Author Topic: """""#කoචායුධ#"""""  (Read 109 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
"""""#කoචායුධ#"""""
« on: October 23, 2018, 01:17:00 PM »

               """""#කoචායුධ#"""""

වියරැ රණකාමියෙකුගේ අමරනීය ආගමනය

ගැහැනියක් තම ස්වාමියාට ඇති සෙනෙහසත් තම පුතුට ඇති ආදරයත් අරැමයකි💐

මීට වර්ෂ තුන්දහසකට   පෙර
 ම, නැමැති  රටක් විය
  සාඩු නම් රජයෙක් එහි රජ විය ..

..තම පියා ඝාතනය කොට රජකමට උරැම් කම් කිවූ සාඩු සාමාන්‍ය පුද්ගලයෙක් නොවීය  ඒ සාඩු අණදීපු පුද්ගලයන් විසි දෙනෙකුගෙන් යුත්  හමුදාවක් විය
 සාඩු රජකමට පත් වූ විට රටවල් තුනක් විය 
රා , ජී , වී 

රා රට :
 තුන්දහසක හමුදා බලයක් හිමි  සතුරන් සිහිනයකින්වත් නොසිතන අපරාජිත රටකි...

ජී රට  :
පන්දහසක හමුදා බලයක් හිමි  මායාකරැවන් හතර දෙනෙක් විසින් පාලනය කරන  අසුරන්ගේ ආශිර්වාද ලද රටකි

වී රට :
යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වන  මිනිසුන් ප්‍රමාණයක් ගනණය කල නොහැකි බල සම්පන්න ගෝත්‍රික යන් හිමි රටකි

සාඩු දිනක් තම සේනාව අමතා  තමන්ට මේ රාජයන් තුනම යටත් කර පාලනය කල යුතු බව පැවසීය

 සිහිනෙකින්වත් නොසිතන එම ජයග්‍රහණය  ගැන සැමටම කල කිරීම නිසා බොහෝ අය
#ම,රට
අතහැර යාමට කටයුතු කිරීම නිසා
 ම,රට
 හැර යන සියලු දෙනාගේ හිස වෙන් කර එය රජ වාසල ඉදිරියේ එල්ලා තබා
 තම සේනාවත් ජනතාවත් තුල බිය ගන්වා💐 තැබීමට සාඩු පියවර ගත්තා

 දිනක් තම සේනාවේ බලවත්ම  විසි දෙනා කැදවා  අනෙකුත් රාජ්‍යන් පිලිබද තොරතුරු රැගෙන එනලෙස පවසා පිටත් කර යැවීය

 ඔහුන් පිලිවෙලින් වෙලෙන්දන් ලෙසඑක කණ්ඩායමකුත් , කුලී කරවන් ලෙස අනෙක් පිරිසත්වෙන්ව
 #රා, රටත්
 #ජී, රටත්
පිලිබද තොරතුරැ රැස් කර   අවසානයේ දින දොලහක් ගෙවුණු පුර සද දවස නැවත් සේනාවන් දෙකම එකක් සේ
#වී රට
බලා පිටත් විය .. දින පහක් පුරා ලදු රෑස්ස වනාන්තර පීරැවද එක මිනිස් පුලුටක්වත් සොයා ගත් නොහැකි විය ......
අවසානයේ සය වන දිනයේ එක් ගෝත්‍රිකයෙක් වල් ඌරෙකු පිට තියාන යන විට රැක පහර දී  ඔහුව බැද
 තම මව් රාජ්‍ය වූ
#ම,රට
වෙත රැගෙන ගියේ 
දින 33කට පසු පැමිණි තම සේනාව රහසේම හමු වී තොරතුරු විමසා බැලීය ..... සාඩු  සිහිනෙන්වත් සිතිය නොහැකි රටවල් තුනක් බව එවිට මතකයට නැගුනේය
#සාඩු රජුනි අප සේනාවට
 වී රට පිලිබද කිසිත් දැන ගත නොහැකි ය නමුත් එහි ජීවත් වන ගෝත්‍රික යෙක් අල්ලාගැනීමට හැකි විය....
විශිෂ්ට යි සේනාව මගේ ඔය ගෝත්‍රික යන් මේ වන තුරැම කිසිම රටකට බලා ගන්න බැරි වෙලා කොහෙද සිරකරැ  ?

රජුනි  ගල් සිර ගෙදර තුල
ගල් හිරගේ ?  එහෙමයි  ශක්තිවන්ත කමින් අපි පස් හය දෙනෙකුට වාරැ කල නොහැකි එම  පුද්ගලයා  ..
..යමු එතනට
     බෙල්ලට අත් දෙකට ,කකුල් දෙකට හා බඩට යකට දම්වැල් වලින් බැද තිබුනත් දගලන දැගලිල්ලට බිත්තිත් දෙදරයි

මේ මොකෙක්ද මේ කලුම කලු දිවියෙක් වගේ?
 රජුනි  ඔහුන් වනයට උරැම වී ඇති බැවින් යම් දාවණය ක් ඇග පුරා උලාගෙන ඇත එය ජලය යොදා පිරිසුදු කල හැකි බව පැවසීය ..
   එසේනම් පිරිසිදු කර ගනිව් අප
  #වී, රට පිලිබද කුමක් හෝ දැන ගත යුතුයි .
ජලය ගෙන කූඩුව තුලට විත්
 සිර කරැ සෝදන අතරේදී
රජුනී😲😲😲😲😲😲
 මොකො බොල ?
මේක පිරිමියෙක් කියල හිතුවට මේ ගෑනියෙක්
 මොකක් ?
සියලු පිරිමි  වහා සිර කුටියෙන් ඉවත් වෙයල්ලා.. ..😜😜
 ඉක්මණින්ම රජුගේ නලගනන් කැදවා සෝදන ලදි
    හිසෙහි සිට සෝද විට  හිසකෙස් තබ පැහැයෙන්ද ,සම රෝස පැහැයෙන්ද යුක්ත වූ මෙම සිර කාරිය මුලු රාජ දානි තුනම පැරදවිය හැකි තරම් ලස්සන යුවතියකි
 
රජුට කෙමෙන් ආසාව ඇති උනේ මෙම
 වී, රාජයේ ජීවත් වන්නන් තවමත්  නිරැවතින් ජීවත් වීම නිසා විය හැකි

 දින කිහිපයක්ම ආහාරත් ඇදුනුත් ලබා දීමට උත්සහ කරත් එය සිරකරැ විසින් ප්‍රතික්ෂේප කිරීම රජුගේ කෝපයට හේතු විය ,

මේ අතර තම රාජ්‍ය තුලත් ඉතිරි රාජ්‍ය වලත් විවිධ කට කතා පැතිරෙන්නර විය ඒ

'''''''"""සාඩු බලගතු  දෙවිකෙනෙක් සිර කර ඇති බවත්  ඒ ශක්තිය  ඔහු විසින් උරා ගෙන ඉතිරි රාජ්‍ය තුනත් යටත් කර සක්විති රජෙක් වීමට උත්සහ කරණ බව """""""""😜😜

එය ඇසීම සාඩුටත් සිනාවට කාරනයක් විය කෙසේ හෝ සිරකාරියගේ ලස්සන අග පසගට සාඩු බොහෝ වශී විය 
කෙසේ හෝ ඇයව තම උප භාර්‍යාවක් කර ගත් යුතුබව සිතා ඇයට ඇදීමට සලුත් කෑමට ආහාරත් රැගෙන සිර කුටිය වෙත් ගොස් එහි සිටි සාත්තු සේවිකාවන් සියල්ල එලවා තමා තනියම සිර කුටියේ දොර අසලට විය

  ඒ වන විටත් ඇයව ගෙනවිත් දින දහයක් පමණ උවත් කිසිත් ආහාරයට නොගෙන ජලයවත් පානය නොකර තවමත් ඒ ශක්තියෙන්ම දගලන ඇයව දැක ඇගේ ශක්තිය දැක සාඩු මදක් චකිත විය
කෙසේ හෝ 
අහාරත් සලු පිලිත් පැත්තකින් තබා සාඩු තම ඔටුන්න ගලවා බිමින් තබා,කඩුවත් බිමින් තබා , තම සන්නාහයද ගලවා දමා සාමාන්‍ය ඇදුම පමණක් ඇතිව

 ආහාර බදුනත් සලු පිලිත් රැගෙන ඈ වෙතට ලo විය , සාඩු මද වේලාවක් ඇගේ දෙනෙත් දෙසම බලා හිදීමේදී තරමක් හීලෑ වූ පසු

"" සා,,,ඩු,,,,  ඔහු තම පපුවට අත තබමින්  නැවතත්  නැවත නැවතත්
එලෙසම කරමින් පවසමින්  සාඩු ....

   පසුව ඇයගේ ඇගට අත තබා  දම්වැල්  එකිනෙක ලෙහන්නට විය .
 සාඩු තුල වූ භීතිය සගවාගෙන සියලු දන්වැල් වලින් නිදහස් කර ආහාර පිලි ගැන්වීය ...
.බොහෝ වෙලාවකට පසු ආහාර ලබාගත් සිරකාරියට සාඩු විසින් සලුවක් අතට ගෙන ලය වැසීම සිදු කරද්දී ඇය නැවතත් සාඩු වෙත පහරක් එල්ල කරේ  ,

දෙදෙනා අතර මද වේලාවක් දරැණු රන්ඩුවක් ඇති වූ අතර එයින් සාඩු ජය ලැබීමට සමත් විය

බොහෝ හීරැම් පාරවල් තම ශරීරයේ ඉතිරි කරගනිමින්  පරාජයත් සමග  සිරකාරිය නැවතත් සාඩුව පැත්තකට කර

සාඩුගේ දෙඇස් දිහා බලා හිදිමින් .....සාඩුත් පුදුමයට පත් කරමින් ......
 
සාඩු   ඇය සාඩු දෙසට අත දිගු කරමින් නැවත අත තමා දෙසට ලo කර 
#පාගු  ..... පාගු
යන්තමට මෙන් සියල්ල ගලපා ගත් සාඩු ඇය මිතුරැ කම තමා දෙසට දිගු කරන බව වටහා ගෙන නැවතත් සලුව ගෙන ලය කොටස එතීම සිදු කරද ඇය කිසිත් නොකර බලා සිටියේය .
නැවත ඇයව නැගිටවා ඉනෙන් පහල කොටසටත් සලුවක් එතීම සිදු කරේ 

පසුව ඇය සිරකාරියක් ලෙස නොව තම රාජයේ අමුත්තෙකු ලෙස ඇවිදීමට රජ අවසර දුන්නා වගේම ඒ සැම විටම ඇයත් සමග කාලය ගත කල රජතුමා ඇයට තම රාජ්‍ය තුල සෑම දෙයක්ම පැහැදිලි කරන්නට විය ....

#පාගු ත් මේ  විදියට දින ගෙවෙද්දී එයට ආසා විය ඒ ඇය ජීවත් වූ රටට වඩා බොහෝ වෙනස්ම විදියක් බැවිනි
නොබෝ දිනක් යත්ම රජුගේ උප භාර්‍යාවන් අතර කලබැගෑනියක් පටන් ගන්නට විය
ඒ රජු දින ගනනාවකින් කිසිම භාර්‍යාවක් සමග කාලය ගත නොකිරීමයි 
අලුතින් පැමිණි  පාගු  රැජින වනබවත්  ඇය විසින් පිරිමි දරැවන් පස් දෙනෙකු ජාතක කරණ බවත් එම දරැවන් ඉතිරි සියලු රාජ්‍ය දිනා ගන්නා බවත් අදුන් බලන්නෙකු විසින් එක උප භාර්‍යාවකට පැවසීම

 සියලු භාර්‍යාවත් අතර ලැව් ගින්නක් සේ පැතිර ගියේ  සාඩු රජුගෙන් ඒ සියලු දෙනාටම ගැහැණු දරැවන් සිටින නිසාවෙනි , ,,,,,,,,,,,,,,,,,,

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

#පාගු    ඒ වන විට
 #ම,රට පිලිබදවත් එහි කතා විලාශයත් බොහෝ දුරට තමා සතු කර තිබුනේය....
සාඩු දිනක්  පාගු සමග ඇවිද අවසානයේ පාගු ව ඇයගේ කුටිය ලග ඇරලවා යාමට පැමිණි  අවස්තාවේ 
 පාගු විසින් කුටිය තුලට ගෙන ගිය සාඩුව  ඔටුන්න සන්හාය ඉවත් කර ඇද සිටි සලු ඉවත් කර සාඩු හා යහන් ගත විය ....😍😍😍😍😍😍

නොබෝ දිනකින් පාගු ගේ  වෙනස් වීම දැක සාඩු සතුටට පත් උවත්
අනෙකුත් උප භාර්‍යාවන්ටනම් මෙය අහේතුවක් විය
 ඒ ඇය විසින් රාජ්‍ය ට පිරිමි දරැවන් ප්‍රසූත වුවහොත් නිසැකවම තමන්ට #ම, රාජ්‍ය තුල
වහලුන් සේ ජීවත් වීමට සිදු වන බව දැන සියලු භාර්‍යාවත් එක්කව පාගු ගේ දරැ ගැබ විනාශ කිරීමට අදුන් බලන්නාගේ පිහිට පැතීය
   ඔහු දන්නා ගුරැකම් අනුව පලමු දරැවාට සාප කරණ ලදි ...
 
පාගු තමන්ගේ කුටියේදී රාජයට උරැම කාරයෙක් ලබා දුන්නද එම දරැවා
 #ඇස් දෙකක් නොමැති දරැවෙකු විය එපමනක් නොව පලමු හිරැ නැගීම  පටන් ගන්නටත් මත්තෙන් එම දරැවා මිය ගියේ රාජ්‍ය ක් කම්පා කරමින්‍ ය.....
පාගු ජීවත් වූ
  #වී, රටේ චාරිත්‍ර  අනුව  තම දෙතනේ කිරි කුඩා පීප්පයකට දොවා මිය ගිය ලදරැවා එහි තැම්පත් කර   #ජීවාරන නැමති දිය ඇල්ලෙන් පහලට ගලා යාමට සැලැස්වීමයි 
 මව් රටෙන් බොහෝ දුරක සිටින නිසා ඇය එම පීප්පය රහස් ඖෂධ කුටියක සගවා තැබීය ....

දුකින් වූ සාඩු හට රාජ්‍ය ට උරැම කාරයෙක් ලබා දීමේ අදහස ඇය තුල නිදන් ගත වීම නිසා සාඩු හා නැවත නැවත යහන් ගත වීම සිදු කරාය ..

.😱😱😱😱😱
මෙලෙස පලමු දරැවාගේ වියෝවෙන් වසර කට එක් ලදරැවා බැගින් වසර හතරක් ගතවෙද්දී පාගු දරැවන් සතර දෙනෙක් නැවත ප්‍රසූත කලත් ඒ හැම දරැවෙක්ම පලමු හිරැ නැගීමටත් මත්තෙන් මිය ගිය අතරම මේ හැම දරැවෙක්ම කුමක් හෝ අඩු පාඩුවක් සහිතව ඉපදීමට අනෙක් භාර්‍යාවන්  විසින් සිදු කල ශාපය හේතු විය ...
    කෙසේ හෝ මිය ගිය දරැවන් පස් දෙනාව පීප්ප පහක තම මව් කිරි වලින් පුරවා ගිල්ලවා තැබීය ....එහිදී
1): දරැවා 🌼  ඇස් රහිතව ඉපදීම
2): දරැවා 🌼 දෙඅතම පණ රහිතව ඉපදීම
3):දරැවා🌼කකුල් දෙක පණ නැතිව ඉපදීම
4):දරැවා🌼කොදු ඇට පෙලක් රහිතව ඉපදීම
5):දරැවා 🌼 ලිoගේන්ද්‍රයක් රහිතව ඉපදීම

 මේ පස් දෙනාම තම  ඖෂධ කුටියේ රහසිගතව සගවා තැබීම නිසා කාගෙත් ගැරහීමට ලක් විය

ම, රට තුල මෙය විවිධාකාර ව පැතිර ගිය අතර ඇය යක් දෙසියක් බවත් රාජ්‍ය විනාශ කිරීමට මල දරැවන් ලග තබා රජුවත් වසගයට පත් කර අවසානේ රජු මරා රාජ්‍ය අල්ලා ගැනීම ඇයගේ  අරමුණ බව නොබො දිනකින් මහජනයා අතරත් ප්‍රසිද්ධ වන්නට විය ඒ අනුව

ඇගේ දරැවන්  සොයා ඔවුන් පිලිස්සා දමා ඇයවත් පිටු වහල් කල යුතු බව අනෙක් භාර්‍යාවන් විසින් නිතර නිතර රජුට පවසන්නට විය .......,"""""""""......!""..."""

🌸🌸🌸🌸🌸

අනෙකුත් රටවල් අතර මීට වෙනස්ම කට කතාවක් විය ඒ  කුමක්ද යන්න සොයා බැලීම සදහා #ජී,රට විසින් අසුරයන්ගේ ආශිර්වාදය ඇතිව
 #සුරගනක් 
  (සාමාන්‍ය මිනිස්සු හට දැකිය නොහැකි මිනිස් ශරීරය ට සමාන එහෙත් පිටුපස  තටු දෙකකින් සමන්මිත අසුරන්ටත් වඩා බලයක් හිමි පිරිසකි මොවුන්ගේ ආයු කාලය අවුරැදු 7000 පමණ වේ ))

ම,රටට එවීමට කටයුතු සිදු කරේ ය.

   සුරගන විසින් #
#ම, රට
පිලිබද සියලු තොරතුරු රැස්කර අවසානයේ
 පාගු සිටින ඖෂධ කුටිය වෙත ගොස් එයද පරීක්ෂාකර බැලීය  එහි වූ ගල් ආසනයක් මත සිටි පාගුට  යම් අවිනිශ්චිත යමක් තම කුටියතුල ඇති බව දැනෙන්න ගත උනේ සුලු මොහොතකි  ඇය කෙමෙන් නැගිට
 තම මලගිය පුතුන් සිටින පීප්ප පහෙන් එකක් අතට ගෙන එකවරම  තම කුටිය පුරා රවුමක් සේ පීප්පයේ වූ මව් කිරි කුටියේ බිත්තිය  නෑවෙන පරිදි විසි කරේය

#සුරගනට අදහා ගත නොහැකි විය  ඇයව මව් කිරි වලින් නෑහැවුනු නිසා පාගුට ඇයව යාන්තමට දිස් විය ...
 මේ ආකාරයට ඉතිරි පීප්ප හතරත් යාන්තමට දිස් වූ චායාව දෙසට විසි කරද්දී සුරගන මව් කිරි වලින් නැහැවෙන්නට විය එහි ඌ දරැවන් පස් දෙනා සී සී කඩ විසි විය

පාගු ට මතක් උනේ තම දරැවන්ගේ මරණයට මේ සුරගන වග කිව යුතු  බව සිතා ඇය හා සටන් වැදීමට  තමන් විසින් කඩුව අතට ගෙන සුදානම් විය
 සුරගනටත් යමක් සිතා ගත නොහැකි නිසා පාගුව මග හැර යමට උත්සහ කලද මව් සෙනෙහසේ නාමෙන් පාගු දරැණු  මුර්ගයෙක් මෙන් සුරගන හා සටන් වැදීම නිසා  සුරගන තුවාල වී තම අත් තටු එහේ මේ ගැලවී විසි වෙන්නට විය
 අවසානයේ සුරගන පාගුගේ කුටියේ  වහලය කඩාගෙන ඈත අහසටම පියාඹා යන ලදි .

  හැඩු කදුලින් මුලු කාමරයම මව් කිරි වලින් නැහැවිලා තිබියදී තමාට මුල් කාලයේ සිට පක්ෂ පාතීව වැඩ කල දාසියක්  ......
 #පාගු රැජිනයනි .....
 කිමද දාසිය ?
රැජිනියනි ඔබ තුමිය ගැන රජු
  රාජ අණක් නිකුත් කරලා 

,,,""""" ඉන්නා තැනකින් සොයා මල ගිය දරැවන් පුලුස්සා නැවත පිටුවහල් කරණ ලෙස ,,," ""

තම අතේ තිබූ රත්‍රන් වලල්ල දාසියට දී රැගෙන පිටත්ව යව්....
 #පාගු තම දරැවන් එකතු කර ඔහුන් සාමදානයේ සැපතීම සදහා #ජීවාරන දිය ඇල්ලෙන් පහලට පා කල යුතු බව සිතා
කුටියේ බිත්තිවල වැදී විසි වී ගිය තම මල දරැවන් එකිනෙක ඇහිද සලුවලින් ඔතා කූඩයට දමන අතරේ
අවසාන දරැවා ලෙස  තෙවනුවට උපන් # කකුල් දෙක පණ නැති දරැවාගේ පපුව මත සුරගනගේ තුවාල වී ගිය අත්තටුව ඉවත් කර ලදරැවා ඔසවා පපුවට තබන විට

දරැවාගේ හදවත් ගැහෙන බව පාගුට දැනිනි  මද වේලාවක් ගල් ගැසුනු #පාගු රැජින  එය සුරගන තටු වලින් සිදු වූවක් බව වැටහිනි

පසුව මුලු කුටිය තුල තිබු සියලු පිහාටු එක්කහු කල ත් පසුව ඇයට මතක්
වූයේ තම දරැවන් ජීවත්   උවත් එහි බලයෙන් ඔහුන් අබාධිත  බැවින් අපහාස විදිලම  මියැදෙන බව ඇයට සිහි විය ...

😲😲😲😲😲🍥
 තම නිදන ආසනය මත තබා ඇති මල දරැවන් පස් දෙනා දිහා මදක් බලාන සිටින විට
කලබලයෙන්  යුතුව සියලුම පිහාටු වල කූර පමනක් ඉතිරි වන සේ දෙපැත්ත ඉරා එය නූලක් ආකාරයට සකසා තටු කූරක්ම රැගෙන එයට ගැට ගසා
,""""""""""""""" හදවත පමණක් ගැහෙන තුන්වන     ලදරැවාගේ බෙල්ලත් අත් දෙකත් කපා ඉවත් කර

පළමු දරැවාගේ අත් දෙක කපාගෙන,,
පස්වන දරැවාගේ කකුල් දෙක කපාගෙන  කපාගෙන,,
හතර වන දරැවාගේ බෙල්ල කපාගෙන ,,
 එම කොටස් එකිනෙක තබා තටු නූලෙන් නැවත් කොටස් එක් හාසු වන සේ මසා දැම්මේ ය .....
    සිරැරැ හතරක් ම ගෙන සැකසුවද පාගුට එහි අඩුපාඩුවක් පෙණිණි අනෙක් ඉතිරි වූ  දෙවනියට උපත ලද පුතුගේ ඇස් දෙක ගලවා තමා විසින් කෑලි එක්කාසු කල සිරැරට තබා මැසීය .....
ඉතිරි වූ මල ලදරැවන්ගේ කෑලි පුලුස්සා දමා තටු කූරෑ ඇතුලත තිබූ සුරගනගේ ලේ පීප්පයකට ගෙන එය තුලට මැසූ ලදරැවා දමා ගෙන සලු පටයකින් ඔතා තම පිටේ බැදගෙන කැඩුණු වහලයට නැග 
 කාටත් රහසේම තමා උපන්
#වී, රට වෙත යෑමට පිටත් විය ...
""""""""""",,,,,,,,,,,,,,,,"",,,,,,,,,,,,,,,'''''''''''"'"'"'"'"""'
 දින තුනක් පුරා එක දිගටම වන කෑලෑ මැදින් කිසිවෙකුගේ නෙත නොගැටෙන පරිදි යමින් සිටියෙදී  පිපාසය වැඩි කමට තම පිට මත ඇති පීප්පය බිමින් තබා පහල ඇල කින් ජලය මදක් පානය කර පැමිණි කල පීප්පිය කුඩු වී ඇත්ත එතුල සිටි ලදරැවා එහි නොමැති බවත් දැන කලබලට පත් පාගු දැක ගත හැකි උයේ ගස් අතරින් අල්ල අල්ල එහේ මෙහේ යන තම පුතුය ...

 පුදුමට කරැණක් නොවන බවත් එය බොහෝ දුරට සුරගනගේ ශරීර කොටස් වල බලපෑම බව දැන සිටියාය
නැවත ගමන අරම්බ කරපු පාගු  ගමනේ යන අතර තුරදීම තම ලදරැවා ගේ සිරැර හැදී වැඩී වන ආකාරය දුටුවේ දින එකොලහක් ගත වීමේදී පාගුට දැක ගත හැකි උයේ
තම ස්වාමියා මෙන් හැඩි දැඩි තම පුතුය   ඔහු ට නාමයක් දිය යුතු බව වටහා ගත් පාගු  ශරීර කොටස් පහකින් සමන්විත් වූ බැවින්  ඒ තම සය වන පුතු වන නිසා 👑👑👑

🦁
::::::"""""" #කoචායුධ::;;;;""""""
  යන නම තබන්නට විය ,
අවසානයේ දින දහ අටකට පසු තම මව් රට වූ 
#වී, රට දැක ගැනීමට හැකි විය අවසානයේ මහා බෑවුමක් තරණය කර භූමියට ඇතුල් විය යුතුයි මදක් කල්පණා කරණ විට # කoචායුධ 

තම දෑතින් ගසා අඩි සියයක් පමණ උස ගසක් මුලට ගසා කඩා තම උරහිසේ තබාගෙන ගෙනැවිත් එය බෑවුම් දෙක යා වන පරිදි දමා තම මව කරට ගෙන සලුවෙන් ඇයව ඔතාගෙන කොටයෙන් බෑ වුම හරහා ගොඩ විය .....

...
තම රැහේ වෙත ගොස්තම මා පියානන් මුණ ගැසුනද පිලි ගැනීමට අකමැති විය ඒ පාගු එම ගෝත්‍රික  නායකයායේ දියනිය වීමත ඇය තම වර්ණය වෙනස් කර ඇති නිසාය පසුව තම පුතුගේත් තමාගේත් ඇදි වස්ත්‍ර ගලවා ඔවුන් උලන සුපුරැදු කලු වර්නය ඇගපුරා ආලේප කරේය
 පසුව

පාගු පැවසූ ආකාරයට තම ස්වාමියා #ම, රටේ රජු බවත්  තම ස්වාමියාට මේ සියලු රාජ්‍ය වල පාලකයා විය යුතු බවත්වය
 පසුව පාගු ගේ පියා තම මුලු ගෝත්‍රිකයන් සියලු දෙනා කැදවා ඒ පිලිබද පවසා සිටියේය .

 එය පාගුට නිකම්ම නොලැබෙන බවත් එය ලබා ගැනීමට  #යාමා  වලල්ල තුල තරග කර සූර්‍ය ආලෝකය  කෙලින් වී තම ගෙවනැල්ල තමාට පෑගීමට මත්තෙන්  බලගතු #පටාබී  පරාජය කල යුතු බව පැවසීය .

තම පුතු විසින් එය සිදු කරණ බව පවසා #පටාබී හා තරග වැදීමට යාමා වලල්ලට සියල්ල එක් හාසු විය
 පාගු විසින් තම පුතු කoචායුධ ට  පැවසූවේ තම පියා සක්විති රජ විය යුතු බවත් මෙම සතුරා එක පහරින් මෙල්ල කිරීම හෝ මරණයට පත් කිරීම සිදු කර යුතු බව පැවසා තරග නැරබීමේ ස්ථානයට පැමින බලා සිටියේය

ඒ  අමිහිරි අවස්ථාව උදා විය
#පටාබී  යනු එතෙක් රාජ්‍ය න් හතර තුලම ජීවත් වන ශක්තිවන්තම හා භායානකම හස්තියා එසේත් නැත්නම් මැමත්‍ ය  අඩි විස්සක් පමණ උසින් යුත් පටාබී යාමා වලල්ලේ අනිත් කොනේ හිටo සිටින කoචායුධ  වෙතට මාරක සුලගක් සේ දිව එද්දී

කoචායුධ  වේගයෙන් පටාබී වෙතට දිව යන අතර  පටාබී විසින් හොඩෙන් එල්ල කරණ පහරින් බේරී පටාබීගේ දනහිසට පය තමන කoචායුධ  පසුව උඩපණිමින් පටාබීගේ හිස  එල්ල කරණ පලමු පහරින්ම පටාබී මරණයට පත්ව යන්නේ බලා සිටි මුලු ගෝත්‍රයම  පාගුට ජය ඝෝෂා තැබීම හා හිස නමමින්‍ ය ,
පාගු විසින්  සියල්ල තීරණය කර ගෝත්‍රයේ සහය ඇතිව ඇතිව
 
#ජී,රට ආක්‍රමණය කිරීම සිදු කරයි එහිදී  කoචායුධ පමනක් යොදා යුධ පිටියට යැවීම සිදු කරද්දී  එහි වූ මායාකරැවන්ගේ සියලු අදුරැ මායාවන් බිද වැටෙනු දැක අවසානයේ අසුරන්ගේ සහය පැතුවද 
අසුරන් හට කoචායුධ පරාජය කර ලීමට නොහැක්කේ කoචායුධ නිම කිරීමට යොදා තිබූ ගෙත්තම් #එතෙක් අසුරන්ටත් ඉහලින් වඩා බලගතු ව  සිටින දෙව්ලොවේ  අවසාන
#කන්‍යා සුරගන ගේ අවයව නිසායි

 අවසානයේ අසුරන් සිය දෙනෙකු කoචායුධ අතින් මරමුවට පත් වීමේදී  මායා කරැවන් තම සෙබලුන් රැකගෙන රාජ්‍ය පාරාජය පිලිගෙන කoචායුධ  සෙම්පතියාට යටත් වෙනවා ,
 තෙවනුව
#රා,රට  ආක්‍රමණය  කරණ අතන ඒ වන විටත් පාගු රැජින සතු මුර්ගයා ,පිලිබද විවිධ කට කතා පැතිර තිබුනේ.....
එහිදී
 #රා ,රට 
යුධ බටයින්  විසින් හා එහි පාලකයන් සටනක් නොදීම කoචායුධ , පාලනයට නතු වෙනවා

මේ සියල්ල පාලනයත් සමග  සාඩු සොයා  #ම,රට වෙත යන්නේ තමන්ගේ ස්වාමියා වූ
#සාඩුගේ  සිහිනය සැබෑ කර ඇති  බව පවසා  මේ ,,,,,,ම,රා,ජී,වී,,,,,,,
නැමති රටවල් හතරේම  සක්විති රජ බව පැවසීමටයි ....

ඒ වන විටත් #ම, රට තුල සිටින සාඩුගේ උප භාර්‍යාවන් විසින් සාඩුට විවිධ වූ කටකතා මුල් බස්වමින් සිටී 
     ඒ " පාගු රැජිනගේ මුර්ඝයා විසින් සාඩුගේ හදවත එලියට ගෙන අමුවේම ආහරයට ගැනීම මගින් ඇය මුලු රාජ්‍ය න් හතරේම පාලකා බව තහවුරැ කිරීමටයි'''''''''!

රජ වාසල අසල සිට අසරැවෙන් බැස පා ගමනින්ම සාඩු සිටින කුටිය වෙත යමින් තිබියෙදී

 මග දෙපස බොහෝ ජනයා භියට පත්ව එහේ මේ කා කෝ ගසිමින් සැගවෙද්දී
  පාගු  තම පුතු #කoචායුධ  අමතා
තමා මගේ ත් සාඩුගේත් වටිනාම වස්තුව බවත්  තමන්ගේ අවිය අපි දෙදෙනාගෙන් කෙනෙක්  පැවසුව හොත් පමනක්  ක්‍රියාත්මක කරන ලෙස අණ කරම් න්  සාඩුගේ කුටිය වෙත පැමිණි යා .....
 
රජුත් රාජ සභාවත් ඉදිරියට පැමිණි  පාගු දන නමා ආචාර කොට තමන්ගේ  ජය  තම සුවාමියා  වෙනුවෙන්
කoචායුධ  අතැතිව තිබු කඩුව දිගු කර සිටියදී
 කටකතා විස්වාස කර සිටි සාඩු කිසිත් නොපසා පාගු ලගට විත ඇය දිගු කර කඩුවෙන්ම ඇගේ හදවත පසාරැ කර වීය  .....

🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥🍥

පාගු තුල ස්වාමියාට තිබූ ගෞරවය යත් , ලය පලා යන ආදරයත් නිසා තම ස්වාමියා අතින් මරණයට පත් වීම නිසා පාගු
#සුරගනක්  විය සාමාන්‍ය අයෙකුට දැකිය නොහැකි ඇයව  කoචායුධ  පැහැදිලිව පෙනුනේ ........
සාඩු 
නුබ නොදන්නවා උනාට නුබට අසීමාන්විතව ආදරය කර පු  පාගු රැජින නුබ  වෙනුවෙන් රාජ්‍ය න් තුනක් දිනාගෙන ආවේ නුබව සක්විති රජෙක් කිරීමට .....
       
සියල්ල මොහොතින් පැහැදුනු සාඩු ඒ වන විටත් පරක්කුය සාඩු තම මියගිය පාගු ගේ සිරැර තුරැල් කරාන අඩන්න විය

තා කිමෙක්ද ? 
මම #කoචායුධ
නුබේ යටහත් පහත් සේවකයා
සාඩු නුබේ සය වන දරැවා......
     කුමක් සයවන දරැවා??

පාගු විසින් මලගිය නුබේ දරැවන් පස්දෙනාගේ ශරීර කොටස් යා කර  නිර්මාණය කරපු සයවන දරැවා මම වෙමි .....

අවසානයේ  සාඩු විසින් සියල්ල පැහැදිලි කර ගත්තේ අහිමි කිරීම්  ගනනාවකට පසුවය ......

ඒ ඒ රාජ්‍ය න් නැවතත් ඔවුනට ආපසු පාලනයට බාර දී  තම රාජ්‍ය ත් උප භාර්‍යාවක් අතර පත් කර 

සාඩු  සාමාන්‍ය පුද්ගලයෙක් සේ  තම සයවන පුතු වන
 #කoචායුධ
 සමග මිනිස් පුලුටක් නොමැති  දේශයක ජීවත් විය .............
         
          #නිමි
👑👑👑👑👑👑👑👑🌼🌸🍥
අජිත් කුමාර
කලුවා බදු විදාන ආරච්චිලාගේ

විසින් රචිත මෙය
කතෘඅයිතිය සුරකින්න

      කියන්න  යමක් වෙතොත් එය කොටාගෙන යෑමට කාරැණික වන්න
ඔබගේ අදහස් මට බොහෝ සෙයින් වටී  🙏 ස්තූතියි 💐

කියවපු ඔබටත්,ඇයටත් සම්මා සම්බුදු සරණයි """""!!


Offline Gadafi

  • Newbie
  • *
  • Posts: 6
  • Reputation Power: 1
  • Gadafi has no influence.
  • Referrals: 0
    • View Profile
Re: """""#කoචායුධ#"""""
« Reply #1 on: October 23, 2018, 04:19:46 PM »
 :whistle: :clapping:

Offline යක්ෂ පරපුර

  • Newbie
  • *
  • Posts: 10
  • Reputation Power: 1
  • යක්ෂ පරපුර has no influence.
  • Referrals: 0
    • View Profile
Re: """""#කoචායුධ#"""""
« Reply #2 on: October 24, 2018, 08:19:19 AM »
 :yes: :yes: :yes:

 

GindaraWeb