Author Topic: පොතක් ලියලා සල්ලි හොයමුද?  (Read 233 times)

Offline Pasindu Lakruwan

  • Newbie
  • *
  • Posts: 10
  • Reputation Power: 1
  • Pasindu Lakruwan has no influence.
  • Referrals: 0
    • View Profile

Online සල්ලි හොයන්න තියෙන විශ්වාසදායකම ක්‍රම වලින් එක ක්‍රමයක් තමයි මේ kindle publishing කියන්නේ. ඒත් කොහොමද මේක කරන්නේ? මේ thread එකෙන් මම පැහැදිලි කරන්නම් කොහොමද E-book එකක් කරලා සල්ලි හොයන්නේ කියලා.

ඇත්තටම පොතක් එළිදක්වන එක ලේසි නැහැ. ඒත් Internet එක නිසා සාම්ප්‍රදායික පොත් එළිදැක්වීමේ ක්‍රමය ගොඩක් සරල, වියදම් රහිත වෙලා තියෙනවා.

Internet එකේ පොතක් publish කරල ලාභයක් උපයන ක්‍රම ගොඩක් තියෙනවා. ඒත් Amazon එකේ kindle publishing එක ඒ අතරින් ප්‍රධාන තැනක් ගන්නවා.


මොකක්ද මේ Amazon kindle කියන්නේ?

ඔයාල දැනටමත් දන්නව ඇති Amazon එක කියන්නේ ලෝකෙ ලොකුම විද්‍යුත් වාණිජ්‍ය සිල්ලර අලෙවිකරුවන්ගෙන් කෙනෙක්. සාමාන්‍ය වෙළෙද ද්‍රව්‍ය විකුණන එක ඇරුනු කොට එයාල ගාව තියෙනවා මිනිස්සුන්ට E-book කියවන්න, මිළදී ගන්න වෙන් කරපු වෙළදපලක්.

Amazon Kindle Direct Publishing (KDP) කියන්නේ රචකයන්ට ඔවුන්ගේ නිර්මාණ කෙලින්ම එයාලගේ වෙළදපලට දාන්න හදල තියෙන platform එකක්. එයාලගේ අවශ්‍යතා සපිරිලා නම් දින කිහිපයකින් ඔයාගේ පොතත් kindle store එකේ බලා ගන්න පුළුවන්.

ඊට පස්සේ Amazon එකේ පාරිභෝගිකයෝ ඔයාගේ පොතට කැමති නම් ඒක මිළදි ගෙන කියවයි.


ඇයි මම Amazon kindle එකම තෝර ගත්තේ?

පොත් publish කරන්න තියෙන තව ගොඩක් තැන් තියෙනවා Amazon kindle එකට අමතරව. ඒත් මේ තියෙන වාසි නිසයි ඒක තෝර ගන්න ඕන.

Amazon කියන්නේ දැවැන්තයෙක්

මම මුලදි කිව්ව වගේ U.S වල තියෙන ලොකුම Online retailer තමයි Amazon එක කියන්නේ. ඒකට දවසකට සිය දහස් ගානක මිනිස්සු එනවා මිළදී ගැනීම් කරන්න.
ඇත්තටම ඔයාට Blog එකකින් හරි Facebook එකෙන් හරි එහෙම නැත්නම් වෙන site එකකින් හරි මේ E-book විකුණන්න පුළුවන්.

ඒත් ඔයා Amazon එක use කලොත් නිකම්ම ඔයාගේ E-book එක මිලියන ගණනක මිනිස්සු දකිනවා එක මාසයකට. ඒ කියන්නේ ගොඩක් ලොකු පිරිසක්. ඒ අතරේ ඔයාගේ පොතට ආස කරන කට්ටිය ඉන්න පුලුවන්.



Amazon KDP එක පාවිච්චි කරන එක ගොඩක් ලේසියි.

ඔයා මේක පටන් ගත්තම ඔයාටම තේරෙයි Amazon එකේ පොතක් publish කරන එක කොච්චර ලේසිද කියලා. Proposal ලිය ලිය ඉන්න ඕන නැහැ මේකට.

ඔයා වෘත්තිමය රචකයෙක් වෙන්න ඕනම නැහැ. ඕනම කෙනෙක්ට පොතක් ලියලා ඒක publish කරන්න පුලුවන්. ඒ වුනාට ඔයාගේ පොතට Ratings ලැබෙන්නේ ඔයාගේ දක්ශතාවය අනුව.


ඕන තරම් සම්පත් සහ උදව් ගන්න පුලුවන්

මේ ක්‍රියාවලිය ගොඩක් සංකීර්ණ නැහැ, ඒත් ඔයාව හිර වුන අවස්තාවක් ආවොත් KDP university එකෙන් ඔයාට අවශ්‍ය ඕනම තොරතුරක් හොයා ගන්න පුලුවන්.

ඔයාගේම මිලක් නියම කරන්න.

ඔයාට තීරණය කරන්න පුලුවන් කොච්චර මුදලකට ඔයාට ඔයාගේ පොත් අලෙවි කරන්න ඕනද කියන එක. ඒ අනුව ඔයාට ලැබෙන ලාභය තීරණය වෙනවා. ඒත් සැලකිලිමත් වෙන්න පොතේ වටිනාකම ඒකේ අන්තර්ගතයට වටිනවද කියලා.


ඔයාගේ පොත් වල සම්පූර්ණ අයිතිය ඔයාට.

Amazon එකෙන් ඔයාගේ පොත් විකුණද්දී ඔයා Amazon එකට අවසර දෙනවා ඔයාගේ පොත් විකුණන්න සහ බෙදා හරින්න. ඒත් ඒවා වල අයිතිය ඔයාගේ. ඔයාට ඕනම වෙලාවක මේ E-book unpublish කරන්න පුලුවන්. දවස් කිහිපයකට පස්සේ Amazon එක සම්පූර්ණයෙන්ම ඔයාගේ පොත ඉවත් කරලා දානවා.

මේකෙ මොනාහරි අවාසි තියෙනවාද?

මේකේ පොඩි දුර්වලතා ටිකක් තියෙනවා.

අලෙවිකරණය සහ ප්‍රචාරණය

Publisher කෙනෙක් නැති නිසා ඔක්කොම අලෙවිකරණ සහ ප්‍රචාරණ කටයුතු ඔයාටම කර ගන්න වෙනවා. ඔයා කොච්චර හොද පොතක් ලිව්වත් වැඩක් නැහැ මිනිස්සු මේ වගේ පොතක් තියෙනවා කියල දන්නැත්නම් නේද? Blog සහ E-mail list එකක් නඩත්තු කිරීමෙන් හා Facebook එකෙන් මේක තරමක් දුරට මගහරව ගන්න පුලුවන්.


ලොකු තරගයක් තියෙනවා.

Kindle store එකේ මිලියන ගණනක් පොත් තියෙනවා. මොකද හැම රටකම වගේ රචකයෝ මේකෙ ඉන්න නිසා. ඒ නිසා ඔයාට තරගයක් තියෙනවා. ඒ උනත් උත්සාහය තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ.

පුරස්කාරය

ඔයා Amazon එකේ විකුණන හැම පොතකටම 30% ක් Amazon එකට යනවා. ඒ උනත් ඒක හොද වටිනාකමක් සාම්ප්‍රදායික පොත් එළිදැක්වීමත් එක්ක බලද්දී.

ලොකු ආදායමකට යාමට කල් යාම

තරගකාරීත්වය නිසා මුලදී ඔයාට හොද ආදායමක් ගන්න බැරිවෙයි. නමුත් ඔයා හොද පොත් ලියලා ඔයාට හොද Rating එකක් තියෙන කොට ඔයාගේ ආදායම එන්න එන්නම වැඩිවෙයි. Amazon kindle එකෙන් මාසයකට සාමාන්‍යයෙන් $10,000 ක් හොයන රචකයොත් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

Kindle Publishing:
පියවරෙන් පියවර

1. ඔයාට හරියන niche එක තෝර ගන්න.

මුලින්ම ඔයාගේ දක්ශතාවය හා ආසාව වැඩිපුරම තියෙන category එක තෝර ගන්න. Amazon එකේ තියෙනවා category ගොඩක් ඔයාම ගිහින් බලන්න. මේ පියවරේදී ගොඩක් සැලකිලිමත් වෙන්න මොකද ඔයාගේ Target audience එක ඉන්නේ ඔයා තෝර ගන්න category එක අනුව.

2. Amazon Keyword Research එකක් කරන්න.

අපි සාමාන්‍යයෙන් Google එකේ මොනාහරි search කරද්දී අපි ගහන වචන වලට හරියන search result එකක් අපිට Google එකෙන් දෙනවා. අපි ගහන ඒ වචන ටිකට තමයි keywords කියලා කියන්නේ. ඔයා Amazon එකේ keyword research එකක් කරන කොට ඔයා හිතන්න ඕනේ Amazon එකේ පාරිභෝගිකයෙක් හිතන විදිය අනුව. ඒ පුද්ගලයා search කරන එක ඔයා දාලා තිබුනොත් ඔයාගේ පොතත් එයාට පෙන්නනවා.
මම වැඩිය මේ ගැන කියන්න යන්නේ නැහැ මොකද මේ මාතෘකාව ගොඩක් ගැඹුරු එකක් වගේම සංකීර්ණයි. වැඩි දුර දැන ගන්න මේ Amazon keyword research method එක කියවන්න.

මේ වැඩේ ලේසි වෙන්න tools 2ක් තියෙනවා Soovle සහ Amazon keyword tool කියලා.
keywords අඩුම 7ක් වත් හොයා ගන්න. මොකද ඒක ඔයාට පොත publish කරද්දී ඕන වෙනවා.


3. පොත ලියන්න.

පොත් ලියන එක ගැන නම් මමයි ඔයාගෙන් අහගන්න ඕන.  :-D
ඔයා දැනටමත් පොතක් ලියලා නම් ඒක English වලට Translate කර ගන්න.


4. ඔයාගේ මාතෘකාව දාල පොත් කවරය හදා ගන්න.

මේ step එක ගොඩක් වැදගත් මොකද මිනිස්සු පොත් කවරෙ දැකල තමයි ඒක වැඩිපුරම මිළදී ගන්නේ. අනික First impression එක වැදගත්නෙ නේද? :cool:

5. Amazon KDP ගිණුමක් හදා ගන්න.

මේක ගොඩක් ලේසියි. මෙතන click කරලා amazon kindle එකේ ගිණුමක් හදා ගන්න.

6. අවශ්‍යතා හරි නම් ඔයාගේ E-book එක publish කරන්න.

මේ පහල තියෙන්නේ ඔයා E-book එකක් publish කරද්දී සලකා බැලිය යුතු දේවල්.

  • ඔයාගේ අත්පිටපත .docx, .epub හරි .mobi කියන format එකකින් විය යුතුයි.
  • E-book cover එක .jpeg format එකෙන් වෙන්න ඕනේ.
  • Title, Description, keyword සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ.
  • category එක දාලා තියෙන්න ඕනේ.
  • මිල දාලා තියෙන්න ඕනේ.

ඔයාගේ පොත Amazon එකෙන් approve කලාට පස්සේ දින කිහිපයකින් ඒක kindle store එකේ පෙන්නයි.

ඉතින් එච්චරයි. දැන් ඉතින් ඔයා self-publisher author කෙනෙක්.

ඉතින් ඔයාලගේ අදහස් පහලින් reply එකක් දාල මට කියන්න පුලුවන් නම් ලොකු දෙයක්.
මොනාහරි දැන ගන්න ඕන නම් මට pm එකක් දාන්න.
« Last Edit: November 01, 2018, 02:11:19 PM by Gindara »

Offline Chanaka

  • Newbie
  • *
  • Posts: 18
  • Reputation Power: 1
  • Chanaka has no influence.
  • Referrals: 0
    • View Profile
Re: පොතක් ලියලා සල්ලි හොයමුද?
« Reply #1 on: November 01, 2018, 02:20:17 PM »
supiri...  :yes: :yes: :yes:

 

GindaraWeb