත් වෙනවා,

වෙන එකක් නිසා නෙමෙයි මම ඉපදෙන්නත් කලින් අපේ තාත්තා ඇක්සිඩන්ට් එකක් වෙලා නැතිවෙලා තියෙන්නේ ,
මට තාත්තා අහිමි උනාට තව කෙනෙක්ට එහෙම වෙන්න දෙන්නේ නැ එකයි මගේ හිතේ තියෙන එකම අධිෂ්ඨානය ,

අවුඩිය ඉස්සරහ චුරැ වෙලා රියදුරා විතරයි ස්පීඩ් එක වැඩි කමට එයාර් බැලුමත් පුපුරලා සුක්කානමට රියදුරැ ගේ පපුවටම හිරවෙලා ,
අපේ අනුරපුර මිනිස්සු හරි වෙනස්ම ජාතියක් ,

අවුඩියක් නිසා වටවෙලා හිටිය ගොඩක් අය
තමන්ගේ ඇන්සොලීඩ් දුරකතනය අතට ගෙන මේ සිදුවිම වීඩියෝ කරනවා ,

මම හිතන්නේ දැන් ගොඩක් උන්ට තියෙන අමාරැවක්, මම තමා පලවෙනියටම මේක මුහුණු පොතට දාන්නේ කියන එක

තව අය ඒ අවුඩියට උප්පැන්න දෙනවා

ඔය මැණික් ආකරයේ වාහනයක්
ප්‍රධාන පක්ෂයේ වාහනයක්
කුඩු ජොකාගේ වහනයක්
තව අය
හම්මෝ 110 ගැහැව්වා නේ ඔව්වා පොලිස් කේස් අත දාලා සාක්කි දෙන්න යන්න බෑ තව ටිකකින් පොලීසිය ආවාම බලා ගනී

මේ විදිහේ හිඟන කතා ඇහෙද්දී අපේ ජාතියේ පිළිකුලක් ඇති වී තූ යැයි සිතා ,
හොදින් ඒ දෙස බැලූ මට තේරැනේ පැති දොර කන්නාඩිය බිඳ රියදුරැ එලියට ගත හැකි බවයි එහෙත් වීදුරැව අතින් කැඩිය නොහැකි බව මා හොදින්ම දන්නා කරැණකි ,

නෙත ගැටුනේ පදික තීරැවෙන් එපිට තිබූ වෙළඳසැලක කුඩා යකඩ පුවරැවක් වෙත,
ඉක්මනි දිව ගොස් එය රැගෙන,
වාහනයේ පැති දොර ජනේලයට වැරෙන් පහරවල් කිහිපයක් එල්ල කොට එහි වීදුරැව බිඳ දමා බොහොමත්ම පරිස්සමට රියදුරැ එලියට ගන්නකොට ඒ ඇස් වල තිබුනේ මට ස්තූතියි කියන බැල්මක්,

එතැනට පැමිණි ඇම්බියුලන්ස් රථයට ඔහුව දමාගෙන රැගෙන ගියේ මගේ මව රැකියාව කරණ රෝහල වෙතටමයි
රෝහල් භූමියේ සිට හදිසි ප්‍රථිකාර ඒකකයටම ගිය මම එහි ඉදිරි දොරටුවේ නවතින්න සිදු විය විනාඩි 30 පමණ පසුව උපරේෂන් එකෙන් එලියට පැමිණි අම්මා ....

අම්මේ ලෙඩාට කොමද ?

එයාටනම් තව පැයකින් විතර සිහිය එයි ඊට පස්සේ තමා අපිට තීරණය කරන්න වෙන්නේ තව පොඩි පොඩි උපරේෂන් ටිකකින් සුව වෙයි
දැන් එතකොට වෙඩි තියන තරග වලට යන්නේ නැද්ද ?

හුටා ඉබේටම මට කියවිය ,

එවලේම අම්මව තුරැල් කරන් සමුදුන්නේ මට ඇති අවසාන ප්‍රාණය ඇය නිසාවෙන් ඇගේ ආශිර්වාදය මට නොඅඩුව ලැබෙන නිසාමය,

හරි හරි ... කියලා විගහට දුවගෙන ආවේ පාසල් බසය එන වෙලාවට නොගියොත් මාව දාලා යනවා කියන එක හොදවාකාරයෙන්ම දන්නා දෙයකි,

එයි ඔහොම හිටපන්..... හිටපන්...

උබ මොකද මෙහේ ??

ඈ යකෝ නවෝ උබට ඇක්සිඩන්ඩ් එකක් දැක්කාම වයින් වෙනවනේ උබ බෑගයත් දාලනේ යකූ ඒ වෙලාවේ දුවගෙන ගියේ .

හා ඔව්නේ යමන් යමන් යන්න පරක්කුවෙනවා ,

ඇත්තටම උබට මොකක්ද නවෝ ඔය ඇක්සිඩන්ට් එකක් දැක්කාම වෙන්නේ ??

නෑ බන් උබ දන්නවනේ මගේ තාත්තා ඇක්සිඩන් වෙලා තියෙන්නේ අම්මට ආදරේ කරන කාලෙදීමයි ,
අම්ම වෙන කසාදයක් කරගන්නේ නැතුව ම තාත්තගේ වාසගමවත් මට දෙන්න විදියක් නැතිව සියගේ වාසගම දීලා තමා මාව මේ තත්වෙට ලොකුකරේ

ඉතිම් ?
ඉතින් මම කැමති නෑ තව අම්මෙකුට පුතෙක්වත්
දරැවෙකුට තාත්තෙක්වත් අනතුරකින් නැතිවෙනවට ඒ නිසා මට පුලුවන් විදියට උදව් කරනවා

හම්මේ හා දැන් එතකොට ජීවිත කීයකට විතර උදව් කරලා තියේද ?
මේකත් එක්ක මම හිතන්නේ තඩී..... දහනමය

හම්මෝ හරිනම් උබට සම්මානයක් දෙන්න ඕන .
ඔව් ඔව් එතකොට අර ඊයේ ආපු කොල්ලා මතකද ?
ඔව්
ආ මම අහන්න හිටියේ ඒ කොල්ලා උබේ කකුල් වදින්න ගියේ ?

ඔව් බන් දැන් දවස් හතරකට උඩදී එකා හොදටම බීලා යාලුවෝ එක්ක මම පන්ති ඉවර උනාම පයිම්මනේ යන්නේ ,
එක පාරටම මාකට් හෝල්ඩ් එක පහු කරලා ෆුඩ්සිටි එක ගාව වැදුනා ප්‍රාඩෝ කාරයෙක්ගේ වාහනේ පිටිපස්සේ බයිසිකලය කුඩේ කුඩු,
මම දුවගෙන ගිහින් බැලුවාම ඌට නම් කියන්න අවුලක් නෑ ඇස් අරින්නවත් පණ නෑ බීලා,

අනිවා මේකට පොලිස් කූඩුවේ ඉන්න වෙන නිසා දුවලා ගිහින් සමහන් පැකට් තුන හතරක් ගෙනත් බලෙම්ම වගේ නාඩියට කවලා හොස්පිටල් එක්ක ගියේ,
හොද වෙලාවට අම්ම හිටියේ මම අම්මට සේප් එකේ කියලා දැම්මා සමහන් කැව්ව බව,
ඒක නිසාම,
බීමතින් රිය පැදවීම චෝදනාවෙන් පොරව නිදහස් කරගත්තා ,

ඒකේ හරි වැරැද්ද ඌට දැන් තමා තේරිලා තියෙන්නේ මට ස්තූති කරන්න ඇවිල්ලා තියෙන්නේ ආයේ බොන්නෙත් නෑ කිව්වේ ,
මට පව් කියලා හිතුනා ජහ ජරාව කටේ තියලා මුන් විහින්නේ බන් මුන්ව නැති කරගන්නේ .....

හ්ම්ම්ම්ම් .

කතාවෙන් කතාව ඔන්න තැනටම ආවා
ඔව්නේ කස්ටිය වෙලාවටම ඇවිල්ලා ,

🚌🚌.........

ඕපපාතිකයන්ට නායක කම දුන්නාම තරග නෙමෙයි දිනන්න වෙන්නේ .....

මේ භාග්‍යා මේක දැනගනින් උබේ තාත්තා ආණ්ඩුකාරවරයා උනාට උබල කන්නේ අපි බදු ගෙවන සල්ලි වලින් වගේම ඔය කටෙන් කරන අපහස වලට දවසක උබට විදවන්න වේවි

පලයන් යකෝ යන්න අපි උපතියෙන්ම සල්ලි කාරයෝ තොපි වගේ හිගන්නෝ නෙමෙයි ,
මට සැක කෝච් ගෙයි උබෙයි ....

ඔව් ඔව් භාග්‍යා කෝච්ගෙයි ???

සර් ??? මම මම කිය..........න්න.... කියන්න

මොකො තටමන්නේ දැම්මම භය වෙලාද ?
නගිනවා නගිනවා බස් එකට
ලමයි........
නවෝදායා ඔයා තමා ටීම් ලීඩර්
මේ18 දෙනා ටම,

ගමන පැය 15 විතර යයි , රන්ඩු කරගන්නේ නැතිව පරිස්සමෙන් යන්න හෙට උදේට මාත් මැඩමුත් ෆ්‍ලයිට් එකේ එන්නම්

ඔකේ සර් ......කෝච් සර්ට සියල්ලම ආචාර කර බසයට ගොඩවිය පැය කිහිපයක් සoසුන්ව ගමන් ගත්තේ ය, තඩී එක පාරම මට පිටිපස්සේ සීට් එකෙන් නැගිට යටිගිරියෙන් ...
නවෝ ..........

#ජුලියන්සිoහ රේස් එක බන් අද

ඔව් බන් මම දන්නවා මම බලන ගමන් ඉන්නේ ඉයර්ෆෝන් එක කනේ ගහගෙන නිසා ශබ්ධය ඇසෙන්නේ නෑනේ කාටවත්
#ජුලියන්සිoහ රේස් එක කියන්නේ මුලු #සිරිලoකාදීපය පුරාම ඉන්න සුපිරි රේසින්ලා තරග වදින තරගයක් ඒත් මට නම් දන්න කියන කාලේ ඉදලා හැමදාම රේස් එක මොනා හරි දෙයක් නිසා මිස් වෙනවා ,

අදත් එහෙමයි මේ #නැෂිනල් ෂූට් තරගය නිසා මිස් උනා .....
කල්පනා ලෝකෙන් මිදුනේ ආයෙමත් තඩීගේ ගොරහැඩි කට හඩ නිසා,

නවෝ මේ පාර කවුරැ වින් කරයි ද කියලා කින්ඩියට වගේ මගෙන් ඇහැව්වාම ,
හැමදාම වගේ ඉතින් මේ පාරත් මගේ සුපිරි ඩ්‍රැයිවර් # ඉන්ද්‍රජිත් තමා
දැනටම බලහන්කෝ

වට 25 යද්දීම විනාඩි 2ක ලීඩ් එකකින් ඉන්නේ කොහේ අල්ලන්නද මගේ සුපර් රනර් තමා මේ පාරත්,
විනර් කෙල්ලේ විනර් ......
#ජූලියන්සිoහ කුසලානයේ
ඇක්සිඩන්ඩ් එකෙන් අවුරැදු පහකට පස්සේ මේපාර ඇවිත් තියෙන්නේ ඉන්ද්‍රජිත් ,
දින්නොත් ජුලියන් කුසලානය 10 වරක්ම දිනා ඇති නිසා මින් ඉදිරියට ඔහුට ගෞරවයක් වශයෙන් එය # ඉන්ද්‍රජිත් 🏆 කුසලානය නමින් ඉතිහාසය ගතවෙනවා
🚌🚌🚌🚌🚌🚌,
,,,,,, නැවත ගැස්සී ගියේ ඩ්‍රැයිවර් අoකල් ගේ නිවේදනයෙන් ....

පොඩි නොනලා දැන් ඔය අතේ තියෙන පෝන් ඕෆ් කරගත්තනම් හොදා මොකද අපි දැන් ඉන්නේ
🌴.න්‍යෂ්ටික පර්යේෂණ ප්‍රදේශය තුලයි
(පිටසක්වල ජීවී පරීක්ෂණ වලින් ,පරමාණු තාක්ෂණය වැනි ක්‍රියා නිසා කිසිදු ඉලෙක්ට්‍රොනික් උපකරණ ක්‍රියා නොකරන අතර සන්නිවේදන , සාමාන්‍ය සිග්නල්, සම්බන්ධතාවයන් සියල්ල ම බ්ලොක් කර ඇත, )

හයියෝ අදත් චික් මදැයි දැන් ඉතින් කියලා පෝන් එක ඕෆ් කරගන්නකොට වේලාව සටහන් උනේ 2016:09:21 ⏰ ප:ව,1:08
හ්ම්ම්ම් හොද ඇලට් එකක් තමා දාගෙන යන්න වෙන්නේ
පුත්තලම් ප්‍රාන්තය ට ඉක්මනින්ම යා හැකි අධිවේගී විකල්ප මාර්ගයක් වන මෙම මාර්ගය මුහුදු මට්ටමේ සිට අඩි 70 ත් 100 අතර උසකින් යුක්තය , පහලට ගල් තලාවක් දිගේ දිවෙන බෑවුමක් සහිත පාරකි,
හා හූවක් නැතිව පැයට කිලෝමීටර් 100--150 ගියපු බස් රථය එක පාරම ඩෝo....😲
යැයි විශාල ශබ්ධයත් සමග බසය මුහුදු පැත්තට බර විය,

සියල්ලන්ගේම මර හඬ සමගින් බෑවුමෙන් පල්ලෙහාට කැරකී වැටෙද්දී බසය තුල වූ ගිනිනිවන බිමට වැටි එයින් නැගුණු දුමාරය නිසා හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් සියල්ලටම පියවි සිහිය අහිමි විය ,
🛑🛑🛑🛑🛑🛑
🚗🚗🚗🚗🚗🚘🚕️🚖🚕️🚖🚕️🚖🚕️

2016:09:21 .
.වේලාව උදෑසන 5 යි, .......වසර පහකට පසුව මගේ අනතුරින් පසුව තරග වදින පලමු තරගය වගේම අවසාන තරගයද මෙය වනවා එයට හේතුව

#ජුලියන්සිoහ මහත්මාගේ ශූරතාවය මෙතෙක් සම කර ඇති හා මෙම තරගයෙන් ජය ලැබුවහොත් ,තරගාවලිය ජය ගෙන ඇති වාර ගණන වැඩි නිසා එතැන් පටන් මෙම කුසලානය මගේ නම්න් ඉතිහාස ගත වීම සිදු වනවාය,

උදෑසනම ස්නානයෙන් පිරිසිදුව සුදුවතින් සැරසී මනස එකලාසුවක් කර ගැනීමට ස්වර්ණමාලි චෛත්‍යය භූමියේ රැදී සිටිමින්,
ජලනන්දන පිරිතෙන් සවන් පුරවමින් හිරැ උදාවත් සමගම නැවත මගේ නිවසට පැමිණි විට ,

එහි මාගේ මිතුරෙකු හා නීතීඥයෙකු වන නැදුමාරන් ය ,
(හප්පා කඩඋලේ ඉන්නික්කි දා අන්ද නාල් )
හප්පේ දෙයියෝ ...අද තමා ඒ දවස

(නැදුමාරන් කොන්ජ ඉරින්ග ...)
නැදුමාරන් පොඩ්ඩක් ඉන්න

එතකොට ම එතැනට පැමිණියේ මගේ සහයක රියදුරැ මෙන්ම වෛද්‍ය යසෝම රත්නපාල මහතාය ,
ඔව් මෙම #ජුලියන්සිoහ කුසලානයේ තරගයට රියදුරැ මෙන්ම සහයකයෙකුද සම්බන්ධ වීම අනිවාර්යයි.....

යෙහෙනම් ඉන්දා මම ගිහින් තමා එන්නම්,,
හරි මම වෙනුවෙන් කරපු ,කරන හැමදේටම ස්තූතියි 🙏 ....

එහෙම කියලා නැදුමාරන්ට සමු දීලා තරගයට යන්න මාත් සහයක රත්නපාලත් පිටත් විය ......

⏰ වේලාව උදෑසන 8:37 යි ....

ඉන්ද්‍රා බලාගෙන අපිව පහු කරගෙන ගියේ අවුඩි වර්ගයේ කාරයකි ,
වැඩක් නෑ රත්නපාල මුන් බත් කන හරක්නේ පාරේ යන්න දන්නෙත් නෑ කියලා කට ගන්න හම්බුනේ නෑ වේගය පාලනයකින් තොරව අවුඩිය පාරෙන් පිට පැන ගොඩනැගිල්ලක වැදී නතර විය ,,,,

එතෙක් මා විටින් විට සිහිනයෙන් දකින සමනලයා මගේ ජනේලය තුලන් ඇතුලු වී රත්නපාල සිටි පැත්තේ ජනේලයෙන් පිටව ගියේය ,
රත්නපාල සමනලයා කියා ගන්න විතරයි හම්බුනේ ,

වැඩක් නෑ අපි 9:48 වෙනකොට තරග බිමේ ඉන්න ඕන නැත්නම් අපි තරගයෙන් ඉවත් වෙන්න සිදුවෙනවා දන්නවානේ ....

ජීවිතේ පලවෙනි පාරට අනතුරක් වෙච්ච මනුස්සයෙකුට උදව් නොකර යන්න උනා .....
හ්ම්ම්ම් කෙලින්ම ගියේ තරග පථය වෙතට මගේ ලා කහ පැහැති රේසින් කාරයට වසර 6කට පෙරාතුව තිබූ ජය ඝෝෂාව මට ජයග්‍රහණය මැවී පෙනෙන්න ගත්තා .....

වේලාව පෙ:ව,10:01 තරගය අරම්භයට පෙර ,
#ජුලියන්සිoහ අසහාය තරගකරැවාට ගෞරවය පිණිස එක වටයක් සියල්ලම සාමකාමිව ධාවනය කරමින් නැවත ස්ථාන ගත විය ,

උදෑසන 10:37 තරගය නිල වශයෙන් ආරම්භ විය පලමු වට කිහිපය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙද්දී සියල්ලන්ගේම බලාපොරොත්තු ,ඔට්ටු කරැවන්ගේ සිතුම් පැතුම් , ඉටු කරමින්
.....🚕️🚕️🚕️..
ඩ්‍රාන් ....🚕️🚗🚘🚕️🚖...ඩ්‍රාන්....

සියල්ල අභිබවා මගේ රථය ඉදිරියට ඇදුනේ පලමු වට 25 හේ නිමාවත් සමග මාරැ වූ නව ටයර් 4 න් ලබා ගත් විනාඩි 2ක, කාලයේ වාසිය මා සතු කර ගනිමින්

එකිනෙක ගැටී හානි වි කාර් හත අටක්ම තරගයෙන් ඉවත් වෙද්දී නව තාක්ෂණය යොදාගත් තරග කරැවන් හා පෙර වසර 6 යේ ශූරතාවය දිනා තිබූ 6දෙනාන් මට විශාල අභියෝගයක් වෙද්දී ,
වෙනදා මෙන් ට්‍රැක් එක තුල මා භාවිතා කරන කාලයේ ට්‍රික්ස් එකෙන් පෙරමුණේ සිටියේ ය ,
දෙවන වට 50හේ ටයර් මාරැවත් , තෙවන හා අවසාන වට 75 හේ ටයර් මාරැවත් සිදු විය,
කෙමෙන් කෙමෙන් ජයග්‍රාහී අවසාන වට කිහිපය උදා වෙද්දී ,

වේලාව ප;ව.2.19....

නැවත කාරයේ ඉදිරි පස වීදුරැවෙන් ඇතුල් උනේ මීට වසර 6 පෙර සිදු වූ අනතුරෙන් පසුව මා නිදා සිටින විට හීනෙන් දකින සමනලයාය , මෑතක සිට සමනලයාව මෙන්ම ඒ හීනයද මා ඇහැරන් ඉන්න අවස්ථාවල පවා මට පෙනෙන්ට විය ඒත් එහි අරැත මට සිතා ගත නොහැකි විය ,
රත්නපාල සමනලයා

මොන සමනලයෙක්ද ඉන්ද්‍රා ?
උදෙත් ඔයා අනතුර වෙලාවේ සමනලයෙක් ගැන කිව්වා ??

මේ මේ ඉන්නේ කියලා සුක්කානමට ඉහලින් සිටිය සමනලයාව මගේ එක අතකින් අල්ලනවත් එක්කම රතුපැහැති දුමාරයක් මතු විය , .....

....නැවත මා ඇදගෙන ගියේ වසර හයක් පුරාවට මා දකින එකම සිහිනයටයි අදවත් එය සම්පූර්ණයෙන්ම දකින්න හැකිවේද ?

🛑🛑😲...
ඉන්දා .....ඉන්දා ..... මොකද උබ ගල් හැහිලා ? ඕ ෂිට් සුක්කානමත් ඇතාරියා

රත්නපාල අමතනවා....
ටිම් හෙල්ප්
ටිම් හෙල්ප් ....

යස් රත්නපාල මොකක්ද අවුල?

ඉන්ද්‍රජිත් ගල් ගැහිලා හුස්ම ගන්නේ නෑ එක පාරටම යන වේගය නිසා මට මොකුත්ම කර ගන්න බෑ ,

ඒත් අවුලක් නෑ රත්නපාල අපි විනාඩි 2ක් තාම ඉස්සරහින් ඉන්නවා වගේම කිසිම අවුලක් නෑ කාරය නියමිත විදියටම ධාවනය වෙනවා ,
ඔයා ආරක්ෂක විධිවිධාන වලට අනුව කටයුතු කරන්න කිසිත් නොකර සිදුවන දෙයට ඉඩ දෙන්න

🚗🚗🚗🚗🚗🚗🚗
#වසර 06ක් පුරාවට ඉන්ද්‍රජිත් දකින එකම හීනය .......
.......🤔🤔🤔🧚🏃👇👇🙏.....
####
මම 🎻 වයලීන් වාදකයෙකි #සිරිලoකාවේ සිටින දක්ෂතම වයලීන් වාදකයා ය,

හදිස්සියේම ක්ලියෝ පැට්රා රැජින පුත්තලම් ප්‍රාන්තයේ පිහිටි රෝහලක පිළිකාවාට්ටුවේ ලමුන් බැලීමට පැමිණෙන නිසා ඒ වෙනුවෙන් සoදර්ශනයක් සදහා ඇරවුමක් ලැබෙනවා ,

ටික දුරක් යත්ම වාහනය ක්‍රියා විරහිත වීමක් නිසා මහ මග අසරණ වෙච්ච මට ඈතින් ආපු බස් රථයක් පිහිට විය ,
රියදුරැ සමග ටික දුරක් කතාබහ කරගෙන යත්ම රියදුරැ පිටුපස සිටි අයට නිවේදය කරේ .

* පොඩි නොනලා දැන් ඔය අතේ තියෙන පෝන් ඕෆ් කරගත්තනම් හොදා මොකද අපි දැන් ඉන්නේ

🌴.න්‍යෂ්ටික පර්යේෂණ ප්‍රදේශය
තුලයි

එහෙම කියනකොට තමා මමත් පිටිපස්ස බැලුවේ ඩ්‍රැයිවර්ගෙන් වැඩි දුර විස්තර විමසුවාම තමා දැනගත්තේ අනුරපුර ප්‍රාන්තයේ කාන්තා වෙඩි තැබීමේ පොඩි දරැවෝ ටික ,
ඒ අයට මම කවුද කියන එකනම් ගානක් නෑ ,

ඉතින් කිසිදු විදුලි උපකරණයක් වැඩ නොකරන නිසා එතෙක් මා අතේ තිබූ 🎻 වයලීනය වැයීම සිදු කරා ,

කෑ කෝ ගහගෙන හිටපු සියලු දෙනාම එහි තත් අතර තනිවෙද්දී කාලය පිලිබද කිසිවෙකුටත් හිතා ගන්න බැරි වෙන්න ඔවුන්ගේ හිත තනිවෙන තරමටම වැයීම සිදු කරා
මගේ වයලීනයේ තතක් කැඩී යනවාත් සමගම හදිස්සියේම මතු වූ සමනලයෙක් කැඩී ගිය තතට දෙබෑ වී යද්දී එකවරම බසය මුහුද පැත්තට පාවෙන්න ගත්තා , බසයේ පිටුපස සිටි දරැවෙකු පෙරලී පැමිණ

වයලීනයේ ඉදිරිපස ගෙලේ වැදී පැටලී ආවේ ඇයගේ ගෙලේ තිබූ රන් මාලය ,,,,,,,,,,,,,,,,""""""",,,,,"""""""

🤔🚗🚗🚗🚗🚗🚕️🚕️🚕️
✋ 🚕️ ඉන්ද්‍රා..........
රේසින් රථය එකවර නතර විය ....

ඉන්දා මොකක්ද සිදු උනේ ????

රත්න....පාල රත්නපාල 😲ඉන්ද්‍රා අපි තරගය පරාදයි .... උබ කාරය නතර කරේ දිනුම් ඉරට මෙහායින් ,

රත්නපාල බැහැපන් එලියට කියලා රත්නපාලවත් බස්සවලා කාරය ක්‍රීඩාoගනයෙන් පිටතට ධාවනය කරේ මා දැකපු හීනය පස්සෙන් යන්න ,

මොකද අවසානේ මම දැකපු රත්‍රන් මාලය ඒක මම පලදින ,ඉ, අක්ෂරය සහිත මාලයක් නිසා ,
කෙලින්ම අධිවේගී මාර්ගයට පිවිසුනු මම එහි වූ ආයුධ කඩයක් වෙතට පිය නැග එයින් කඹයක්, ගයින්ඩරයක් හා තේඩාවක් ලබා ගත්තේ ,

මහත්තයා මා ගාව සල්ලි නෑ මම තමා .....

මම දන්නවා මහත්තයෝ විශිෂ්ඨ ධාවකයා ඉන්ද්‍රජිත් නේ ඉන්න මට ඔබ තුමා එක්ක සෙල්ලිපියක් ගන්න දුන්නානම් ඇති කියලා ඔහුගෙන් මා ගත් භාණ්ඩ වලට සෙල්පියකින් මා ගෙවීමක් සිදු කරාය ,

කඩයෙන් එලියට විත් ජීවිතේ කවදාවත් එලවපු නැති වේගයක් මට ලැබුණේ ය ,

මම තරගයේ දී සිදු කල දෙය නිසා මාධ්‍ය හෙලිකොප්ටර් මා පසු පසම එද්දී ,
හීනය පසු පසම ගොස් අවසානයේ බසය පා උන තැනට පැමිණ බැලූ කල ,

මගෙ දෙයියනේ😲😲😲 ........හෙලයට බස් එකක් පෙරලිලා එහි ඉදිරිපස ටයරයක් පුපුරා එය ගල් අතර හිර වෙලා කුමක් කරන්නද ?
කියලා හිතලා මම ආපු රේසින් කාරය 🚘 හරහට දමා රැගෙන ආ ලණුව එහි බැද ගයින්ඩරයත් අතට ගෙන හෙලට බැසීමට සූදානම් විය ,,,,,,

🚌🚌🚌.............................. හෑ..........අම්මෝ ......බේරගනියෝ.........

සීට් අතර රැදී සිටිමින් විකාරයෙන් කෑ ගසන්නට උනේ භාග්‍යා ඇයගේ ගිගුරැම් හඬට සියල්ලන්ම අවධි වෙද්දී මර බිය සැවොම වෙලා ගනිද්දී ,

නායකයෙකු හැටියට මට බිය තිබුණත් ඉතිරි 18 දෙනාවම සන්සුන් කර ගැනීමට දරපු උත්සහය අසාර්ථක වෙද්දී ඉහල ඉරි තැලීගිය වීදුරැව ටිකෙන් ටික කැපී යන ආකාරය මා දෙනෙත් දිස් විය
භය වෙන්න එපා කලබල කරන්න එපා අපිට මේකෙන් බේරෙන්න පුලුවන් වගේම අපිව බේරගන්න කෙනෙක් ඇවිල්ලා

වීදුරැව කපා කඩා ඒ තුලට ලණුවෙන් බැස්සේ කවුරැත් නොහිතන පුද්ගලයෙකි ඒ අද තරගාවලියට සහභාගි වූ ඉන්ද්‍රජිත් මහතාය ,

ලමයි කලබල වෙන්න එපා තුවාල තියෙන කවුද ඉන්නේ?

ඔයාලා ඉන්නේ පැලීච්ච ටයරය ගලක හිරවෙලා ඉතින් කලබල කරොත් කාටත් මෙතනින් යහතින් යන්න වෙන්නේ නෑ ,
ඩ්‍රැයිවර්ව මුලින්ම ඉහලට යැවීමට කටයුතු කරේ ගැහැණු ලමයින්ට ලණුව අධාරයෙන් නැගීමට බොහොමත්ම අමාරැ නිසා ඉහල සිට කවුරැන් හෝ සහයෝගය දිය යුතු නිසාමය,

එකිනෙකා පිලිවලින් නග්ගවමින් 18දෙනෙකුගේ ජීවිත ගොඩ දාලා ඔය දරැවත් නගින්න ..
....බසයේ පිටුපස සීට් අතර ගුලිගැසෙමින් සිටියේ භාග්‍යා,
මොන තරම් හතුරැ කමක් තිබ්බත් ජීවිතේ එක්ක සෙල්ලම් කරන වෙලාවක් නෙමෙයි නිසා මම භාග්‍යා ගාවට අවා,

ඇය ට මර බිය කොතෙක්ද කියලා නිම කරන්න බෑ වෙන කරන්නම දෙයක් නැති අතරේ ,ඉන්ද්‍රජිත් මහතා ඇයව ලණුවෙන් ගැට ගසා ඉහල අයට ඇදීමට නියෝග කරා ,
ඇයගේ දැගලිල්ල නිසා නැවත වරක් බසය හෙලයේ ටිකක් පල්ලෙහාට තල්ලු වෙද්දී සීට් අතර හිර වෙච්ච මම ඉක්මනින්ම ඉන්ද්‍රජිත් ව බදාගත්තා,

හරි දුවේ හරි බයවෙන්න දෙයක් නෑ
ඔයාට මේක කරන්න පුලුවන් එහෙම කියලා ඇස් වලින් මාව දිරිමත් කරා

😲 ඔව් මම හීනෙන් දැකපු ලමයා තමා මේ ඒ වන විටත් ඇයගේ ගෙලේ ඇති ""ඉ"" අක්ෂරය සහිත රන් මාලය එලියට පැමිණ තිබුනා,

ඉහලින් කඹය නැවත බසය තුලට වැටෙද්දී එහි කලින් වීදුරැවට හේත්තුවෙලා පොටවල් කිහිපයක් ඉහලින් කැපී ඇති නිසා ම ඒ බව හගවන්නේ නැතිව මම ලමයාව පලමුව ඉහලට යාමට සූදානම් කරද්දී ඇය එක වරම නැවත මා තදින්ම බදා ගත්තා ,

මගේ කරේ තිබ්බ රන් මාලය කඩා ඇයට හොරෙන් ඇගේ ජසියේ සාක්කුවට දමද්දී නැවත බසය පහලට රෑ ටන බවක් දැනුනා ඒ මාධ්‍ය හෙලිකොප්ටරයේ හුලoපාරට ,වාසනාවට නැවතත් බසය හිර උනා දරැවා ඉහලට යන්න යන්නම ලණුවේ පොටවල් කිහිපයක්ම කැඩෙද්දී ඇය කැඩි ගිය තැන පහු කරා ,

ඒ වන විටත් බසයේ ඉහල සිටි මට නැවත සමනලයා දිස් විය ඒ සමගම බසයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා එහි බැටරිය පුපුරායාමෙන් හානි වී ගිය ඩීසල් ටැන්කියත් ගිනි ගෙන නැවත බසය හෙලේ පහලට වැටෙන්න ගන්නවාත් එක්කම මම ලණුවේ එල්ලුනත් එය කඩා ගෙන මාද බසය සමග ගල් අතර වැදී පෙරලී යන්නට විය ,

ඉන්ද්‍රා.................🦋
🦋..........ඉන්....ද්‍රා.........

දින දෙකකට පසු .....
ඉන්ද්‍රජිත්ව මුහුදු ගිය පිරිසකට හමු වී ඇති අතර ඒ වන විටත් ඔහුගේ නාඩි වැටීම නිසා ඔහුව රෝහලක් වෙත යොමු කර ඇත .......මේ පිලිබධව මාධ්‍ය ,
ඔහු ධාවන පරාජිතයා ලෙසත් හoවඩු ගැසූ අතර තවත් පිරිසක් ඔහුට වීරයෙකු සේ වර්ණනා කරන්නට විය ...
✋✋✋✋✋✋✋✋✋✋✋🦋
දුව මම කියලා තියෙනවා නේ ඔයාට ඔය මාලේ ගලවන්න එපා කියලා ඒක මොකද මේ ජසි සාක්කුවේ දාලා කියලා කෑ ගහගෙන කාමරයට එද්දී

විකාරද අම්මා මේ තියෙන්නේ මාලේ
මගේ කරේ

අත පය වාරැ නැතිව මා දිහා පුදුමයෙන් වගේ බලාගෙන හිටපු අම්මා ,.......
ඇය අතේ තිබූ මාලය මගේ මාලටත් ගෙන එය සම්බන්ද කරා
ඒක හරියට නිකම් එකට තිබ්බ දෙකක් පලු කරල වගේ මාල දෙකෙන්ම තනි මාලයක් හැදෙනවා ඇගේ ඇස් වලින් ගලපු කදුළු අත්වලට වැටෙද්දී ,

ඉන්ද්‍රසේන .....එතකොට ....ඉන්ද්‍රජිත්
ඒ ඔයාම ද ?...... දුවත් කැටුව රෝහලට ගියේ ...
.
සුසුම්නාවට හා ශරීරයේ බොහෝ කොටස් හානි වී අoශභාගය තත්වයක් මෙන්ම, කට සෙලවිය හැකි නමුත් වචන පිටවන්නේ නැත,

ඉන්ද්‍රජිත් ව දුටු ඈ ,,,,,,,

ඔයා හැම වෙලේම අහනවනේ තාත්තා ,මැරැණේ නෑ මේ ඉන්නේ ඔයාගේ තාත්තා තමා
මොකක් අම්මා ???? ඇය තුෂ්ණිම්භූතව අසා සිටියෙදී ,

ඇය මීට වසර දාහතක මතකයක් අවදි කරේ මෙලෙසය ,
එතකොට මම පත්වීම ලබපු පලවෙනි අවුරැද්ද ......🤔🤔🤔🤔

එයි නැගිටපන් නැගිටපන් ...
ඒ මොකටද ?
ටග් ගාලා ලෑස්තිවෙයන්කෝ
අද නිවාඩුනේ සදලි,?
හරි බන් ජුලියන්සිoහ රේස් එකේ කොල්ලෙක් ඉන්නවා බලන්න යන්න ටග් ගාලා ලෑස්තිවෙයන්කො

විනාඩි කිහිපයක් සුදුපිරිවට ඇදලා ලැස්තිවෙලා එද්දී
😡🔫යකෝ
ඩේවිඩ් මහේෂිකා ගුණසිoහ
වදින්න නෙමෙයි යන්නේ මේන්න මේ ඩෙමින් ෂෝට ගහලා ,බ්ව්ස් එක ඇදපන්
ඊඊඊ........ මේකේ කොට මේක ඇදන් පාරේ යතැකියෑ ......
හරි බන් මෙන්න මේ පාට ටික මූණේ ගාලා මේ විග් එක දාපන් දැන් බලපන් මම කවුද කියලා අපේ මැරිච්ච පප්පා වලෙන් නැගිටලා ආවත් කියන්න පුළුවන්ද කියලා ?

පිස්සු හැදෙන කිටකුත් දාලා දෙන්නම ගියේ ජුලියන්සිoහ රේසිo පැඩොක් භූමියට අම්මෝ.... අපි දෙන්න ඇදන් ගියපු විදියට අනිත් කෙල්ලෝ ඇවිල්ලා තියෙන විදිය මාරම සෙක්සි නේ බන් සදලි,?
ඒකනේ මම බොට කිව්වේ හරි හරි පේනවනේ බලා නොයිද හොද කොල්ලෙක් අල්ලගනින් මේක බීපන්
මොකක්? මොනාද මේ ?
එනජි බන් එනජී පැය දෙක තුනක් ඉන්නත් එපැයි
කොකා කෝලා බාගයක් විතර තිබ්බ එකක් ටිකක් බීලා ඇවිද්දා එතකොට තමා දැක්කේ හැම කෙනා ගාවම සපෝට් එකට කෙල්ලෙක් හිටියා ඒත් , තරගයේ මැද පෙල සිටි කෙනෙක් ගාව කවුරැත්ම නෑ ,
......හායි ඉන්ද්‍රාසේන
පට්ට කොල්ලෙක් හිනාවෙනකොට කම්බුල් ..බෝලේ වගේ පිම්බෙනවා , එවටම හරියන්න ජම්බෝල 👃 නහල අමුතු ලස්සනක් ....

අද විනර් ඔයා තමා..කියලා ඉනට බැදගෙන හිටිය සල්වාරයේ සළුව අරන් කොල්ලගේ බෙල්ල වටේ ඔතලා හීනිවට තොල් සිප ගත්තා කොල්ලත් පුල් 👻 හොල්මන් ....

මම හිතන්නේ ඒ මගෙත් ඔහුගේත් පලමු සිප ගැනීම ,,,,,,
තරගය ආරම්භ උනා නොහිතූ ලෙස මැද පෙල සිටිය ඉන්ද්‍රසේන එකිනෙකා පරදා අවසානයේ එදා ජයග්‍රාකයා උනා ඒ වෙලාවේ මුලු ලoකාදීපයම අවධානය දිනාගත්තා මේ කොල්ලා ,
ඒ වෙලාවේ ඔහුට තිබ්බ ප්‍රතිචාර එක්ක ලන් වෙන්නවත් බැරි උනා ඊට පැය කිහිපයකට පසු පැවති සාදයක් වෙනුවෙන් මාත් සදලිත් ඇතුලට යත්ම වයින් බෝතලයක් අතේ තියාන සෙන අතරින් කෙනෙක් මගේ අතින් අල්ලන් ඇදගෙන ගියා ඒ ඔහු # ඉන්ද්‍රසේනයි මා ඔහුට පැලදූ සළුව තවමත් ඔහුගේ කරේම තිබ්බා ,
කොහෙද යන්නේ ?
මාව විස්වාසයිනේ කියලා ඔහුගේ රේසින් කාරයේම පැය තුන හතරක ගමනකින ඔහු පැමිණියේ මුහුදු බෑවුම් ප්‍රදේශයකටයි ,
වාව්🙆 .... බෑවුමෙන් පල්ලෙහාට කකුල් දෙක දමා ඉර බැස යන විදිහ බලමින් මුලු 🍷 වයින් බෝතලයම පානය කරපු දෙදෙනාටම නැවත නගරය වෙත යන්න සුදානම් විය .....

මොකො හිනා වෙන්නේ ??????
මට අමතක උනා රේසිoකාරයේ හෙඩ්ලයිට් නැති නිසා අපට හෙට උදේම තමා යන්න වෙන්නේ ,,,,
මගේ හිතේ ඔහු ගැන තිබූ ආලවන්තකම නිසාම මමත් නැවත කාරය වෙතට පිය මැන්නා ,

අපි මේ කොහෙද ඉන්නේ ?
මේ 🌴 න්‍යෂ්ටික කලාපය නිසා කිසිම ඉලෙක්ට්‍රොනික් උපකරනයක් ක්‍රියා කරන්නේ නෑ වගේම , මේ පාර භාවිතා කරන්නේ බොහොම සුලු පිරිසක් ........
හ්ම්ම්ම් .............
ඔහුගේ කරේ තිබ්බ මාලය ගලවා එය පලු කරේ , මේක ඔයාට ඔහුම මගේ කරට එය පැලදවීමත් සමග නැවත වාරයක් මා සිප ගත්තේ මගේ මුලු ගතම එදින අනුරාගයෙන් ඔහුට පුජා විය,,,ඔයා මීට පස්සේ ඔයා
ඉන්ද්‍රසේන නෙමෙයි
# ඉන්ද්‍රජිත් #
, .........වෙරි මතින් මිදී නැවත පියවි සිහියට විත් ඔහුටත් හොරා නැවත මා නගරයට පැමිණියේ ය ,
දින සති ගෙවිලා මාස දෙකක් විතර යද්දී මගේ වෙනස් වීමක් මට දැනෙද්දී ඒවෙනකොට මම මාසයක ගැබිනියක් ,
මට සාධාරණත්වය ඉල්ලන් ඉන්ද්‍රසේනව සොයාගෙන ගියත් ,

ඒ වන විටත් ඔහුගේ මoගල්‍ය තීන්දු වී නිවසේ ප්‍රීති සාදයක් පැවැත්වෙන බව මුරකරැ මා හට පවසා සිටි අතර ඔහුගෙන් මට ලැබූ දායාදක් ලෙස සිතා නැවත ඔහු ඉදිරියට නොයන්න මම තීරණය කරා වගේම,
ඔයාට මගේ තාත්තගේ වාසගම දැම්මා ඒත් මට අමතක උනා ඉන්ද්‍රජිත් කියන්නේ ඉන්ද්‍රසේනටමයි කියලා ,............

අම්මේ මගේ තාත්තා කියලා දෙපතුල සිපගත්තා මේ විදියට කෙලින් හිටවන්න පුලුවන් රෝද පුටුවක තමා තාත්තව බලා ගන්න උනේ නමුත් මාධ්‍ය මෙන්ම මිනිස්සුන්ටත් මාස දෙක තුනක් යද්දී අපේ තාත්තව අමතක උනා , තිබුණ හැම සතේම තාත්තා වෙනුවෙන් වියදම් කරද්දී ,
අපිට කුලී ගෙදරක ඉන්න සිද්ද උනා වගේම අම්මගේ රස්සාවෙන් සමු ගන්න උනා ඒ තාත්තව බලා ගන්න මේ යන අතරේ දවසක් තාත්තට බෙහෙතක් විස වෙලා හොස්පිටල් අරන් ගිය වෙලාවේ කොරිඩෝවෙන් කලබලෙන් ආපු පිරිමි කෙනෙක් මගේ ඇගේ හැප්පිලා රෝදපුටුව මගෙ අතින් ලිස්සා නැවත අල්ලගෙන යද්දී ,

මොනාද මහත්තයෝ පාර බලාන යන්න එපැයි කියලා කෑ ගහගෙන ගියා වාට්ටුවේ ඩොක්ටට තාත්තව පෙන්නලා මම එලියට එනකොට ඇගේ හැප්පිච්ච මනුස්සයා එලියට වෙලා ඉන්නවා , .........

මිස් සමාවෙන්න මිස් .....
මාව මතකද ?
ඔව් ඇගේ හැප්පිච්ච කෙනානේ ඇයි?
නෑ නෑ මිස් මීට මාස ගානකට උඩදී ඇක්සිඩන්ට් උනා අවුඩි කාර් එකක එකක ඒ මම තමා මිස් ....
ආ හරි හරි දැන් මතකයි
එතකොට මිස් මේ ලෙඩා ?
ඒ මගේ තාත්තා ඉන්ද්‍රජිත්

අනේ සොරි මිස් මේ මගේ කාඩ් එක මිස්ට මොනා හරි උදව්වක් ඕන උනොත් කියන්න
හරි ස්තූතියි ,
i-motors
Xxxxxxxxx.

රත්නපාල අoකල් කොමද එන්න එන්න ,
කොමද දුවේ තාත්තට ?
තාම අඩුවක් නෑ කන්න කට හොල්ලනවා විතරයි ,

හදිස්සියේම අoකල් ?
අවුරැද්දක් ගියා දැනුනෙවත් නෑ මේ පාර ජුලියන්සිoහ කුසලානේ තාත්තා ඉදියනම් කියලා ඇස්වල කදුලු පුරෝගන කියද්දී ,

තාත්තා මේ පාරත් තරගෙට එනවා ඒත් කොහොමද දැනටමත් මම ඒ ගැන හිතලා ඉවරයි තාත්තයි මායි තමා මේ පාර එන්නේ කියලා රත්නපාල අoකල්වත් රැගෙන තාත්තා වෙනුවෙන් සැකසූ කාරයේ ආසනයේ සුව පහසුව ගැන පරීක්ෂා කරා, .......
ඒත් කවුද අපිට ස්පොන්සර් කරන්නේ ?
බලමු අoකල්........

2017.09.21........
ජුලියන්සිoහ රේසින් දිනය තාත්තව හැමදාම වගේ ස්වර්ණමාලි චෛත්‍යය වන්දනා කරලා ගෙදර එනකොට ගෙදරට අමුත්තෙක් ඇවිත් හිටියා .....

දුව මම තමා නීතීඥ නැදුමාරන් ඔයාගේ තාත්තා මට අවුරැද්දකට පස්සේ එන්න කිව්වේ මේ වගේ විපත්තියක් වෙයි කියලා එයා කලින්ම දැනගන්න ඇති මොකද ගිය අවුරැද්දේ තරගෙට යන්න කලින් එයාගේ අන්තිම කැමැත්ත මා ලවා සටහන් කරගත්තා

එයාව අන්තිමට බලා ගන්න කෙනා
# ඉන්ද්‍රජිත් සරණ පදනමේ #
මීලග භාරකරැවා වෙනවා ඉතින් ඔයා තමා මේ හැම දෙයක්ම බලා ගන්න ඕන කියලා ,,,,,,, මට භාර කරා
හම්මෝ මෙච්චර මෙහෙයක් ???
මෙච්චර සල්ලියක් ???
ඔව් දුව
මීට වසර පහකට කලින් වෙච්ච අනතුර නිසා ,පහු ගිය අවුරැදු වල දිනපු රේස් වලින් හම්බෙච්ච හැම මුදලක්ම ඉන්ද්‍රා අසරණ ලමයින් වෙනුවෙන් වියදම් කරා ඒවායේ ප්‍රතිඵල තමා දැන් මේ තියෙන්නේ ,,,,,

නැදුමාරන් අoකල් අද තමා රේස් එක මම මේ යන්න හදන්නේ කියලා ඔහුව අම්මාට හදුන්වාදී තාත්තා ත් රැගෙන තරග බිමට පිවිසියේ මා හට ඒ වන විටත් සහය ටීම් එකක් ලෑස්ති කර දුන්නේ ,

,i-motors හි අයිතිකරැය ......

මිස් මේ ඉන්නේ මගේ හොදම ටයර් මාරැ කරන කෙනා කල්ලා
කොමද කල්ලා කොල්ලගේ නහය ගාව තොල්පොට කැපිලා මහල නිසා ටිකක් වචන කතා කරනකොට ඥන් ශබ්දය එනවා ,,,,,,

ම්ච් කිචි දේකච බය වෙන්ඥ එපා මගේ වැඩ ගිඥ්දර වගේ තමා ,,,,

වෙනදා මෙන් නැත්ත සැමට කුතුකලයක් වෙච්ච ඉන්ද්‍රාගේ කාරය හැම තරග කරැවෙක් තුලම පුoචි බියක් ඇති කිරීමට සමත් උනා මිනිත්තු කිහිපයක් තුල ආරම්භ වෙච්ච තරගයේ නුපුරැදු අත්දැකීම් වලින් පලමු වට 25 නිමාවන විට 55 වන ස්ථානයේ රැදෙන්නට විය ,

දෙවන ටයර් මාරැ කිරීමේදී වට 50 අවසානය දකින විට නැවත මා ස්ථානය 55රැදී සිටීමට සිදු විය,

එලවීම මෙතරම් අමාරැකාර්‍යක් විම මා කිසිදිනක නොසිතූ මොහොතක ගොර හැඩි කඩ හඩක් මෙලෙස මා ආමන්ත්‍රණය උනේ .....

සමනලයා🦋🦋🚗🚕️🚕️.......
අප්පච්චි.........ඔයා ...
කලබල නැතිව ඔය ඉයර් පොන් එක කනේ ගහගන්න ටිකක් වෙලා අහන්න ,
මොන දේ අහන්නත් කලින් තාත්තා ගේ කටහඩ ඇහන්න ලැබිච්ච එකට මම සතුටු උනා ඔහු කී පරිදිම එහි පටිගත ඕඩියෝව ක්‍රියාත්ම විය ඒ ජලනන්දන පිරිතයි පිරිතට සම වැදුනු මට නැවත දෙවන විදානය ක්‍රියාත්මකව විය ,

ඒ එකිනෙක කාරයේ පිටුපස තියා ධාවනය කරන අතරම වමෙන් කිව්වාම එක පාරම ඇක්සලේටර් කරල ඒ කාරය ඉස්සර කරන්න මේ ආකාරයට ඊලග ටයර් මාරැව සිදු වෙද්දී මම හතර වෙනිතැන ඉන්න තරම් ශක්තිමත් උනා ,
මහඥ්තයා මාල වැඩේතා උනේ

ඇයි කල්ලා මොකක්ද අවුල
කාරේ එක ඥට් එකක් දාගන්ඥ බැලිඋනා
මොකක් ? ෂිට්.....

මොකක්? හැමෝම සම්බන්ධවෙලා ඉන්න එකම සන්නිවේදන නිසා කල්ලා කියු දෙයින් මා තිගැස්සී ගියා ඒ නට් තුනෙන් සවි වී තිබු ඉදිරිපස රෝදය වේගයනිසා කෙමෙන් බුරැල් වීම සිදුවෙන්න ගත්තා ,
ඒතකොටම තමා නැවත මට තාත්තාගේ හඬ අවධි උනේ .

මේ කාරයේ නට් තද වෙන්නේ පිටිපස්සට ,මතකද අපි අනිත් වාහන ඉස්සර කරේ වමින්
ඔව් අප්පච්චි

ඉස්සරහ යන එකා හිතන්නේ ඌවත් අපි ඉස්සර කරන්නේ වම්න්ම තමා කියලා ඌට ඒ විදියට හිතන්න දීලා එක පාරම කාරය දකුණු පැත්තෙන් අරන් සිග් සැඩ් විදියට රිවස් වෙන්න ඒකල්ලා රිවස් එකට ධාවනය කරන්න .....

එක තදින්න හිතට කා වැදෙද්දී අපි දෙවෙනි තැනට හිටියේ තප්පර 5 ක වෙනසකින්

දැන්......
අප්පච්චිගේ විදානයට කියූ පරිදියෙන්ම සිදු වෙද්දී පලමුවැන්නා ට මුහුණට මුහුණ අපේ කාරය පලමු තැන ගත්තේ එතැන් පටන් පිටුපසට ධාවනයකමින් ජයග්‍රාහී අoශය පසු කරා ....

අප්පච්චි ඔයානම් ඇත්තටම දෙයියෙක්ම තමා කියලා ගෙලවටා අත් යවමින් ඔහුව වැලදගත්තා ....

හා හා හා කණට සෙමින් කොදුරමින් යන්න වෙලාව හරි ....

( කඩවුල්? හා හා
අදගම් මේ....ල..)

දෙවියන් හා හා ඊටත් එහායින්,

අප්පච්චි ධාවන පථය තුලම සිනාවෙමින් අන්තිම හුස්ම හෙළුවා

එතැන් පටන්
ජුලියන්සිoහ කුසලානය

ඉන්ද්‍රජිත් 🏆 කුසලානය
නමින් වෙනස් උනා

වසරකට පසු .......

.....හොද ආච්චියි තාත්තායි අලුත උපන් පැටිය බලන්න එන වෙලාව ,
අනේ වස්තුවේ අද 2018:09:21,

ඉතින්?
තාත්තගේ පලවෙනි
*ඉන්ද්‍රජිත් 🏆 කුසලානය *

මේ තරග විවෘත කරල එන ගමන්

කෝ කෝ ආච්චොගේ පුලුන් බොලේ කියලා අම්ම ලමය වඩාගන්නකොටම කොහෙදෝ ඉදන් ආපු 🦋,සමනලයෙක් පුතාගේ නලලෙම වහලා අත් තටු දෙපැත්තට කරද්දී ,

අම්මා අපි පුතාට
## ඉන්ද්‍ර‍ජිත් ## කියලා නම තියමු....

#නිමි......
----------------------------------
අජිත් කුමාර
කලුවා බදු විදාන ආරච්චිලාගේ

විසින් රචිත මෙය
කතෘඅයිතිය සුරකින්න

කියවපු ඔබටත්
බලපු ඇයටත්
සම්මා සම්බුදු සරණයි 🌼

 

Offline Gayan

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Gayan has no influence.
  • Referrals: 0
    • View Profile
Re: ####*""""""ඉ""""""####
« Reply #1 on: October 22, 2018, 07:55:34 PM »
 :yes: :yes:

Offline යක්ෂ පරපුර

  • Newbie
  • *
  • Posts: 10
  • Reputation Power: 1
  • යක්ෂ පරපුර has no influence.
  • Referrals: 0
    • View Profile
Re: ####*""""""ඉ""""""####
« Reply #2 on: October 24, 2018, 08:18:45 AM »
 :yes: :yes:

 

GindaraWeb