Author Topic: ••••¥#බල_රහිත_පඬුර#¥••••  (Read 112 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
••••¥#බල_රහිත_පඬුර#¥••••
« on: October 30, 2018, 10:34:56 PM »
#කෙටි_පලියක්

     ••••¥#බල_රහිත_පඬුර#¥••••

මාගේ පලමු ගුරැවරයා දිනක් මට මෙසේ පැවසීය ......

       "යමන්කෝ පොඩි ගමනක්

ඒ කොහෙද ? 

දැන් උබට කසාදයක් හරියන්න කියලා බාරයක් වෙලා එමු "
ටවුමට ගිහින් ,

උබට තව ටික දවසකින් හතලිස් ඇදිරියත් ලබනවානේ ,

"ඔහු සැබෑවටම සිදු කිරීමට සැරසෙන දෑ පුදුමාකාරය"

  එබැවින් මාත් පුදුමයට පත් වන්නට විය ,

ඕන මගුලක් , දෙකයි පනහයි කියලා ගියා ,

හම්මට සිරි යකෝ පන්සලේ ලොකු හාමුදුරැවෝ අපවත් වෙලාවත් මෙච්චර සෙනගක් ඉන්න නැතිව ඇති  .....

දේවාලයේ ඉන්න සෙනග දැක්ක මට  ඉබේටම කියවිණි.......

ටිකක් වට පිට බැලුවා  ඇවිදින් සිටින  මිනිසුන් දිහා

බොහො අය පලතුරැ වට්ටි පුරවා සකසා  ගෙන, පොලිමට වී ඇත.

 දිදුලන රෙද්දකින් නිරාවරනය වූ කාමරයට යාමට සූදානම් විය .....

ඒ අතර නෙත් ගැටුනේ එහි බැනරය වෙත ........
      🌟👀☕......
 
"" කoසූ  මෑණියෝ....
( සියලු ලෙඩ රෝග ,විශ්ව ශක්තීන්ගෙන් උදව් ගෙන සුව කිරීම්,හැරයන්නන් ගෙන්වාදීම , බීමතින් ඇබ්බැහි වූවන් එයින් මුදවා ගැනීම , අණ විණ ,කොඩි විණ , පලි ගැසීම්, සියල්ල සදහා විමසීම්)
දු:අ": 967 3323 217
          963 4362 028
          965 6328 444
          962 6272 022 

මැදි කාලීන වයසක පසු  වූ   කoසූ  ගුරැ මෑණියන් ගැන මා අසා තිබුනේ  මාගේ පාසල් වියේ මිතුරියක් වූ හෙට්ටිමාලාගේ  සැමියා ගේ බීමත් කම දැන් මග හැරී ගොස් ඇති බවත් එය සිදු කරේ කoසූ මෑණියන් බවය ,

නමුත් එහි සත්‍ය තාවයක් නොමැත මොකද,
  ගෑනිගේ වදේ ඉවසන්න බැරිම තැන ඔහු අරක්කු බීමඇතෑරියේය, නමුත් දැන් ඔහු ගන්ජා කප්පිත්තෙකි,
ඒ බව ගෑනි නොදන්නේය ,

✍️...
ගුරැවරයා මා ඇතුලට යැවීය ... පෝස්ටරයේ තිබුණා සේම මෑණියන් ලස්සනයි ...

කොන්ඩෙ කඩා දාලා  මුණට වැටිලා  එහාට මෙහාට ඔලුව සොලවන ගමන් මම අතේ තිබු වට්ටිය පුජා කරේය ....

ඕo කාලි මාතානo
නර පල්ලන් දමනo
......ඕන් වර වර  හනුමන්තo...

එක පාරම අතේ තිබ්බ පුවක් මලෙන් කෙලගෙන කෙලගෙන ගියා මගේ ඔලුවට ....

තෝ  දෙවියන් විස්වාස නොමැතිනම්  මා තොට දඩුවම් කරමි පරයා .....

මොනා කරන්නද ඉතින් කාගෙන විස්වාස කරලා වට්ටියට තිබ්බ කාසියත් රැගෙන එලියට පැමිණියා ....

තෝල්කයෙක් මැරෙන්න කෑගහනවා ...

ඔය බබාලා නැති අය ට තිබ්බ පඬුරැ ගැටහන අය මේ පැත්තට

විවාහා පරක්කු අය තිබ්බ පඬුරැ මේ පැත්තට

අනෙක් ඔය පොඩි පොඩි අය පොඩ්ඩක් පස්සට වෙන්න දැන් මෑණියෝ කන වෙලාව තව පැයකින් තමා දේවාලේ වැඩ .....

අපිටත් ඉතින් ගිය තැනක් ඇත්නම් අත පය තියාන ඉන්නත් බෑ කටත් ඒ වගේමයි ......

අතේ තිබ්බ පඬුර ගැටගැහැව්වා එතෙක් කාලයකට  හිත නොගිය අඩුපාඩු අතරේ  කාලි මෑණියෝ සිහි කරලා ලී කනුවේ පඬුර ගැට ගැහැව්වේ
"   කoසූ මෑණියන්ව මගේ සහකාරිය කරගන්න ලැබේවා කියලා .....

එහෙම හිතලා ගැට දෙකක් දාලා හිර කරනකොටම අතට දැනුනේ පඬුර ගිනියම්වෙලා දැනෙන රස්නයකි...

 ඔන්න ගුරැතුමා දැන් සතුටුයිද ?

කාලි මෑනියන්ව සිහි කරලා මම කoසූ  මෑණියන්ව විවාහා කර ගන්න ලැබේවා කියලා පඬුර ගැටගැහැව්වා ...

මොකක් ? 

බොට පිස්සුද ?

විගහට ගොස් ඒ පඬුර නැවත ලිහා දමා වර  කලබලයෙන් එසේ පැවසූ ඔහු දිහා විස්මයෙන් බලා සිටියේය ....

යකෝ පලයන් ගිහින් ලෙහා ගෙන වර
දේවාල භූමියට ආපසු හැරෙනවාත් සමග කාලි රෑපයට ඉදිරියෙන්  තිබූ පඬුරැ  සියල්ල දැවීයන්නට විය ,

ඒ සමඟම කoසූ මෑණියන්ගේ කුටියෙන් හටගත් ගිනිජාලාවෙන් දිවි බේරා ගැනීමට එලියට  පැනපු මෑණියන්ගේ අදින කඩේට ගිනි ඇවිලී තිබුනා ,,,,

 එහි සිටි පිරිස සී සී කඩ දුවද්දී  සියල්ල අමතකව මෑණියන් දෙසට දිව ගිය මම ඇගේ වස්ත්‍රය ඇද දමා  මාගේ  වේට්ටිය ඇයට පොරවා ගින්නෙන් ඈව බේරගත්තේය....

...මේ සියල්ල සිදු වීමට ගත වූයේ විනාඩියකටත් අඩු කාලයකි ....

 පලමු ගුරැවරයා නැවත මා කැදවාගෙන යන  අතර යට කයට ඔහුගේ කර තුල තිබුනු සලුව පටලවන් මා යන්න ගියේය .
🤝✍️✍️...
 
කොලුවෝ මම දැන් යා යුතුයි නුබට ගැටලුවක් මතුවේවි.

 නුබ පැතූ දේ ඒ ආකාරයෙන්ම ඉටු වේවි නමුත් මතක තබා ගන්න සියල්ල පාලනය කරන්නේ දෙවියන් නොවන බව  ...

යම් දිනක මා සොයා එන්නේනම් මා "සoස්කාර" වනයේ සිටින බව මතක තබා ගන්න ......
🙏✍️✍️....

මසකට පසු•••••••••••

.... කොන්දොස්තර මහත්තයා මේක යන්නේ කීයටද ? ...

දැන් යනවා මහත්තයෝ නගින්න  ..... නගින්න .....

බස් රථයට නැග මැද අසුනක වාඩි විය  ......
^^^^^^^^^^^^^^^

මල්ලී...
° ඩැයිවර් මල්ලී ....

මේ අම්මව අනුරාධපුරයෙන් දාපන්
ඇස් ටිකක්පේනවා හොරයි  පුලුවන්නම උඩමළුවට කිට්ටුවෙන්ම දාපන් ....

හරි ලොකු ........

__________________

කාන්තාවක් පැමිණ මා අසලින්ම වාඩි විය  . බසය ඒ අවස්ථාවේ යාමට පිටත් විය .

 බොහෝ දුරක් යත්ම ඇය විටින් විට අසන්නට උනේ දැන් කොහේදැයි දැන් කොහේදැයි කියලා .......

මග දිගට පාරවල් වල හා නගර වල විස්තර කරමින් නොදැනුවත්ම ආවේ මගේ අවසාන නැවතුම වෙච්ච අනුරාධපුරය  .....

ඔය අම්ම......
මෙතනින් බහින්න උඩමළුවට මේ පාරෙන් ලගයි .

කියද්දි මටත් මතක් උනේ  මම යන්නෙත්  ජයශ්‍රී මා බෝධියටනේ මාත් මෙහෙම්ම  බැහැලා යනවා එහෙනම් ....

බසයේ පිටුපසින්  බැස ගත් මා ඉදිරියට යත්ම මා අසල බසයේ සිටි කාන්තාව  මදක් ඉස්සරහට වෙන්න පියවර කිහිපයක් තබද්දී  පය පැටලී  වැටෙන්නට විය....

හයියෝ ....කියලා  හීනිවට කෙදිරි ගාපු ඇයව ඉක්මනින්ම නැගිටුවා ඔය නoගිට ඇස් පේන්නේ නැතැයි ?

නෑ අයියේ  ටිකක් විතර පේනවා ....

මේ වගේ දුර ගමනක් එනවැයි  තනියම ? 
දුවා දරැවෝ නැතැයි ?
 
ඇයව වත්තම් කරගනිමින් මලුව දෙසට සෙමින් ඇදෙන්නට විය ...

ඒ අහපු දේටනම් ඇය මදක් සිනා සී

අනේ නෑ මම තාම තනිකඩයි ....

ඇගේ ඒ වචනත්  ඇගේ රැවත් බොහෝ හුරැ කමක් දැනුනු නිසා  විස්තර අසන්නට විය .....

ඉස්සර මට තමා කoසූ ගුරැ මෑණියෝ කියන්නේ  "

ඇය විස්තර පවසද්දී මට මතක් වූයේ මීට  කිහිප දොවකට කලින් සිදු වූ   දේවාල අනතුරකින් මා බේරා ගත් මෑණියෝ ,

දෙයියනේ  මේ එයා නේද ? 
මගේ ප්‍රාර්ථනාව දෙවියන් ඉටු කරලා

එත් .......? ......ඒත්........

ඇයගේ ඇස්වලට කුමක් සිදු වියද ? රෑපය ? 

එකවරම මගේ මුල් ගුරැවරයා සිහි විය ... එතුමාද මේ අඩවියේ සoස්කාර වනයේ සිටිනා බව මතක් විය .. කoසූ  හට සියල්ල පැවසීය,  ඇය වෙනුවෙන් මා පඬුරක් කාලි මෑනිට වෙන් කල බව පැවසීය ,

මේ සියල්ල සිදු වී ඇත්ටේ එහි බලයෙන් බවත් මෙය තේරැම් කල හැකි අයෙකු වේනම් ඒ මගේ මුල් ගුරැවරයා බව ඇයට ඒත්තු ගැන්විය .....

වනයේ පුරා ඔහු සොයා ගියේය ....

ගුරැතුමනි ..... මේ මම ....

ඔහු වෙනදා මෙන් සිනා සි දෙදෙනාටම වාඩි වෙන ලෙස පැවසීය ....

"°දිරා_ගිය_විශාල_ගසක_මුලට_ඔහු_ලග_ඇති_විලකින්_වතුර_ගෙන_දමන්නේය °"

බොහෝ වෙලාවකට පසු ඔහු මා ඇමතීය  ....

දෙවියන් කියා කෙනෙකු ඇත එක් අයෙකු නොව තිස්තුන් කෝටියක් උවද ඇත,

 නමුත් ඒ කිසිවෙකුටත්  මනුෂ්‍යනට උදව් කල නොහැක  ,

එබැවින් තමාව සොයා එන මනුෂ්‍යත්වයිනට උදව් කිරීම සදහා තම දාසීන් වන බහිරවයන් හට පවරා ඇත ...

එනමුදු බහිරවයන් හට තම දාසී බවින් මිදීමටනම් මනුෂ්‍යත්වයෙකුට උදව් කීරීම සිදු කල යුතුමය .

ඉතින් මනුසත්වයිනට තම ඉටු කර ගැනීමට වුවමනා අරමුණ දෙවියන්ට පැවසීමටනම්  #පඬුරක් ගැට ගසා  භාර වීම සිදු කල යුතුය ....

එසේ දෙවියන් ඉදිරියේ ගැට ගසන පඬුරට හිර වන්නේ බහිරවයෙක් ය ,
ඔහු නිතැතින්ම නුබේ ඉල්ලීම් ඉටු කරන්නේය ,

 එයින් බහිරවයා දෙවියන්ගේ වහල් බවින් මිදී යාම සිදු වෙයි ....

නමුත්  ඔහුට පඬුරෙන් මිදිය නොහැක ,

""පඬුරක් දෙවියන් සිහි කර යම් තැනක, යම් අයෙකු ගැට ගසන්නේද , අරමුණ ඉටු වූ පසු  එය ගැට ගැසූ අය විසින්ම ගැට ගැසූ ස්ථානයේම ලිහා දැමිය යුතුය""

නැතිනම් හිර වූ බහිරවයා හිර කරපු අයවලුන්ගේ යහපතට සිටියා මෙන්ම අයහපත ද උදා කරයි...

හිනා මුසු මුහුණින් නැවත මා දෙස බලා සිටි ඔහු මෙතෙක් වෙලා වතුර ගෙන දැමූ දිරා ගිය ගස දෙස බලා ඉන්නට විය ,

මොහොතකින් ආ සුලගට ගස ගැලවී බිමට පතිත විය ....

නුබ  යමක් තේරැම් ගත්තාද ?

සිදු වුයේ පුදුමයකි  මා මාතුලටම ඇදගෙන යනවා මෙන් දැනෙන්නට විය  දෑස් ඝණ අන්ධකාරයක ගිල් විණි.....

><<><><><><><><……………👇✍️✍️

අයියෝ ...අoකල්  ඔය පඬුර  ගැට ගහන්න බැරිනම් අයින් වෙනවද ?

 අපිත් මේ තනිකඩව ඉන්නවා තාම  කාලි මෑණියන්ගෙන්වත් පිහිටක් පතාගෙන ආවේ ,

අoකල් ලා  ඒකටත් කෙලිනවා ....

එකවරම තිගැස්සී පිටුපස බැලීය මා තවමත් ඉන්නේ කoසූ මෑණියන්ගේ දේවාල භූමියේය .

මා අතරැදි පඬුර  ගැට ගැසීමට සුදානමින් ය ..

නැවත මා හට වැරැද්ද නිවැරදි කිරීමට අවස්ථාවක් ඇති බව සිතුවෙමි ....

මගේ පලමු ගුරැවරයාගේ  ක්‍රියාව සිහිපත් විය ....

""මා පඬුරැ දෙවියන් ඉදිරියේ ගැට ගැසුවේය,

 ""නමුත් මා ගේ සිතේ එවලෙහි මැවුනේ එකම රැව #බුදුරැව පමණි  බුදු හාමුදුරැවනේ මා මේ ගැට ගසන පඬුර  කoසූ මෑණියන් හට යහපතක්ම වේවා,,,,,,

දේවාල ගෙයින් එලියට ආවේ කoසූ මෑණියන්  සියල්ල ඇමතීය ..

මේ මොහොතේ පටන් මා  සාස්තරයන් හා අනෙකුත් ගුරැකම් සියල්ල නවතා දමන බව පැවසීය .....

සියල්ලන් බොහෝ සේ බැන වැදී යන්නට උනත්  ඒ සියල්ලම ගැට ගැසූ පඬුරැ පවා ඈ ලෙහාගෙන යන ලෙස පැවසීය ,

සියල්ලම පිටව ගිය පසු මා නතර විය ....

නුබ කවරෙක්ද ? 

කෙලෙසද මා වෙනුවෙන් නුබ පඬුරක්  බුදු කෙනෙකුට වෙන් කරේ ?

නුබ නොදන්නේද ?
පඬුරක් තුල බුදු කෙනෙකු සිර කල නොහැකි බව ?

මා  ඇයට සිනා සීය ......
මට සිහි පත් වූයේ මුල් ගුරැතුමායි  එතුමා යමක් මා හට ඉගැන්වීය.....

 පැලයක්ව ඇති කල වතුරෙන් පෝෂනය වී හැදී වැඩෙන ගස දිරා පත් වූ විට එම වතුර නිසාම නැවත  පොලවට කඩාගෙන වැටෙනවා

                 සේම ....

එහි සුලඟ පැලය කාලෙටත්
එය ගසක් වී වැටෙන කාලෙටත් එක සේම හමා යන බවයි ....

ඉතින්  අපි කුමක් ඉල්ලා පඬුරක් ගැට ගැසුවත් එවලෙහි සිහිපත් කරන්නේ බුදුන්ව නම් ,

එය සුලග මෙන් තමාට හැකි කුමන අවස්ථාවකදී උවද ,
කොය කල්හි උවද නිදහස් කරගත හැකිය,

සදාතනික  බැදීමක් ඇති නොවෙයි

✍️✍️✍️✍️🙏#නිමි.......

..........පසු විපරමක්✍️👇
බොහෝ අය තම දුක් ගැනවිලි හා දේවාල පසුපස ගොස් පඬුරැ පුදා බහිරවයන්ගේ උදව් ගෙන ජය ලැබුවත්   , 

ටික කාලයක් යත්ම නැවත  තමන් සිටියාටත් වඩා කෙලවගන්නේ ඒ බහිරවයන්ටම  කියලා නොදැනුවත්මය ....

👇✍️ අජිත් කුමාර
කලුවා බදු විදාන ආරච්චිලාගේ

විසින් රචිත මෙය
කතෘඅයිතිය සුරකින්න

කියවපු ඔබටත් බලපු ඇයටත්

     
      🙏සම්මා සම්බුදු සරණයි🙏

 

Offline Chanaka

  • Newbie
  • *
  • Posts: 18
  • Reputation Power: 1
  • Chanaka has no influence.
  • Referrals: 0
    • View Profile
Re: ••••¥#බල_රහිත_පඬුර#¥••••
« Reply #1 on: October 31, 2018, 03:20:34 PM »
 :yes:

Offline Gayan

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Gayan has no influence.
  • Referrals: 0
    • View Profile
Re: ••••¥#බල_රහිත_පඬුර#¥••••
« Reply #2 on: October 31, 2018, 08:23:37 PM »
අද කාලේ මිනිස්සුන්ට වැදගත් වෙන කතාවක්...  :clapping:

Offline Mandakini

  • Newbie
  • *
  • Posts: 13
  • Reputation Power: 1
  • Mandakini has no influence.
  • Referrals: 2
    • View Profile
Re: ••••¥#බල_රහිත_පඬුර#¥••••
« Reply #3 on: November 01, 2018, 08:02:29 AM »
Lassanai...

 

GindaraWeb