Author Topic: නොසැලුණු අාදරේ  (Read 141 times)

Ireasha chathurangi

  • Guest
නොසැලුණු අාදරේ
« on: October 26, 2018, 10:10:48 PM »
කෙටි කතාවක්…….

සුදු අයියේ……….

සුදු අයියේ……….

අැයි පුතේ….

අා නැන්දෙ සුදු අයියා නැද්ද..

ඉන්නවා පුතේ ..පාඩම් කරනවා මයේ හිතේ….

අැයි පුතේ…..

නැ නැන්දේ මේ හදාගන්න අමාරැ ගානක් තියනවා ……

අයියගෙන් අහගන්න අාවේ…

කමක් නැ නැන්දේ අයියා පාඩම් කරනවනේ මම යන්නම්…..

නැ ඉන්න පුතේ මම කතාකරන්නම්….

නැ නැ නැන්දේ මම යන්නම් අයියා පාඩම්  කරපුදෙන් දැන් විභාගේ ලගයිනේ……..

එයි  මැට්ටි ඔහොම ඉන්නවා……..

මම පාඩම් කරලා ඉවරයි…….

කෝ එනවා ඔය ගාන කියලා දෙන්න………

එ් මගේ සුදු අයියා මම සුදු අයියා කිව්වට එයාගේ නම අංජන සංදිප. එයාට යාළුවො නම් කතාකලේ සංදිප කියලා.මම නෙත්මි දිනෙක්ෂා මං ගැන නම් එච්චර කියන්න දෙයක් නැ අපේ ගෙදර ඉන්නේ මමයි අප්පච්චි අම්මයි අපි ටිකක් වංසක්කාර  පවුලක්.මමයි සුදු අයියයි මට මතක අැති කාලේක ඉදන් හැදුනේ වැඩුනේ එකට එයාලා ඉන්නෙ අපේ ගෙදරට ගෙවල් දෙකකට එහා සුදු අයියලාගේ පවුලය  අපේ පවුලයි මම දන්න කාලෙක ඉදන් ටිකක් ලඟින් අැසුරැ කලා අපේ පවුලට අඟ හිග කම් නොතිබුනත් සුදු අයියලා පවුල ටිකක් විතර අමාරැවෙන් තමයි ජීවත් වුනේ නැන්දටයි මාමාටයි ඉන්නේ සුදු අයියා විතරක් නිසා මොන අඩු පාඩු අාවත් නැන්දයි මාමායි සුදු අයියට හොඳට ඉගැන්නුවා.සුදු අයියාටත් හොදට ඉගනගන්න පුළුවන්.එයා දැන් පාඩම් කරකර හිටියෙත් ලඟ එන         A/L විභාගයට O/L විභාගයත් අයියා ඉහලින්ම පාස් නිසා නැන්දයි මාමායි අයියා මේ විභාගයත් ඉහලින්ම පාස් වෙයි කියලා ගොඩක් බලාපොරොත්ත තියාගෙන ඉන්නෙ.

අාාා ඔය අාවේ අයියා….

දුව ගණන් ටික අහගන්නකො අයියාගෙන්

මම දෙන්නට හොඳ තේ එකක් හදන් එන්නම….එහෙම කියලා නැන්දා කුස්සියට ගියා.

චුටික්කි….

හ්ම්ම්…

අැත්තටම ඔයාට මේ ගාන අමාරැද…..

හ්ම්ම්……

චුටික්කි…...😡😡😡

ම්ම්ම්හ්...😳😳😳

එහෙනම්……

මට ඔයාව බලන්න හිතුනා.. ඉතිං මම ගණන් පොතත් අරං අාවා ගාණක් අහගන්න යනවා කියලා..
නැතුව ඉතින් මට ඔයාව මතක් වෙනවා මට ඔයාව බලන්න ඕනේ මම ඔයාව බලලා එන්නම් කියලා එන්නැ අම්මලට..

චුටික්කි තමුසේ නම්...😠😠😠

අා අා අා කන කන අත අරින්න රිදෙනවා...

නැන්දේ……..

මොකද දරැවො ඔය කෙල්ලව කන්න හදන්නේ හිමිට කියලා දෙනවා..

මේකිට කොච්චර කියලා දුන්නත් තේරැම් ගන්නැ අම්මේ….

කට නම් තියනවා වක්කඩේ වගේ එ් වුනාට…

හා හා දැන් ඔය කෙල්ලව කන්නැතුව මේන් මේ බිස්කට් එක කලා තේ එක බොනවා..

හු හු අැද්ද නැන්දා බැන්නනේ…...😜😜

හරි හරි දැන්  ඔය තේ එක බොනවා….

චුටික්කි…….

හ්ම්ම්…..

තමුසෙට කොච්චර කිව්වත් තේරේන්නැ නේද..එක අතකට මමයි වැරදි තමුසේ තාම පොඩි ඔයි.
හා හා මම පොඩියි සුදු අයියා හරි ලොකුයිනේ මට වැඩිය අවු 2යි වැඩිමල් මහ ලොකුයිනේ…
චුටි අපිට තව ගොඩක් කල් තියනවා තේරැනාද හොඳට පාඩම් කරලා විභාගේ පාස් වෙමු එතකොට අපිට හැම ප්‍රශ්නයකටම විසදුම් ලැබෙයි..
අපිට ප්‍රශ්න ගොඩක් එයි බබා සමහර විට මට ඔයාව නැති වෙන්න ඉඩ තියේයි.

ප්‍රශ්න….

මොනවද සුදු අයියෙ අපිට එන ප්‍රශ්න…

හා එවා එතකොට බලා ගන්නවකො දැන් ඔය ගාන හදනවා..
චුටි ඔයා කොම හරි විභාගය පාස් වෙන්න ඔනේ තේරැනාද…..

හැදාම වගේ අදත් මම එ ප්‍රශ්නය විහිළුවෙන් මඟ අැරියා. කාලේත් එක්ක සුදු අයියායි මමයි ලොකු වෙද්දි අපේ මේ යාළුකම කොහොම අාදරයකට පෙරළුනාද කියලා කියන්න මමවත් සුදු අයියාවත්  තාම හරියට දන්නැ හැබැයි අපි දෙන්නට දෙන්නා ගොඩාක් අාදරය කලා මේ බැදීමට අපේ මේ පාසල් ප්‍රේමයට….

සුදු අයියා කියපු විදියට අපේ අාදරයට ලොකු බාධාවක් තිබුනා. මේ නුවර අහස යට ගොඩක් අාදර කතා වලට ඔය කියන බාධාව නොතිබුණා කිවුවොත් බොරැ. සුදු අයියා කියන විදියට අපි හොඳට ඉගෙන ගෙන හොඳ තැනකට අාවොත් අපිට මේ බධාව වගේම ජීවිතවට එන ඕනෙම බාධාවක් ජය ගන්න පුළුවන්..

දින සති මාස ගනන් ගත වුනේ අයියයි මමයි දෙන්නම විභාග ඉහලින්නම  සමත් වේලා සුදු අයියා A3  අරන් පේරාදෙනිය මේඩ්කල් ෆැකැල්ටි තේරැණා.මම A8 යි B1ක් අරන් විද්‍යා විශයෙන් එලේවල් කරන්න ගත්තේ සුදු අයියාගේ අඩි පාරෙ මටත් යන්න ඕනේ නිසා.

සුදු අයියා මගේ පාඩම් වැඩ වලට ගොඩක් උදවු කරා අපි මහන්සි වෙලා පාඩම් කරා එ වගේම අපේ අාදරේ පෙරටත් වඩා වැඩියෙන කටත් හොරා ලස්සනට ගලාගෙන ගියා අපි හීන ගොඩක් දැක්කා අපි හරි අාදරයෙන් හිටියා..

එත් දවසක් අපි හීනෙකිවත් නොහිතපු දෙයක් වුනි එ් අපේ සම්බන්දය අපේ ගෙවල් වලට අාරංචි වුන එක අපේ අප්පච්චිට හොඳටම තරහා ගියා තරහ ගිහින් සුදු අයියටත් පාරක් ගහලා අර අහිංසක මිනිස්සු දෙන්නට හොදටම බැන්නා ගේ ඉස්සරහට ගිහින්..

තොපි හිතන් ඉන්නේ අපි වගේ නම්බුකාර පවුල් වලින් හිර ගන්නද යකෝ

අඩු කුලේ හිඟන්නු……

තොපිලව ගමේන් එලවපං කිව්වාම මම මැදිහත්වෙලා අනුකම්පා කරලා ගමේ තියා ගත්තා

තොපි කොං වෙන කොට මම පිහිට වුනේ

අනිත් උන් තොපිලව පිළිකන්නේ බංකුවට දාන කෙට මම උඹලව මේසේ තියන් කන්න දුන්නා.
එහෙම කරපු මටද යකො උඹලාප මේහේම කලේ..

මගේ කෙල්ලව රවට්ටගත්තා තොපි

දැම්මම උඹලා මේ ගම දාලා යන්න ඕනෙ නැත්තම් මම නරක මිනිහා නරගන්න එපා ..

ඔව් ඊට දවස් දෙකකට පස්සේ සුදු අයියලා ගමේන් ගියා හැබැයි එ යනකොට සුදු අයියා මගෙන් අැහුවා කවදාහරි එයා එනවා එ එනකන් මට බලන් ඉන්න පුළුවන්ද කියලා.
 මම දිව්රලා කිව්වා එයා එනකන් මම බලන් ඉන්නවා කියලා.ජීවිත කාලෙම හරි බලං ඉන්නවා කියලා.

මැට්ටි එච්චර කල් යන්නැ…..

මම ඉක්මනට එනවා උඹ නාකිවෙන්න කලින්…
හොද තැනකට අැවිත් මගේ මැණිකෙව උඩරට විදියට අන්දලා පෝරැවේ කියලා කැන්දන් යනවා

මම එනකන් ඉන්නවා නේද…..

ඔව් සුදු අයියේ මං බලන් ඉන්නවා අාදරේයි ගොඩාක්…....❤❤❤❤❤

එ අත්තිම පාර මමත් සුදු අයියත් මුණ ගැහුණු. මේ නුවර අහස යට අාදර කතා ගොඩකට තිත තියන්න හේතුව ඔන්න ඔය බධාව තමයි සුදු අයියා දැන ගෙන හිටියා එ බාධාව ජය ගන්න තියන හොදම විසදුම හොදට ඉගනගෙන හොද රැකියාවක් කරලා තැනකට එන එක කියලා සුදු අයියා හැමදාමත් මට කිව්වේත් එක තමය……..

දවස් මාස අවුරැදු ගෙවිලා ගියා සුදු අයියාලා ගමේන් ගිහින් දැන් හරියටම අවු 8 ක් සුදු අයියා ගැන කිසිම අාරංචියක් නැ හැබැයි මම දන්නවා සුදු අයියා අනිවාර්යෙන්ම එනවා එතකන් මම බලන් ඉන්නවා..

මට සුදු අයියට වගේ කැම්පස් යන්න විභාගය පාස් වෙන්න බැරි උනත් මම විද්‍යා විශය හදාරපු නිසා මට ඉතාමත් පහසුවෙන් එ සම්බන්ද රැකියාවකට යන්න පුළුවන් වුනා

දවසක් මම රැකියාවට ගිහින් ගෙදර එනකොට අපේ ගෙදර මිදුලේ වාහන දෙකක් නවත්තලා තිබුනා මට සැක හිතනා අදත් මාව බලන්න මනමාලයෙක් අැවිත්ද කියලා මොකද දැන් අවුරැද්දක වෙලේ ඉදන් සමහර දවස් වලට වැඩ අැරිලා ගෙදර එන කොට ඔහොම වාහනයක් තිබුනොත් ඉතින් මනමාලයෙක් තමයි..
       ඉතින් මම ඉස්සරහ දොරෙන් ගෙට යන්නෙ නැතුව හොරෙන්ම පිටි පස්සෙ දොරෙන් ගෙට ගියා.ගෙට යනකොට අපේ අම්මා කුස්සියෙ ඉදන් තේ හදනවා අම්මටත් හොරෙන් මම කාමරයට යන්නයි හැදුවේ

අා ඔය අැවිත් ඉන්නේ…..

මොකද හොර පුසි වගේ කුස්සිය පැත්තෙන්…

අම්මා අදත් මනමාලයෙක්ද……..😡😡😡😡

හුම්ම්ම් ……

අනේ අම්මා මට බෑ……..

බෑ නෙමෙයි  මේ තේ එක අරන් යනවා ගිහින් අර ළමයිට අල්ලනවා

මට බෑ මට බෑ…..😡😡😡😡😡

අාා තේ එක බෑ නෙමෙයි අරන් යනවා ඉස්සරහට…

දැන් අවු 24 ක් ගෙදරට නාකි වෙන්නද කල්පනාව….

ඔව්…….😡😡

හා හා අරන් යනවා…….

මම ඉතින් තිබ්බ තරහට තේ එකත් අරන් බිම බලාගෙනම ඉස්සරහට ගිහින් තේ අැල්ලුවා මම දැක්කේ සපත්තු දා ගත්ත කකුල් හතරක විතරයි  මම තේ අල්ලලා අාපහු හැරැනේ අම්මා දිහා බලාගෙන මම අම්මට අැස් වලින්  කාමරයට යනවා කියලා ඉස්සරහට අඩියක් දෙකක් තිබ්බා.             

එත් එකපාරටම….

චුටික්ක….

ඔයා මං දිහා නොබලාම යනවද………

මට එ  වචන අැහුනේ හීනේන් වගේ  මගේ පපුවත් හිර වුනා මම තප්පර දෙක තුනක් එහෙමම ඉඳලා එක පාරටම හිර වෙච්ච පපුවත් අල්ලන් ඉස්සරහට හැරැනා සුදු අයියා 😱😱ඔව් එ් මගේ සුදු අයියා මං බලනං හිටිය මගේ අාදරේ එයා අැවිත් හරියටම අවු 8 කට පස්සෙ

සුදු අයියේ…….

චුටික්කි ඔන්න මං අාවා……

සුදු අයියේ…...😳😳😳

මාව පොඩ්ඩක් කුනිත්තන්න……

අා අාහ්හ් හරි හරි ඔයා අැත්තටම අැවිත්…….

මගේ පිස්සි….

අපි හයියෙන් හිනා වුනා මට කියාගන්න බැරි තරම් සතුටුයි...
හිනා වෙලා මම බැලුවෙ අප්පච්චි දිහා.එක දැකපු සුදු අයියත් එක්ක අාපු යාළුවා..

එහෙනං අන්කල් නුවර හොස්පිටල එකේ ඉන්න හොඳම ඩොක්ටට දුව දෙන්න කැමතිනේ…

තැතුව පුතා මගේ දු කැමතිනම් මගේ අකමැත්තක් නැ…
අනික දුව මේච්චර කල් බලන් ඉන්න අැත්තේ පුතා එනකන්නේ ….

කුල  මල දුප්පත් පොසත් ඔය හැමදේම අපි අමතක කරලා දාමු මගේ දරැවො සතුටින්නම් එච්චරය..නේද මැණිකේ…..

පුතා මට සමාවෙන්න එදා  පුතාලට එහෙම සැලකුවට .කමක් නැ අන්කල් මං එ් හැම දේම අමතක කලා අම්මයි අප්පච්චිත් එවා අමතක කරලා ගොඩක් කල්.අපි මේ හැමදේම අමතක කරලා  මේ මොහොතේ ඉදන් අලුත් බැදිමක් අැති කර ගම්මු නේද අප්පච්චි..

මගේ දුව වාසනාවන්නයි පුතා වගේ දරැවෙක් ලබන්න……

හැමදේම හොදින් සිද්ද වුනා.අද එදා සුදු අයියා කියපු විදියට උඩරට විදියට අැදලා තැල්ල දාලා පෝරැවට නැගලා මම සුදු අයියගේ පතිනිය වෙන්නයි යන්නේ අවුරැදු අටක් #නොසැලුණු #මගේ #අාදරය අද සම්පුර්ණ වෙනවා  හැම කෙල්ලෙක්ගෙ වගේම මගේ හීනෙත් අද සැබෑ වෙනවා…

හැමෝගෙම අාශිර්වාද මැද්දෙ අපි දෙන්නා අපි දෙන්නගෙම වුනා අපි අපේ අාදරේ ජය ගත්තා..

නිමි………..

                         
ළමයි මේ කතාව මනක්කල්පිත කතාවක්.මගේ අත්තම්මා කියපු කතාවක් නිසා හිතට අපු අදහසක් අකුරැ කලේ. අද අපේ සමාජයේ කුලභේද ප්‍රශ්න නැ හැබෑයි අත්තම්මා කියපු හැටියට එ කාලේ තිබිලා තියනවා.අද සමාජේ කුලභේදත් එක්ක ජිවත් වෙන්නැ.කුලයකින් මිනිස්සු මනිනත් බෑ. පුද්ගලයා හොදනම් එච්චරයි.හැබැයි අපේ අාදරයට මොන ප්‍රශ්න අාවත් හදවතින් නැතුව මොළයෙන් විසදුම් සොයන්න එතකොට අද බැරි වුනත් ටික කාලයක් ගිහින් හරි අපේ අාදරේ ජයගන්න අපිට පුළුවන්….

ඉතින් ළමයි කතාව හොඳනමේ like එකක්  comment එකක් දාලා අදහස් කියලා යන්න මගේ කෙටි කතා කියවන්න කැමති අය SaD StOrY පෙජ් එකටත් LIKE එකක් දාන්න හැමදාම වගේ කතාව කියවන අයට ගොඩාක් අාදරේයි😘😘😘🦋🦋🦋🦋🦋 සියලුම අයිතිය කතෘ සතුවේ උපුටා ගැනිමේන් වලකින්න 🦋🦋🦋🦋🦋😘😘

                                      චතු…….

Offline Mandakini

  • Newbie
  • *
  • Posts: 13
  • Reputation Power: 1
  • Mandakini has no influence.
  • Referrals: 2
    • View Profile
Re: නොසැලුණු අාදරේ
« Reply #1 on: October 27, 2018, 12:03:26 AM »
hmmmm..  :yes:

Offline Gayan

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Gayan has no influence.
  • Referrals: 0
    • View Profile
Re: නොසැලුණු අාදරේ
« Reply #2 on: October 27, 2018, 10:57:40 AM »
 :clapping:

Offline Chanaka

  • Newbie
  • *
  • Posts: 18
  • Reputation Power: 1
  • Chanaka has no influence.
  • Referrals: 0
    • View Profile
Re: නොසැලුණු අාදරේ
« Reply #3 on: October 27, 2018, 02:27:03 PM »
ලස්සනයි  :whistle:

Offline යක්ෂ පරපුර

  • Newbie
  • *
  • Posts: 10
  • Reputation Power: 1
  • යක්ෂ පරපුර has no influence.
  • Referrals: 0
    • View Profile
Re: නොසැලුණු අාදරේ
« Reply #4 on: November 02, 2018, 09:45:05 PM »
Lassana kathawak

 

GindaraWeb