Author Topic: දඩයක්_කරැවා  (Read 99 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
දඩයක්_කරැවා
« on: October 27, 2018, 11:24:01 AM »
#කෙටි කතාව

  #කතාවේ_නම -    #දඩයක්_කරැවා    #අකුරු_කලේ -
  #අජිත් කුමාර  කලුවා බදු විදාන ආරච්චිලාගේ

#කරුණාකර කතු අයිතිය සුරකින්න.

==================================================👇👇
…… #කරැවා
 මේ නම ඔහුට ලැබුනේ  නෑ මිනිසුන් ඔහුට ලබා දුන් නමකි,
      බිලින්දෙකුව සිටින විට කවුරැන් හෝ
මිනිසුන් මිහිදන් කරන  කනත්තක  දමා ගොස් එහි ම හැදී වැඩී ඇති නිසා ත්..........

 ඔහුගේ කාර්යය ලෙස  එහි මියැදුනු මිනිසුන් වලක් කපා වල දැමීමය,

 තමන්ගේ නමවත් ලියා ගැනීමට නොහැකි  වගේම  ලියා ඇති කිසිවක් කියවීමට නොහැකි ඔහුගෙන්  මිනිසුන් වැඩ ගන්නේ කෑමට යමක් දීමෙන් විතරමයි ,

  කනත්තට පහලින් වූ මහා රෑස්ස වනයේ දඩයම් කිරීමට මහත් ඇලුමක් දක්වන ඔහුට ඇති එකම මිතුරන් වන්නේ මිය ගිය ආත්මයන්ගේ අදෝනාවන් පමණි ,

ඔහුව මුහුණට මුණ ගැසෙන්නන් අසුභ ලකුණක් සේ සලකන නමුත් ,

ඔහු දඩයම් කරන  මුවන් ,සිoහයින් , කඟවේනන්,කිඹුලන් , ඇතුන්  වැනි සතුන් ව  හා උන්ගේ මස් මිලට ගැනීමට ජනයා බොහෝ ප්‍රියය.......
"""
 """ඔහුගේ ආයුධය 🔨  එක් පැත්තක පොරවක් මෙන්ම අනෙක් පැත්තට මිටියක් ආකාරයට ඇත.  අඩි අටක පමණ දිගින් යුත් එම ලෝහය කිසිදු පලුද්දක් නොමැති නොයිඳුල් ලෝහයකි එහි මිට අගින් දිවෙන දම්වැලකින් ඔහුගේ අත රැදි වලල්ලට සම්බන්ධ ව පවතී ,,,,

ඔහු මේ වන විට මරා ඇති සතුන් ගනන කොතෙක්දැයි  ගණනය කල නොහැකි නිසාත්,ඔහු අඩි අටක පමණ උසකින් යුත් නිසාත්  ඔහුට #කරැවා ලෙස සැවොම අමතයි ,

මහ රෑස්ස කැලේ මදු ගසා පැමිණෙන ඔහුට එයට හසු වූ සතුන්ගේ මර ලතෝනිය බොහොම සියුම්ව ඇසෙනවා පමනක් නෙවෙයි ඒ සැනින් වනය පීරා එම සතුන් දඬයම් කිරිම  ද සිදු කරයි ,

කනත්තට අතේ දුරින් පිහිටි පන්සලේ පොඩි හාමුදුරැවන්ගේ  පිරිත් ඇසෙන ඔහුට ,
කුස ගිනි වැඩි දවසට රාත්‍රියේ හොරෙන්ම පන්සලට  රින්ගා  දහවල් දානය  ඉතිරි වූ යමක් වෙතොත් එය කෑමට ඔහු දක්ෂයෙකි ,

 නමුත් පන්සලේ හාමුදුරැවන් ට එය අරැමයක් නොවුනේ  එතුමා හොදවාකාරවම දන්නවා #කරැවා  පන්සලට රින්ගන බව ,

ඒ නිසාම මරණයක් නොමැති දිනවලදී  දහවලේ ඉතිරි වූ දානය  ඉවත් කරණ ලද පාත්තරයක දමා කරැවා වෙනුවෙන් වෙන් කර තබයි  ,,,,,

එදා අමාවක රාත්‍රියක් වගේම  පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සහිත දිනයකි , වෙනදා මෙන්

 හ්‍ර්ර් ....හ්‍ර්ර්ර්ර්ර්ර්......

කනත්තේ නිදාසිටින ඔහුට ඇසුනේ  ඒ වල් ඌරෙකුගේ වේදනාත්මක ශබ්දයකි ,  දෑතේ බැදි ඔහුගේ ආයුධයේ මිට අගින් අල්ලා කරට ගෙන රෑස්ස වනය පීරා මදු ගසා තිබූ තැනට යත්ම එහි වූයේ  වල් ඊරියකි

දෑසින් දෑසට ගැටුණු මාරාන්තික අවස්ථාවේ මද්ද කඩාගෙන  දිව යන 🐖 ඊරිය පසු පස වේගයෙන් දිව ගියත් විටින් විට මතු  වෙමින් නැවත අතුරැදහන් වෙමින් වනය තුලටම දිව යද්දී එකවරම,
 
 මාරාන්තික මද්දක කකුල පැටලී බිමට වැටුනු සැනින් ඊරිය ගේ දල පහරට අසු විය ,  සිරැර දල පහරින්  හිල් කරමින් හොම්බෙන් විසි කරමින්  සිටියදී ,

තරහව දෙගුණ වන අතරේ අතෙන් ගිලිහීගිය ආයුධය දම්වැලෙන් මිට ලගට ගන්න හැදුවේ ඊරිය කෙසේ හෝ මරාගත් යුතු යන සිතුවිල්ලෙනි,ඒ බොහෝ මිනිසුන්ගේ ප්‍රියතම ආහාරයක් ලෙස ඌරැ මස් ලබා ගන්නේ ය .

වල් ඌරන් තුල මහසෝනා , නැතිනම් මාරයා  ගේ ආත්මය ජීවත් වන නිසා ය,
 වල් ඌරැ මස් කෑමෙන් තමාට ඇති අපල දෝෂයන් ,  දුරැ වන බව අන්ධ විස්වාසයක් මිනිසුන් තුල පැවතිණි ,

නමුත් කරැවාට නම් මෙතෙක් කිසිදිනක  ඌරෙකු දඩයම් කිරීමට අවස්ථාවක් නොලද අතර මේ ඔහුගේ පලමු ඌරැ දඬයම විය,

මිට අතට අහු උන සැනියෙන් පිටුපසට පිනුමක් ගසා  ආයුධයේ පොරෝ පැත්ත ඊරියගේ හිසට පහර දීමට ඉහලට ඔසවා ගියත් ඔහු පොලොව තුලට  ගිලා බසින්නට විය ,

ඔහුට වට පිට බැලින්නම් තේරැනේ ඊරිය තුල ජීවත් වන මහසෝනා  තමාට මරණය තීරණය කර ඇති බවයි.

ඒ  කිසිදු සතෙක්වත් නොයන
වගුරැ බිමක එක් වගුරක තමා ටිකෙන් ටික ඇතුලට කිදා බහින විට
ඊරියගේ දෑස් ජයග්‍රහී ලීලාවෙන් නිල් පැහැයෙන් දිලිසෙන විට,

 නහයටත් උඩින් මඩෙන් පිරෙද්දී දැස් පියවී  යත්ම දෙසවන් තුල දෝoකාර දුන්නේ  එතෙක් කාලයක් මරණයට පත් කල සතුන්ගේ අදෝනාවන් පමණි...........

-------------------------------------👻🐖🦋......
------------------👻🐖🦋......
වසර (12000)දොලොස් දහකට පෙර .....
 පෘතුවි නැමැති ග්‍රහලෝකයේ එක්තරා භූමියක , තිරිසන් සතුන්ට පවා,
බයේ සිටින කාලයක , ඒ
බයින් ජීවත් වූ ජනතාවක් සිටින, ඔවුන් ගේ වාසස්ථානය උනේ  වැහි අකුණකින් දෙබෑ වී ගිය  ගල් ගුහාවකි  .

ගල්ගුහාවට ඉදිරියෙන් ඇති කුඩා ජල පොකුණකි ,එයට අඩි කිහිපයක් දුරින් පිහිටි තැනක බිත්තරයක් වැනි අඩි දොලොසක් පමණ උස ගලකි,
           එම ගල නීලවර්ණයෙන්, රක්තවර්යෙන් හා සුදුපැහැහෙන් දිලිසෙන නිසා එම ජනයාගේ ආරක්ෂක යා ලෙස ඔවුන් එම ගලට සලකයි .,
කිසිවක් නැති කල ඔහුන් ජීවත් වන්නේ පළතුරින් කුස පුරවා ගනිමින් ,ඔවුන්ට ඇදුම් පැලදුම් යනු කුමක්දවත් කියා දන්නේ  නැති නිරැවත්ම ජන කොටසකි ...............
🦋🦋🦋🦋🦋🦋......

(""" වාටලාම්....... වාටලාම් .......
යෙදෝ  තප්පු නාන් ග සෙයියරාම්  නම්බ ජල කූට්ටම් ඉප්පෝ යෙදෝ නමක සොල්වරාම් ."""".....)

වටලාම් .... වටලාම්......  කවුරැන් හෝ වැරැද්දක් කරලා ජල පොකුණේ  ජලය සුලියක් මෙන් බොර වෙලා කැරකෙනවා,

 සියලුම ජනයා එතනට විත් මේ සිදුවන අරැමය  දිහා බලාන ඉන්නකොට  එක පාරම ජල සුලියෙන්  එලියට විසි වී ආවේ කුමක්ද ?

 යන්න හැමෝටම ගැටලුවකි ඒ ඔහු අත රැදි යමක් සමගින් නිරැවත්ව සිටින නිසා ය ,,,..........

යාන්‍තමට සිහිය විත් බැලින්නම් පිරිමින්, ගැහැණුන් ,ලමයින් මේ සියල්ලම මාව වටලාගෙන  අමු හෙලුවෙන්‍ ,

මට මහත් ගැටලුවකි ඒ අතර කෙදිරි ගාමින් සිරැරේ තුවාල වලින්  ලේ පෙරෙද්දී එකෙකු මා වෙත දිව විත් මාව ඇදගෙන  රැගෙන ගියේ  ගලක් වෙත
එහි මාව හේත්තු කරවීය,
සියල්ල දෙස  බලා සිටියදී  නැවත මට  සියල්ල බොද වෙම්න් සිහිය නැතිවිය ,

නැවත සිහිය ලැබෙද්දී හෙලුවෙන් සිටි තරමක් වයෝවෘද්ධ විකෘති පෙනුමක් ඇති අයෙක්  මා අසල සිටියේය ,

(සාප්පඩන්ගෝ .....
.සාප්පඩම් ගෝ....)

ඔවුන්ගේ භාෂාව තරමක් මාව අවුල් සහගත කරද ,  ඔහු කියන ගමන් අතින් සිදු කරේ යම් ගෙඩි වර්ගයක් මාගේ කට වෙත දිගු කිරීමය ,

එය මා ගේ ආහාරය ලෙස සිතා මාත් කෑමට පටන් ගත්තේ ය.......

ඔවුන් කිසිවක් නොකරයි 🌞 හිරැ රෂ්මිය වැටෙද්දීම,  සිටින තැනින් බොහෝ දෙනා තරමක් දුරකට ගොස් කෑමට විවිධ ගෙඩි වර්ග සොයාගෙන නැවත පැමිණේ,......

දින කිහිපයකින් මගේ තුවාල  සුව වී ඇති අතර  නැගිට ඇවිද යා හැකි නිසා, මම ද දිනක්  හිරැ රෂ්මිය වැටෙද්දී ඔවුන් සමගම ගියහ,

මඩේ එරෙන අවස්ථාවේදී  මගේද ඇදුම් ඉරී මඩේම හිර උන නිසා මා ද නිරැවතින්මය ,

ඔවුනට මගේ  චර්‍යාවේ ගැටලුවක් නොමැති අතර මා අත දම්වැලකින් බැදි ආයුධය ඔවුනට තේරැම් ගත නොහැකිය .....

බොහො දුරක් ගොස් නැවත උන් සියල්ලම යමකට භය වී දිව එද්දී මාද එය විපරම් කර බැලීය ,

ඒ ගෝනන් රoචුවකි , එයටද මේ මිනිසුන් භය වන්නේ ය, 
 නැවත ඔවුන් සමග පැමිණි මට  ගුහාව තුලට පැමිණීමට ආරාධනාවක් ලැබිණි ...

එය ඛේදවාචකය තත්වයකි  ඔවුන් දරැවන් තමන්ගේ, අනුන්ගේ, වැඩි හිටියන් කියා වෙනසක් නොමැත කිරි එරෙන සියලු මව් වරැන්ගෙන් අනෙකුන් කිරි බොන අතර ,

ඝණ අන්ධකාරය  වැඩි වත්ම ඒ සියල්ලම පොඩි ,ලොකු ,බේදයකින් රොත්තම එකට ඇලී සිටින්නේ සීතල මග හරවා ගැනීමටය .

මා ගුහාවෙන් එලියට විත්  වනය තුලට ගොස් 🌙 හද එලියෙන් පාර සොයාගෙන  දිරා ගිය දර කෝටු කිහිපයක් හා වේලී ගිය තණකොළ මිටක් රැගෙන ගුහාව අසල රැදි ගල් කැබැල්ලකුත් ගෙන ගුහාව තුලට ගොස් එය සකස් කොට ,

මා අතරැදි ආයුධයට ගලෙන් ගසමින් .....ටන්.... ටන්.... ටන්.....
ගිනි පුපුර මතු කරමින් ගිණි ගොඩක් ගැසීය .

මුලින් ආ ශබ්ධය සමග සියල්ලම කන් වල අත් වසා ගනිමින් මේ පුදුමය දෙස කටවල් අයාගෙන බලා සිටියේ  ජීවිතේ පලමු වතාවට  🔥 ගින්දර දකින නිසාය ,

එක එකා නැගිටමින් මා අනුගමනය කරන්නා සේ අසලින් වාඩි විය මොහොතක් ගෙවෙන තැන සියල්ලම ගිනි මැලය වටේ සිටින්නට පටන් ගත්තේය ,

පසුදා හිරැ උදාවත් සමග සියල්ලම මගේ පිටුපසින් ඒමට පටන් ගත්තේ ගිනිමැලයේ ලද උණුසුම මෙන් තවත් බොහෝ දෑ  ඔවුන් වෙනුවෙන් කරන්නේ යැයි සිතාය ,

ඔව් මගේ දඩයම් ඥාණය මා මේ සියල්‍ලටම ලබා දෙමි.
 එතෙක් මා පසු පස පැමිණි සියලු දෙනාටම  වනය තුලට යත්ම එහි මියැදී සැකිලි වී ගිය විශාල සත්වයින්ගේ ඇට සැකිලි එකතු කර නැවත ගුහාවට රැගෙන යන ලෙස අණ කර අතරම ,

මගේ ආයුධයෙන් කපා ගත් ශක්තිමත් දිගුවැල් හා  කෝටු සමග  තවත් කණ්ඩායමක් පිටත් කර යැවීය ,

ලී කැබලි දෙකක් මත ඇදක් ආකාරයට බැදගත් වියනකි.
ඒ ආකාරයේ සයක් නිර්මාණය කොට කෑමට ගත හැකි  පලතුරැ වර්ග එම වියන් වලට දමා කර තබාගෙන යන්නැයි  තව කණ්ඩායමක් පිටත් කර යැවීය ,

අවසාන කණ්ඩායම හා ඉදිරියට ඇදෙත්ම පැන්නේ හාවන් ජෝඩුවකි කණ්ඩායම පණ එපා කියලා දුවන්න  ගද්දී මම ඉදිරියට පැන එක පහරින් 🐇 🐇 හාවන් දෙදෙනාටම මරණය උදා කරේ,
  ඔවුනට බිය විය යුතු සතුන් හා බිය නොවිය යුතු සතුන් සිටින බව ඒත්තු ගන්වමින්ය .

නැවත ගුහාව වෙත ගිය මා හාවුන් දෙදෙනාත් සුද්ද කර  ගිණිමැලයක් ගසා හොදහැටි පුළුස්සා  පලතුරැ සමග ආහාරයට දුන්නේ එතෙක් කාලයක් පලතුරැ වලින් පෝෂණය ලද ඔවුනට එය දිව්‍ය භෝජනයක් විය ,

 ජල පොකුණට මදක් පහලින් තිබූ තැනි තලා කොටසේ  ගෙන ආ කෝටු හා වැල් බදිමින්  සාදා ගත් හතරැස් විශාල කොටු වලට ,

ගෙන ආ සතුන්ගේ ඇට සැකිලි කැබලි වලින් තියුණු ආයුධ සකසා පොලව කොටා ලබා ගත් පස් වලට පොකුණේ ජලය කවලම් කරමින් මැටි සාදා  කෝටු අතරට එවා ගසමින් බිත්ති සේ නිර්මාණය කර,

 එක් තැනක යාමට හැකි පරිදි කවුලුවක් නිර්මාණය කරේ කාමරයක් පරිදිය .
 සියල්ලම මා ඉදිරියට කැදවා  එහි සිටි සියල්ලම කොටස් හතරකට වෙන් කරේ ඔවුන්ගේ ශරීර ඉරියව් අනුව
1):ලාමක ලදරැවන්
2):වැඩිහිටි දරැවන්
3):තරැණ ජවයක් ඇති කොටස
4):මහලු වී වැරහී ගිය කොටස

මෙලෙස වෙන් කර අයගෙන් කාමර ආකාරයට සාදාගත් කුටිවලට වෙන් කරේ එතෙක් උප්පත්තියක් දී ඇති දරැවන් එකිනෙකාට ලබාදෙමින්  ඔවුන් සියලු දෙනාම පවුල් වලට කඩා ,

හැම පවුලකටම ගැලපෙන පරිදි මැටි කුටි නිර්මාණය කර ලබාදුන් අතරම 
තරැණ ජවයක් ඇති ගැහැණුන් පිරිමින් පමණක් එකට තබා ජීවත් වීමට වෙනම කුටි නිර්මාණය කරවීය ,

ඒ වගේම ඔවුනට මා විසින් වෙනම ආමන්ත්‍රණය කිරීමට හැකි පරිදි නම් කරේ  මැටි කුටි වල ඉන්න විදියටමය  අම්මා, තාත්තා ,දුව, පුතා ,ආච්චි ,සීයා ලෙස නෑදෑකම් හදුන්වා දුන්නේය , සියල්ලගේම අවශ්‍යතාවල නිමැවුම් කරැවා වූ මාහට  අවසානයේ ඔවුන්ගේ නිරැවත් භාවයට පිලියම් ලෙස ,

තල්ගස් වල අතුවලින් ලබාගත් කොල එකිනෙකට වියා ගනිමින් ඉනටත් ,ලැමටත් සුදුසු ආකාරයට  බැදීමටත් සියල්ලටම  කියා දුන් අතර,
රාත්‍රිය නිදා ගැනීමට නොහැකි තත්වයක් උදා උනේ  එතෙක් මොවුන් අතර මියැදුනු සියල්ලගේම ආත්මයන් ගේ අදෝනාවන් මට පෙනෙන්නට විය  .
පසුව සියල්ලම  කැටුව මල මිනිසුන් ගිනිමැලයකට දමා පුළුස්සා අලු දියට දමා ඔවුනට සාමදානයෙන් සැතපීම සිදු කරා,

 දිනක් උදා විය රක්ත වර්ණයෙන් මුළු ඉහල ආකාශය පුරාම පැතිරෙද්දී  ,පොකුණට ඉදිරියෙන් ඌ ගලෙහි වර්ණය දිලිසෙන්න විය ....

එය මට සිහිපත් කරේ පොකුණේ ජලය මා මෙතනට ආව දින සිදු වූ දෙයට සමාන දෙයකි  ඒ කියන්නේ නැවත මට යාමට හැකි දොරටුවක්ද මේ යන්න මා හට පැහැදිලි විය ,,,,,,,,

ආයුධය අතට ගෙන සියල්ලම එක් රැස් කර මාගේ ආයුධයෙන් ගල කෑලි කෑලි වලට කුඩු කරමින්  මා හොරෙන් පන්සලට යන විට  දකින පිළිරැව මගේ මතකේ හැටියට නිර්මාණය කරවීය .....

එහි යටටම වන්නට තිබූ යම් අකුරැ වගයක් මට මතක්ව තිබුනේ ඒ අසල හැම දිනකම පහනක් දල්වන බැවිනි, වරක් මා ගෙන් මස් ගැනීමට පැමිණි අයෙකුගෙන් විමසූ විට එය ඒ පිළිමේ නම බව මා හට පවසා සිටියේය ,

එබැවින් ගලෙන් නෙලන ලද පිළිරැවේද මා  එලෙස නම මතකේ හැටියට  කොටන්න විය  එය #ගෞතම...
සියල්ල අවසාන කර මා විසින් පැමිණි සියලු දෙනාටම  නිම කරවූ පිලිමය පෙන්වා  මෙසේ පැවසීය  ........

(''''''#ගෞතම  ......
යෙනකුම් මේල
එල්ලාරැක්කුම් මේල,
ඉරිකවන්දා ඉන්ද #ගෞතම.''''':....)

#ගෞතම  .....
මටත් ඉහලින් ,අපි හැමෝටමත් ඉහලින් සිටින පුද්ගලයා තමා මේ පිළිරැවේ සිටින  #ගෞතම..

පොකුණේ ජලය කැරකෙන වේගය වැඩි වෙත්ම මා පොකුණ තුලට පැන්නේ ය ...........
🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖.....
වර්තමානය::::;;;;;;

නැවත මා, මහ වැස්සකදීම මඩ වලෙන් ගොඩට විසිවිය , ඒ එදා මා ඊරිය පසු පස ගොස් වැටුන තැනින්මය ,පුදුමයට කරැණනම් තවමත් ඊරිය උන් තැනම සිට  මා දෙස බලා සිටීමයි ,

කෙමෙන් කෙමෙන් මා වැටුනු තැනට 
ආ ඊරිය  එක වරම මිනිස් රැවකට සමාන නමුත්  අඩි හතරක පමණ උසය ...

 මා අත තිබූ  පළුදු නොවූ නොයිදුල් 🔨 ආයුධය අතින් ඇල්ලීය, එය  දූවිල්ලක් බවට පත් විය මා නැගිටින්න උත්සහ කලත්  මාගේ ශක්තිය හීන වී ඇතිබව දැනුනාය ,

වර්ෂාව කෙමෙන් නතර විය මා ඉදිරියේ සිටින කළු කොට මිනිසාගේ හඬින් මුලු වනයම දෝoකාර දෙන්නට විය ,,,,,,

 #කරැවා .....#කරැවා ..... නුබ දන්නේද මා කවුරැන්ද වග ??

නැත නුබව මා හදුනන්නේ නැත කවුරැන්ද නුබ?

මහසෝනා , නැත්නම් මාරයා කියන්නේ මට තමා

 ඉතින් දැන් කලු කොටෝ තෝ ආවේ  මාව ගෙනියන්නද ????

 මහ හඩින් සිනා සී .....
නුබ මාරයා පරාද කොට අදට තිස් අවුරැද්දක් සපිරෙනවා 

මොකක් ?

 ඔව් නරයෝ තෝ තමා මේ ලoකා කියන රටේ ශිෂ්ඨාචාරයේ ආරම්භකයා තොගේ  මේ පවුකාර ජීවිතෙන් දැන්වත් නිදහස් වෙයන්, 

පෙර පිo මහිමය ට හැකි උනා මාව පරාද කරන්න තෝව රැගෙන යන්න දැන් මට බැහැ හැබැයි මම නැවත එනවා දැන් පල තෝ ....

කියන කිසිවක් නොතේරැනු මට ඇස් මානයේම නැවත කොටා ඊරියක් වී  නොපෙනී ගියාය , 

කුස ගිනි වැඩි නිසාම පන්සලට රින්ගා කුමක් හෝ අහරක් ගත හැකි යැයි සිතා ගියත්,

 පන්සල් භූමියට දහවලේ පය තිබ්බ  පලමු වතාවය ,
සියල්ල වෙනස් වී ඇත  හොරෙන්ම කොම හරි දානේ තබන ශාලාවට යත්ම ......

කරැවා.......කරැවා.....

එක පාරම ගැස්සී  බැලින්නම් ඒ හාමුදුරැ නමකි බයවී දුවන්නට හැදුවත් පය පැටලී වැටීගියේය ,
අහෝ සිහියට පැමිණියේ ඒ මොහොතේ මෙතෙක් වෙලා මා නිරැවතින්ම නේද කියලා මට මතක් විය ,

කලබල වෙන්න දෙයක් නෑ කරැමා  ලොකු හාමුදුරැවෝ නැති වෙලා දැනට තිස් අවුරැද්දක් වෙනවා  ලොකු හාමුදුරැවෝ කිව්වා මට ,

කවදාක හරි නිරැවත් මනුස්සයෙක් පැමිණේවි ඔහුට ,,,,,,,
බුදුකුටියේ ඇති පාත්තරයත් මාගේ මේ අදින කඩයත් ලබා දී  අදට පමණක් මිනිසුන්ගෙන් ඉල්ලන් කන්න කියා පැවසීය ....

එ වගේම බුදු කුටිය තුල එතෙක් තබා තිබූ පාත්තරය මා වෙතට දෙත්ම එහි වූ පිලිමය මා නෙත ගැටුනේය ,
එය නීලවර්ණයෙන් හා රක්තවර්යෙන් හා සුදුවර්ණයෙන්  දිදුලන අතර එහි පහල කොටසේ යමක් සටහන්ව තිබුණේ එය ඇසට  හුරැ අකුරැ කිහිපයකි
     ....  ..... #ගෞතම#...   ....

යන්න එහි සටහන්ව තිබුණා මාරයාගේ වදන් එවලෙහි නැවත මට සිහිපත් විය . ඔව්මනේ මේ මාගේම දෑතින් නිර්මාණය කරපු පිලිම වහන්සේ නේද කියලා මතක් විය ...

ලොකු හාමුදුරැවෝ පැවසූ ආකාරයටම  මා පාත්තරයත් රැගෙන අදිනකඩයත් ඇදන් ගෙයින් ගෙට කෑමට යමක් ඉල්ලා ගොස් ඒ ලද ආහාර විදීමට  සුදුසු තැනක් සොයා ගෙන  වාඩි විය , එහි පැමිණි  බල්ලන් පූසන් හට කෑම ටිකක් බලා දුන්නේය ,

ටිකකින් පරවියන් , කුරැල්ලන් , මුවන්,  හාවුන් , විටින් විට මතු වෙද්දී මා පාත්තරයට අත දාන සැම විටම පාත්තරය පිරී තිබිණි සියල්ලටම වෙන වෙනම කෑම දුන් මගේ හිත බොහොමත්ම සැහැල්ලු විය ,

 ගව් ගානක් දුරින් පිහිටි පන්සලේ පිරිත් වලින් මගේ දෙසවන් පිරෙන්නට විය ,

දාරමණ්ඩිය ගොතලා  මහ පොලව මත හිදගත් මාගේ මරණය මේ මොහොතේ සිදු විය යුතුයැයි සිතා දෙනෙත් වසා ගද්දී

 ඉහල අකාශයේ ගිගුම් දුන් අකුණු පහරක් මාගේ හිස දිගේ විත් පොලවට කිදා බහින විට මා ඉදිරියේ මා සිටින බවත් බිම සිටි මා අලුවී දුහුවිලි වලට එක්වන බවත් දුටු විට

නැවත මා හැරැණු විට  කලු කොටා මාරයා එක් පැත්තක සිටි අතර

ජීවිතය යනු එක් තරා විදියක අනිත්‍ය වූ දඩයක්  එය නුබ ජීවත්ව  සිටියෙදී ගෙවා දැමූ බැවින් නුබට තෝරා ගැනීමක් ඇත ඒ මා සමග අපාගත වීම

නැතිනම් ?

අනෙක් පස වූයේ  සුදුවන් පාට පියාපත් යුගලයක් සහිත දළ ඇතෙකි , දෙව්ලොව අධිපති #මාහීoපාලෝ  දෙවියා මම වෙමි නුබට මාගේ දෙව්ලොව අග්‍රතනතුර හිමිය ,

දෙදෙනා දෙසම බලා සිටි මා හට එවලෙහි ඇසුනේ  "
   "දරැව කරැව මනුලොව ඉපදීමට හේතු දෙකකි 
 ලොව පවත්නා බුදුවරැ පස්නමකින් හතරක් ඉපිද පිරිණිවන් පා අවසානය අප බුද්ධකල්හි ගෞතම මුණිදුන්ගේ දෝණයක් දාතු ඇති කල්හි ස්වර්ණමාලියේ  රැදී සිටින්නේ ය ....

ඔව් සැබෑවකි මා ජීවිතය පවත්නා තුරැම සේවය කල යුත්තේ බුද්ධ පුත්‍රයෙකු හටය
  මාරය  තාද යව්
  මාහීoපාලෝ  තාද යව්
මාගේ උපත්තිය නැවත මනුලොව තුලම සිදුවේවි.....

 මා කරැවා ය කිසිවෙකුට  යටත් නොවු කාලයට ද අභියෝග කරපු මහා ශිෂ්ඨාචාරයක නිමැවුම් කරැවා ය ... 
     
නිගරැ බවින් අමතා අමන ජීවිතය
කියයි ලොවටම උබ පව්කාර භවය
බිය  කුමටද  නරයිනි  ජීවත්  වීමටය
ගෙවව් #දඩයක් #කරැවා මම වැනිය

                   #අවසානයි......

කියවපු ඔබටත්
බලපු ඇයටත්
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

 

Offline Chanaka

  • Newbie
  • *
  • Posts: 18
  • Reputation Power: 1
  • Chanaka has no influence.
  • Referrals: 0
    • View Profile
Re: දඩයක්_කරැවා
« Reply #1 on: October 27, 2018, 02:27:38 PM »
Patta...  :clapping:

 

GindaraWeb