Author Topic: කවිය නුඹ  (Read 177 times)

Ireasha chathurangi

  • Guest
කවිය නුඹ
« on: October 22, 2018, 08:14:22 PM »
කෙටි කතාවක්

   හැමදාම වගේ අදත් හසරැල් දිහා බලන් ඉදලා මම නැගිට්ටේ හසරැල්ගේ නලලත් සිපගෙන. අපි බැඳලා අවු 50 ක් උනත් හසරැල් තාම අවු 24 දි මට හම්බවුණු දඩබ්බර කොල්ලාමයි.එ් මුණේ තාමත් එ අදර බැල්ම එහෙමමයි අාදරේ පිරිලා.

මම එහෙම අැවිදන් ගියේ එයාගේ ඔෆිස් කාමරයට අපි දෙන්නගේ මතකයන් එ කාමරයේ හැම තැනම හසරැල් පරිස්සමට හරි ලස්සනට තියලා තිබුණා.

    එ අතරින් මම අතට ගත්තෙ හසරැල්ගේ ඩයරිය .එ පොතේ අපි දෙන්න ගේ අතීතය  හසරැල් හරි අපුරැවට පද වැල් වලට පෙරලලා
 තිබුනා හැම රැ කම එ් පොතේ ලියන පදවැල් උදේ නැගිටපු හැටිය  කියවන එක මම පුරැද්දක් කරන් හිටිය නිසා හැම රැකම හසරැල් හරි ලස්සන පද වැලක් බැන්ඳේ හරි අාශාවෙන්. මේ අවු 50 ට හසරැල් කවි කියක් ලියන්න අැද්ද එ් ලියපු කවි කියක් මම කියවන්න අැද්ද.

   එත් අද එ පොත අතට ගත්ත හැටිය මගේ මතකය ගියේ  අපි දෙන්නගේ අතීතවට අපි දෙන්න හම්බ වුණු මුල්ම දවසට

එයි මෙහාට එනවා..........

මෙහාට මෙහාට එනවා අැයි ඔතන....

ඔතන ඉන්න නෙවෙයි කිව්වේ.....

මේ  හාට එයවා අයිසේ.....

නම මොකද්ද?

ගිම්හානි....

හ්ම්ම්.

වයස??

22යි..

හ්ම්ම්.

කොහොද ඉන්නේ????

ගම්පහ...

දැන් මට තමුසේ ඔය සේරම විස්තර කිව්වෙ තමුසේ හිතුවද මම තමුසෙට මඟුලක් කතා කරනවා කියලා හසරැල් මහා හයියෙන් හිනා වෙලා එතන හිටපු එයාගේ යාළුවෙකුට පහක් දැම්මා.

හ්ම්ම්  හ්ම්ම්  දැන් යනවා..

මම යන්න හැරේද්දිම

එයි....අම්බානි..........

මම එ පැත්ත හැරුණේ රවාගෙන

ගිම්හානි ගිම්හානි මගේ නම ගිම්හානි එක පාරටම මම හිතන්නත් කලින් මගේ කටින් එ වචන ටික පිට වුනා

අම්මද බොල මේකිගේ  කට..
මට අැහුනේ හසරැල් යළුවෙක් කියනවා
 

මොකි  උනත් මට කමක් නැ අර පොත් ටික අරන් අැවිත් අපේ පංතියේ මගේ මේසෙ උඩින් තියනවා.
එ හෙම කියලා එයා යන්න ගියා

මම එයාගේ පොත් ටිකත් අරන් ගිහින් හසරැල් කියපු විදියට එයාගේ පංතියෙන් තියලා මම අපේ පංතිය හොයා ගෙන ගියේ අද අපේ පලවෙනි දවස නිසා.
             ඔව් අද තමයි මම කැම්පස් අාපු පලවෙනි දවස එ් අපිට අපිට කිවුවට මට සිනියර් බැජ් එකෙන් ලැබුණු රැග් එක

 එදා තමයි මම හසරැල්ව දැක්ක පලවෙනි දවස   

එදයින් පස්සේ අපි අවුරැදු පහක් එකට හිටියා කතා බහ කලා කිසම වෙනසක් නැතුව.හසරැල්ලා අපිට වැඩිය අවුරැදු දෙකක් වැඩිමල් එ් නිසා අපිට කලින් හසරැල්ලාගේ
Graduation ceremony එක තිබුනා එදයින් පස්සේ මට හසරැල්ව දකින්න ලැබුනේ නැ

කාලය ගෙවිලා ගියා අවුරැදු දෙකක්  අද අපේ graduation ceremony එක. අද මම දැක්කා  කවදාවත් නැතුව හසරැල් එයාගේ යාළුවෙක් එක්ක කැම්පස් එකට අැවිත් අවුරැදු දෙකකට පස්සේ

 මගේ හිතට කියා ගන්න බැරි සතුටක් දැනුනා මොකද එයා පෙන්න හිටපු නැති අවු දෙකට මට තේරැන එකම දේ මම එයාට අාදරය කරනවා කියලා.මම එයා දිහා බලාගෙන කල්පනා කරද්දි එයා මං ලඟට අැවිත් තට්ටුවක් දාලා අැහි බැමි දෙක උස්සලා අැහුවා අැයි කියලා .මම ඔළුව වනලා හිනා වෙලා මුකුත් නැ කිවුවා

මැට්ටි කියලා මගේ ඔළුවටත් පාරක් ගහලා යන්න ගියා
  අපේ graduation ceremony එක ඉවර වෙලා එලියට අාපු මම මගේ යාළුවොත් එක්ක කතා කරලා  අනිත පැත්ත හැරෙන කොටම
හසරැල් ඉන්නවා මගේ ලඟ දන ගහගෙන මම බයවෙලා වගේ එයා දිහා බලන ඉන්න කොට එයා හිනා වෙලා සාක්කුවේ තිබ්බ පොඩි පෙට්ටියක් අතට අරන් එකේ පියන අැරලා පොඩි මුද්දක් අරන් මගේ දිහාට දික් කරලා

ගිම්හානි will u Marry me කියලා අැහුවා මට හිතා ගන්න බැරැව හිටියේ මේ මොකද වෙන්නෙ කියලා
 එ එක්කම මම බැලුවේ අම්මලා දිහා අම්මයි අප්පච්චි අපි දිහා බලන් ඉන්නවා.

එත කොටම...මැට්ට් මගේ දනිස් දෙක රිදෙනවා ඉක්මන් කරනවකො කියලා හසරැල් මට රවනවා..

ඉතින් හැමොගේම අත් පොලසන් එක්ක මම එයාගේ යෝජනාව පිළිගතතා

එහෙම පටන් ගත්ත අපි දෙන්නගේ ජීවිතයට අදට අවුරැදු පනහක්
හැමදාම උදෙන්ම කියවන ඩයරිය මම දිග අැරියේ දැනුයි කියවන්න

පෙරේදා රැ හසරැල් කවියක් ලියලා පෙරේදා රැ ලියපු කවිය මම අදයි බලන්නේ

මතක අහුරක් ඔබ
              හිත දරන්
හීන අහුරක් ඔබ
        නෙත දරන්
බලා ඉනු මැන
       නැවත භවයක
සොයා එනතුරැ
             මම ප්‍රියේ

අම්මා දැන් වේලාව හරි අප්පච්චි

මම එන්නම්.....

එ මගේ ලෝකු පුතා අපිට දරැවෝ තුන් දෙනයි  පුතාලා දෙන්නයි දුවයි.ලෝකු පුති අවිනාශ් හසරැල් පෙඩි පුතා අවිශ්ක හසරැල් මගේ චුට් දුව අශිනි ගිම්හානි

අම්මා අපි යමු නේද??

එ් මගේ දුව මාව එක්කන් යන්න අැව්ත් මම එයා එක්ක සාලේට ගියේ අන්තිම පාරට මගේ හයරැල් ගේ නලළ සිප ගන්න

හැමදාම මගේ පපුව උඩ නිදා ගන්න හසරැල් ඊයේ උදේ ඉදන්  අපි දෙන්නගේ ගෙදර සාලේ මැද්දේ සුදු අැදුමකුත් අැදන් පෙට්ටියක් උඩ නිදාගෙන ඉන්නවා එ් මුවේ දඩබ්බර හිනාව හැදාම වගේ එ් විදියමයි.

මම හැමදාම වගේ  එ නලළ සිප ගත්තා එක පාරක් දෙපාරක් නැ කිපාරක්ද දන්නේ නැ මම නැවතුනේ  මගේ ලෝකු පුතා අැවිත් මාව බදා ගත්තාම.
අම්මා අැති දැන්...

මගේ පුතේ අායි මට කවදාවත් අප්පච්චිව ඉඹින්න හම්බ වෙන්නේ නැ තව එක පාරක් කියලා මම හසරැල්ගේ නලළ සිප ගත්තා අන්තිම පාරට

 ඔව් මගේ හසරැල් අද යනවා මගේන් ඈතට අායි නොඑන්නම
    අපි ගිහින් මගේ හසරැල්ව පස් යටට දිලා  එයාව තනියම දාලා අාවා මම කොහොමද දෙයියනේ දාරා ගන්නෙ එයාට මං නැතුව පාළු අැති.නැ මට එයා නැතුව ඉන්න බෑ

මම ගෙදර අාපු හැටිය එෙහෙමම අාවේ  අපි දෙන්නගෙ කාමරයා එ් එනකෙට එයාගේ ඩයරියත් අරන් අැවිත් හසරැල් පෙරදා ලියු කවියට පිළිතුරැ කවියක් ලිවුවා මට මකතයි

මතක අහුරක් මගේ
               හිත දරන්
හීන අහුරක් මගේ
            නෙත දරන්
බලා ඉන්නම් මම
          නැවත භවයක       
සොයා එනතුරැ
            ඔබ ප්‍රියේ.....

එ් අපි දෙන්නා මේ භවයේ ලියු අන්තිම පදවැල් ටික.මට විස්වාසයි අපි නැවත භවයක මේ වගේ පදවැල් ගොතයි හරි අාදරයෙන්

නිමි.......

ඔන්න  කතාවක් ලිවුවා හොඳයි නම් like එකක් comment දාලා ඔයාලගේ අදහස් කියලා යන්න plz ..කතාව කියවන අයට ගොඩාක් අාදරේයි ඈ❤️❤️🦋🦋😘😘සියලුම අයිතිය කතෘ සතුවේ..උපුටා ගැනිමේන් වලකින්න..

                                                     චතු........

« Last Edit: October 22, 2018, 08:15:14 PM by Gindara »

Offline Chamal

  • Newbie
  • *
  • Posts: 8
  • Reputation Power: 1
  • Chamal has no influence.
  • Referrals: 0
    • View Profile
Re: කවිය නුඹ
« Reply #1 on: October 22, 2018, 08:38:47 PM »
 :yes:

Offline Chamal

  • Newbie
  • *
  • Posts: 8
  • Reputation Power: 1
  • Chamal has no influence.
  • Referrals: 0
    • View Profile
Re: කවිය නුඹ
« Reply #2 on: October 22, 2018, 08:39:22 PM »
සුපිරිම

Offline Gindara

  • Administrator
  • *****
  • Posts: 19
  • Reputation Power: 11
  • Gindara has no influence.
  • Referrals: 4
    • View Profile
    • GindaraWeb.com
Re: කවිය නුඹ
« Reply #3 on: October 22, 2018, 11:40:57 PM »
niyama story ekak.. hithata danenawa.. Good luck..  :clapping:

 

GindaraWeb