Author Topic: #මලගම්_හතේ_කතාව  (Read 40 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
#මලගම්_හතේ_කතාව
« on: November 08, 2018, 10:10:50 PM »
#කෙටි _සත්‍ය_කතාවක්

-30+ සoකූලතා පවතින්නන්
කියවීමෙන් වලකින්න

#මලගම්_හතේ_කතාව

🙏¥🙏✍️

පවුලේ කට්ටිය කරට අරන් ගේට්ටුව ගාවට යනකම් අරන් යමු.

කෝ ......කෝ .....
අල්ලන්න
අල්ලන්න ඉඩදෙන්න

"අම්මා......
"මගේ අම්මා.......

ඔව් අම්මා නැති වෙච්ච කාලෙට මොන තරම් දුකක් දැනෙනවද ?

අපිත් එක්කම හිටපු අය අද උබේ අම්මා නැති උනාට ,

මගේ අම්මගෙත් , උබේ අම්මගෙත් වෙනසක් නෑ මචo
මට මතකයි ..... එකේ පන්තියේ ඉදලා උබයි මායි අදුරගන්නේ දැන් අවුරැදු තිහක් බන් ....අමතක නෑ

මොකද ටවුමට යන වෙලාවේ උබේ ඇදුම් මම ඇන්දේ , මගේ සපත්තු දෙක උබ දාන්නේ සමහර දාට ,

මට මතකයි උදේම උබලගේ දිහා ආපුවාම උබේ අම්මා පුතේ කියලා.

"යට අඩිය පොඩ්ඩක් පළුදු වෙච්ච මැටි කෝප්පේ පරිප්පු සම්බෝලෙත් එක්ක ඒ කන බත් කටවල් දෙක තුන හවස වැවේ නාලා එනකම් හයියක් උනා ....

අද ඒ අම්මා නැති දුක අඩුව කාටවත් කිසි දිනක පුරවන්න බෑ මචo ,

තුන් දොවක් නිදි මරලා එකෙකුට අඩුපාඩුවක් කියන්න නොදී උබේ අම්මගේ අවසන් ගමන් යන මේ මොහොතේ මගේ උරත් තියන්න ලැබුන එක පිනක් ,

ඒ අම්මගේ කන්න දීපුවට ආදරේ කරාට හිලව් වෙන්න හිතනවා නෙමෙයි , හදවතින්ම වැඩ පොලේ නිවාඩු දාලා ආවේ මගේ උබේ කියලා කවදාවත් වෙනසක් අපි අතර නොතිබුන නිසා.....

නෑදෑයොන්ගෙන් පවුලේ කරපිට ආපු මිනිපෙට්ටිය ගේට්ටුවෙන් එලියට ගන්නකොටම ,

කාය ශක්තියෙන් තරමක් ඉහල ස්ථානයක සිටින මට බොහො දුරට හිමි වන්නේ නිතැතින්ම ඉදිරියයි.

මල්ලී මම ගන්නම් ඒ වම් උර පැත්තෙන් පෙට්ටියේ කොන අත නවලා වාරැ කරද්දී ඇස් වලින් කඳුලු ගලනවා වගේම , අපේ අම්මා (උබලගේ අම්මා) , මට සලකපු අවුරැදු 25 ක ජීවිතේ

තබන හැම පියවරක් පාසා රෑප රාමු ලෙස සිහියට නැගෙන්නට විය ,,,,,

මම ගන්නද ?

එපා අයියේ තව ටිකක් යන් ඉස්සරහින් දෙන්නම්

මාරැවෙන් මාරැවට කට්ටිය මාරැ උනත් මට මගේ පැත්ත දෙන්න හිතුනේ නෑ ,

මොකද ගෞතම බුදුන් පෙරැම් පුරන කාලේ තම මෑණියන් කර මත තියාන මුහුදු හතක් තරණය කරානම්,
අපේ අම්මව කිලෝමීටර් 4ක් ගෙනියන්න බැරිනම් ඒ අම්මා කන්න දීපු පව ගෙවන්න බැරි වෙයි ආත්ම හතකටවත් ,

මම ගන්නද ?

එපා තව ටික දුරක් ගිහින් දෙන්නම් ...

මැදි වයසේ පුද්ගලයෙක් මා අසලින් සිට මිනි පෙට්ටියට පොරි ඉහින ගමන්
පුතේ අමාරැ වෙනකොට කියන්න

හරි මාමා

ඉදිරිපසින් එන බයිසිකල් ,
කාර් රථ පාරේ අයිනට කර නවතා දමා අපේ අම්මට ගෞරව කරද්දී....

පිටි පස්සෙන් ආපු කාර් රථයක්
පෝන්........
පෝන්......
ගාලා මැරෙන්න හෝන් ගහනවා ඌට තියෙන හදිස්සියක් .....

කවුද බන් ඒ බත් කන හරකා ?

මිනිස්සු කවදටත් තිරිසන්නු බන් උන් මැරෙන්න නෑ නේ ඕන්න ඕකට යන්න දීපන්

පෙට්ටිය ගමන් ගත්ත මාර්ගය අයිනට වෙන්න දීලා හෝන් එක උඩ ඉදගෙන මැරෙන්න හදපු මිනිහට තමන්ගේ කාරය ඉදිරියට යන්න ඉඩ දුන්නා ,

කාරය අපිව ඉස්සර කරන් යනවත් එක්කම මම දැක්කේ ඒ අලුතින් එහා ගමට පදිoචියට ආපු පොරක් ,

පොර පලාත් සභාවේ වැඩ කියලා මම දන්නේ මම දවසක් වැඩක් කරගන්න යද්දී පොර එතන ඔෆිස් එකේ ඉදගෙන හිටියා ,,

" හයක් මාක් කරා මේ කාලකන්නියා වැඩි දවසක් නෑ ..ඌටත් ..

මට එහා පැත්තේ හිටපු මැදි වයසේ අoකල් එහෙම කියද්දී ලාවට ඇසුනා .

ඒ විතරක් නෙමෙයි බර දෙගුන තෙගුනයකින් වැඩි උනා වගේ දැනුනා,,

කනත්තටම ගෙනා මිනිය අවසන් ගෞරවය සියල්ල දක්වලා එකිනෙකා සමුගෙන යන්න උනා

බොහෝ සවස් වන තුරැම මාත් මිතුරා සමග රැදී සිටිමින් අවසානයේ ඉටිපන්දම් කිහිපයකුත් දල්වා ,
මම ඔහුව රැගෙන නැවත නිවසට ගියේය, ඒ වන විටත් රෑ 7පසු වී හමාරය.

මොන තරම් සාoකාවෙන් ඉන්න උත්සහ කරත් මට අම්මව මතක් වෙන එක දරා ගන්න බැරි උනා ඒ වෙලාවේ ඒ වේදනාව නැති කරන්න පුලුවන් එකම විදිය ටවුමේ දැල් කඩේ බව මට වැටහුනා ,

මචo මම පොඩ්ඩක් ගෙදරට ගිහින් එන්නම්

උබ උදේ ඉදලම වැඩනේ මොකුත් කෑවද ?
ගියාට කමක් නෑ ටවුමට ගිහින් බොන්නේ එහෙම නෑ

මගේ එක ඇහිපිල්ලමක් ඌට ගෙස් කරන්න පුලුවන් මොකද ඒ අවුරැදු 25ක යාලු කමක් .අපි අතර තිබ්බේ ....

නෑ නෑ බන් කියලා
ගෙවල් පැත්තට එන පාර දිගේ ඇවිත් හොර පාරෙන්ම දැල් කඩේට ගිහින් බියර් තුනකුත් අරන්, වඩේ ටිකකුත් අරන් ස්කුටියේ ඩිකියට දාගෙන ටික දුරක් ඇවිල්ලා ,

වේදනාවට දෙකක්ම ගහලා දැම්මා ටිකක් විතර අමර පදම් ඒත් යන්න පුලුවන් ,
බයිසිකලේ කනත්‍ත පැත්තෙන්ම යනවා කියලා හිතාගෙන පොඩ්ඩ දුරයි යන්න හම්බුනේ කෙනෙක් අත දැම්මා

බයික්කේ නතර කෙරැව පාර සිග්නල් ලයිට් එලියට ලාවට ඒ රැව දැක්ක මට අදුර ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ ....

ආ මේ පොරි දාපු අoකල්නේ .... යමු මාත් මේ ගෙදර යන ගමන් ....

අoකල් පිටිපස්සෙන් නැගලා උර හිසට අත තියද්දී තරමක බර ගතියක් දැනෙන්නට විය ,

එවලෙහි මට මතක් උනේ
මගේ කනේ වැටුනු කතාව

"මොකක්ද අoකල් අර කාර් එකක් අපිව පහු කරලා යන වෙලාවේ හයක් මාක් කරපු කතාවක් ගැන කිවේ ?

මිනියක් ගෙදරක ගේට්ටුවෙන් එලියට ගන්නකම් ඒ ආත්මය නිදාගෙන ඉන්නේ ,

"ඒත් ගේ වත්ත මායිම පැනපු ගමන් පෙට්ටිය උඩ ඉදගන්නවා එතකොට තමා බර වැඩි වෙන්නේ ඒ විතරක් නෙමෙයි හැරෙන හැම වoගුවකදීම බර එන්න එන්නම වැඩිවෙනවා නේ,

මොකද ඒ ආත්මයට ගේ පේන්නේ නැති උනාම උඩ පනිනවා,

උඩ පැනලා බලනවා ගේ පේනවද කියලා,

ඒ වගේම උඩ පනින්න නම් හoදියකදී විතරයි ආත්මයකට පුලුවන් ,

හoදියෙන් හoදියට පනින සැරේට තමා පෙට්ටියේ බර එන්න එන්නම වැඩි වෙන්නේ ,

එතකොට අපි ඒ මිනිය අරන් යන වෙලාවේ කවුරැන් හෝ බාධා කරනවානම් ,

බොහෝ දෙනෙකුගේ දෝෂාරෝපණයට ලක්වෙනවානම් ,

දවස් හතට තව හයදෙනෙකුගේ මරණ සිදු වෙලා ගම් හතම පාලුවට ගිහින් තමා නවතින්නේ ,,,,,

අම්මට %#&$ බීමතින් සිටිය නිසා කාර් කාරයා ගැන ආපු තරහටත් එක්ක ජාතක කුණුහර්ප ඔක්කොම කියඋනා ,

එක පාරම හෙන බරකින් නිදහස් උනා වගේ බයිසිකලය සැහැල්ලුවෙන් දැනෙද්දී ,

වේගයෙන් ආපු කාර් එකක් ,
එක පාරටම මාවත් ඉස්සර කරගෙන අයිනේ තිබ්බ ලයිට් කණුවේ ඩුම්....බෝම්බයක් ගැහැව්වා වගේ වැදුනා ,

ක්ෂණිව එතැනට ගිහින් කෑ ගහලා වටේ ගෙවල් වල මිනිස්සුන්ගේ උදව්වෙන් හොස්පිටල් අරන් ගියා ඩ්‍රැයිවින් කරපු එකානම් ෂුවර් නෑ ඌ සීට් බෙල්ටෙක දාලා නොතිබ්බ නිසා වීස්ක්‍රීන් එක කුඩු සුක්කානමටත් හිරවෙලා ,

ඔලුව පුරා ලේ වැක්කෙරෙද්දිම ඇම්බියුලන්ස් එකේ දාගෙන රෝහලටම ගෙනාවා .....

හූර්ර්ර්ර්ර්ර්
හූර්ර්ර්ර්ර්ර්.....

ඩෙනිම් ෂෝටට හිර වෙච්ච පෝන් එක වයිඩ් බ්‍රේඩ් උනා .....

හෙලෝ මචo .....
හoදිය ගාව ඇක්සිඩන් එකක් වෙලා දැන් මේ හොස්පිටල් එකේ ඉන්නේ

හරි මම එන්නම්,
අපිත් මේ එතැන උබේ බයික් එක තිබ්බට බැලුවේ,

කීයද වාට්ටුව ?

11 තාම ඉන්නේ

________👇

උබ බිව්වද එපා කියද්දී ?

වෙරි හිදුනා බන් මගේ ඉස්සරහනේ ඇවිල්ලා වැදුනේ තව පොඩ්ඩෙන් මූ මාවත් අරන් යන්නේ ....
කවුරැ උනත් මනුස්සයෙක්නේ බන්

හරි යමන් අපි වීල් එකේ ආවේ

පොඩ්ඩක් ඉන්න කිව්වා නර්ස් ටිකක් බලලම යමු ,

හරි කියලා පුටුව ලගින්ම වාඩි උනා

උබ දන්නවාද ඇක්සිඩන් උනේ කව්ද කියලා ? ආඅ...

ෆියුනල් එකේ පොටො ටික තියෙනවා ,

කොල්ලො ටික වැඩේ අඩු පාඩුවක් නැතුව කරලා තිබ්බ බන් ඒ වෙලාවේ මටත් විකාරනේ හැමදේටම ස්තුතියි මචෝ....

මගෙත් අම්මනේ බන් ......
කො ගනින්කෝ බලන්න

ඇත්තට කවුද ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ ?

පෝන් එක අතට අරගෙන සියල්ල බලද්දී හිතට මහා මූසල බවක් දැනෙන්න ගත්තා ,,,,,,,මොකක්දෝ අඩුවක් තිබුනා වගේ දැනුනා ,

ඇයි බන් අම්මව ගෙනියද්දී කාර් කාරයෙක් හෝන් එක උඩ ඉදන් මැරෙන්න හැදුවේ උගේ කාර් එක බන්

මොකක්??????

මචo හන්දියේ විකී මාමගේ කඩේ ගාව ඉදලා මාත් එක්ක පොරි ඉහගෙන ආපු අoකල්ගේ පොටෝ නෑනේ ?

මොන පොරිද බන් ? පොරි එක අමතක වෙලා ගිහින් තිබ්බේ ආන්න තාම ඒ බකට් එක ගෙදර ....

මොකක් ?

තක්බීරි වෙලා ගියපු මට සිහියට ආපු රෑප පෙලත් එක්ක හිතා ගන්න බැරි උනා

නෑ නෑ බන් පොර කනත්තට එනකම් ආවා පොරි ඉහ ඉහ .....

උබ දැන් මේ හතර වෙනි දවස ටිකක් ගිහින් නිදාගමු,
උබට විකාර බන් ......

කියලා මගේ උරිස්සට අත තිබ්බා ....

ආවු.....දනවා මචෝ කියලා
ටී ෂර්ට් එක ගැලෙව්වා

අතක ඇගිලි පහක් පිච්චිලා වගේ උර පත්තේ හිටලා ......

දිගු හුස්මකින් ඉහලට ඇදුනු හිතට ආපු එකම දේ

"#අපේ_අම්මට_නිවන්_සුව_ලැබේවා !!!"

ඇය මාව බේරැවා මම හිතන්නේ

#ස_මා_ප්_ත_යි....

සිද්ධියේ අයිතිකරැ මම 👇👇

අජිත් කුමාර
කලුවා බදු විදාන ආරච්චිලාගේ

 

 

GindaraWeb