Author Topic: කලු_සුදු_ම_ගු_ල  (Read 29 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
කලු_සුදු_ම_ගු_ල
« on: November 29, 2018, 06:05:59 PM »
#කෙටි_කතාව


#කලු_සුදු_ම_ගු_ල

- 30 + සංකූලතාවයන් පවතින්නන් කියවීමෙන් වලකින්න

☎ ....ජබ්බෙට ගහපු සරැංගල්
අපිට කොයින් ද අරැංගල්.....

මගේ දුරකතනය නාද විය .....

තෙරැවන් සරණයි කවුද මේ..

චුටි පුතා මම සුදුනැන්දම්මා ....

සෑහෙන කාලෙකින් කියන්න
" ඔක්කොමලා හොදින් නේ ?

"මගේ ලොකු එකීගේ මගුල තියෙනවා හෙට

හෙට ?

හා මම එන්නම් ....

තරහ ගන්ඩ එපා චූටිපුතා පවුලේ උන් කිව්වා කියන්ඩ එපා කියලා ,

උබ ඉතින් ගියොත් තැනක අඩව්වක් අල්ලනවා කියලා ,

ඒත් මගේ හිත අන්තිම වෙලාවෙත් කියව්වේ උබට මේ මගුල කියන්න ඕනමයි කියලා,

අනේ සුදුනැන්දම්මා අපේ පවුලේ උන්ට තියෙන්නේ මහන්තත්වකමයි උගත් සෙටිෆිකට් විතරයි,

මම මුට්ට කර ගහන එක උන්ට තමා පු*$& අමාරැව ,

ඒ උනාට රෙද්ද පල්ලේ වැක්කෙරෙනකොට අපේ අම්මව හොයාගෙන ඔක්කොම එන්නේ ලැජ්ජාවට කුස්සිය පැත්තෙන් ,

මෙහෙන් මොකුත් ගේන්න ඕනද ?

එපා එපා උබ විතරක් ආවාම ඇති ,
"පාර හොයා ගන්න පුලුවන් වෙයිද ?

"අංජනම් දේවි ගෙනල්ලා හනුමන්තා බන්දනය කරලා හරි තව පැය පහකින් මම ගේ දොරකඩ ගාව ඇති .....

හා බුදු සරණයි.......

-----------
කවුද බන් ?

අපේ නැන්දා කෙනෙක් සෑහෙන කාලෙකින් ගියේ නෑ එහේ ,ලොකු දුවගේ මගුල හෙටලු

ඉතින් උබ ඔය බයික්කේ ඉස්ටාට් කරේ එහේ යන්නද ?

බයික්කේ මගෙනම්"
තෙල් තියේනම් "

මොකටද බන් කැටයන්"
මම යනවා මුදලාලි ට කියපන් දවස් තුන හතරකින් ඇවිල්ලා පොල් ටික කඩලා දෙන්නම් කියලා ,,,,,
______ _ _ _ _ _ _ _ _👇

පට්ට ලස්සන වැවක්නේ ....නිල්මානෙල් මෙහෙමත් පිපිලා තියෙනවා දැක්කමයි.....

පස්ස හිරි ඇරෙන්නත් එක්ක වැවේ පඩි පෙලවල් අතර බැහැලා වතුර ටිකක් මුණට දමා ගත්තාම තියෙන සනීපේ .....

_____ _ _ _ _ _ _ 👇
මේකගේ උස දැන් , එනවා කිව්වට විස්වාස කරෙත් නෑ මෙච්චර ඉක්මනට එයි කියලා

" ගෙට ගොඩවෙනකොටම සුදුනැන්දම්මා ගේ දෙපා වැදලා සාලේ මැදට වෙන්න තිබ්බ බුදුපහනත් වැදලා ඉදගත්ත මට

ඉතින් මගුලේ සත්කාර සියල්ලම ලැබිලා ඉස්මුරැත්තාවත් හැදෙන්න සැලකුම් ,

පහුවදා උදේ මගුල ගන්න හෝටලේටත් ගිහින් පොඩි පොඩි අඩුපාඩු බලලා ආපු මට හීනිවට රා අඩියක සැලකුම් ලැබුනේ
සුදුමාමණ්ඩියගෙන් ....

උබ ඔන්න සුදුනැන්දම්මට කියලා මගේ කෑම කාඩ් එක තහනම් නොකර මෙහාට වෙලා ඕක ගනින් .....

තරමකට වැනෙන්න ඔන්න මෙන්න තියලා ඉවර කරන් ශරීර කූඩුවත් බැලන්ස් කරලා සාලේ පොඩි ඇලට් එකක් දැම්මා

_____ _____ ____👇
අම්මා නැකත පහු වෙනවා ...
කොයි ? මේ තාත්තා?
වෙලාවට මොකෙක්වත් නෑ
අරෙහේ අන්දන අක්ක හෝ ගාලා කෝල් කරනවා ,,,,

අඩවන් දෙනෙතින් නිදිවරන මාගේ දෙසවන් කලබල කාරී වදන් වලින් පිරී ඉතිරී යද්දී ,
මගුලට සූදානම් වෙන කලබල කාරී තත්වයත් එක්ක පියවි සිහිය ලැබුනේය ....

චුටි පුතා ....බලපන්කෝ හයර් එකට ගත්ත මිනිහා කාර් එක අරන් ආවේ නෑ කෙල්ලට අන්දන නැකත පාන්දර 3:33 තියෙන්නේ ,

සුදුනංගිවත් අරන් ටවුමට යන්නට උනේ ඇයට අන්දන මෝස්තර නිරෑපණ ශිල්පියගේ නිවසටයි .....

- - - - - - - - - - 👇👇
පරක්කුද අක්කේ ? ....
නෑ අවුලක් නෑ මේ ....කවුද ?

මගේ චුටි අයියා .... ...

මාව ගෙයි අයිනට වෙන්න තිබ්බ සෝෆාවේ වාඩි කරවලා බඩුමලුත් අතට දීලා ගියා ,

අත පය නිකම් තියාන ඉන්න බෑනේ මල්ලක් අදින්න ගත්තාමයි වෙඩින් කාඩ් එක දැක්කෙ

" තෙන්නකෝන් මුදියන්සේලාගේ වෙද රාලගේ දෙවන පුත් වන සමිෂක්මාල "

ටහුකන ජාතක නම් නේ මුන්ට තියෙන්නේ

කඩ් එක ආපහු බෑගයට දාගන්නකොටම ...

"" චුටි අයියේ ......
මොකො ?

බලනවාකෝ සෙටි බැග් සෙට් එකේ පුන්කලස් දහයට නිල්මානෙල් මල් දෙනවා කියපු එකා ඇක්සිඩන්ට් වෙලා ඊයේ හොස්පිටල් නැවැත්තුවලු ,

අරෙහේ හෝටලේ උන් කෝල් කරනවා මේ වෙලාවේ කොහෙන් හොයන්නද ?

හරි හරි ලෑස්තිවෙනවා ඔය මල් මගුල් ඔලුවේ තියාන ඉන්නේ නැතුව ,

--------------👇
එක පාරටම සිහියට ආවේ දවාලේ මුණ හෝදන්න බැහැපු වැව
"නිල්මානෙල් පිරිලා තිබ්බනේ ගිහින් මල් කඩාන එනවා , බඩු මලු ටිකත් සෝෆාවෙන් තියලා මම ආපහු බයිසිකලේට නැගලා යන්න ගියේ වැවට,

----------- වේලාව පාන්දර 4:44 ....👇

කොයි කෙල්ලේ චුටි අයියා ?

සෝෆාවේ හිටියේ නින්ද ගියාවත්ද දන්නේ නෑ ?

මොන සෝෆාවෙද ? පෝන් එකත් සෝෆා එකේ තියෙන්නේ මේක කොහෙ ගියාද දන්නේ නෑ ?

හුටා නිල්මානෙල් මල් නෑ කිව්වා වැවටවත් ගියාද දන්නෑ කඩාන එන්න

මොකක්.....?
උබලගේ අම්මගේ මොලේමද කෙල්ලේ උබටත් තියෙන්නේ ?

වැවේ බිලි කීයක් ගත්ත ද ?
මේ අවුරැදු 10ට ,
හවස 5 පහු උනාම බල්ලෙක්වත් නාන්න යන්නේ නෑ , ඉදපන් කොල්ලව මම බලලා එන්නම් ....

හා හා මහත්තයෝ කලබල නැතුව ඉන්ඩ ,ගියා වගේම වෙලාවට එයි ඌට සීයාඅප්පා ගේ බැල්ම තියෙනවා , අපේ නෑදෑ හැත්තම ඌට කොච්චර අකැමැති උනත් වචනයක්වත් කියන්නේ නැත්තේ ඇයි දන්නවාද ?

සාස්තරේ උගේ ඇගේ තියෙන්නේ ....

අපි යමු යන්න හෝටලේට ,,,,,,

- - - - - - - - - - - - - 👇
යකෝ මටම කියලා ඔරැවකුත් තියෙනවානේ මොකෙක්වත් නැති නිසා ඔරැව ගන්න හදනකොටම

....කරැවලේම වතුරෙන් උඩට ආපු තරැණ ජෝඩුවකි දෙදෙනාගෙම දෑත් පිරී වැසී තිබුනේ නිල්මානෙල් මල් වලිනි ,,,,,

මල් විකුණනන්නද ?

නෑ අනේ පූජාවකට අපිත් මේ වැව මැදට යන්න කියලා ගොඩට වෙන්න තිබ්බ මල් ටික කැඩුවා මැද තියෙන එවා ටිකක් ලොකුයි ....

මාත් එන්නම් යමු කියලා ඔරැව මැද මාත් වාඩි උනා
ඉහල කෙලවරේ කෙල්ලත් පහල කෙලවරේ කොල්ලත් හබල් ගහද්දී
මැද මම,

ඔරැව ටික ටික වැව මැදටම යනවා කෙල්ලවත් කොල්ලවත් එක මලක්වත් කඩන්නේ නැතුව නිහඩවම යන අතර

අතට අහුවෙන මලක් කඩලා ඊලග මල කඩනකොට ඒක ඊටත් වඩා ලොකුයි ...

" මුලින් කඩපු මල ආපහු වතුරට දාලා ආපහු එකක් කැඩුවාම ඒ මල ඊටත් වඩා ලොකුයි
"සුදු ලොක්කිගේ මගුලට ලස්සන ලොකු මල් තියන ආසාව තව වැඩි උනා.

යමු අයියේ තව ඉස්සරහට සෝක් ලොකු මල් තියෙනවා හි හි හි ඒ හිනාවත පරිසරයේ නිස්කලංක බව හා නිහඩ බව නිසාම හබල වතුරේ වදින ශබ්දයවත් මා හට ඇසෙන්නේ නැත "

වතුරේ ගෑවී නොගෑවී ගිය එක අතක් එක පාරටම ලා උණු වතුරක දැවෙටෙනවා මෙන් දැනිලා එය එන්න එන්නම පිච්චෙන උණු වතුරක් වගේ අතට දැනෙනකොට මා හට යමක් සිහි විය .

"ජලනන්දන පිරිත හෙමිට මතුරන්න පටන් ගන්නවාත් එක්කම ඔරැව ඉදිරිපස වූ කාන්තාව ජලකඳක් වී වැවට එකතු වෙද්දී පිටුපසින් ඇදී ආ හබල් පහරින් මා කැරකී වතුරට වැටිනි....

හ්ක් හ්ක් හ්ක්
වතුර අතර හුස්ම හිර වෙනවාත් සමග කකුල් දෙකෙන් කවුරැන් හෝ වැව් පතුලටම ඇදෙගන්නා බව මට දැනිනි .....

සූනියම් දෙවියන්ට ශරීරය භාර කරලා මා නිදහස් විය

සිව නමස්තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමක්
වඩිග තන්ත්‍ර මණි කණ්ඨක්
ඔඩ්ඩි මංගල නමෝ නම:
අග්නි කඳන් ච හස්තේන
හස්තෙන වඩිග කර්ගතේ
මුඛේන විෂ සර්පේන
සිරසේ පංච කේෂකේ උදරේ නාග බන්දාමී
නීලෝ තුරඟ වාහන:
සූනියම් දේවතා නාම මයිං පාදතේ නමෝ නමඃ

_ _ _ _ _ _වේලව උදෑසන 7:24_ _👇👇

මම කිව්වේ මගේ චූටි බෑනෑ ඕන තැනක වෙලාවට ඇති , උබ මොකෝ ඔය මාමගේ සුදු සරමක් සර්ට් එකක් ගහලා ?

හරි හරි මේ මල් ටික තියලා එන්නකෝ පෝරැව වැඩ ඉවර උනාම කියන්න මම පොඩ්ඩක් කුස්සියට ගිහින් එන්නම් ...

_______👇
ඔය මහත්තයා මොකද මෙතන කරන්නේ කුස්සියට එන්න අවසර ....

වේටර්ගේ දෑස් දෙස බලා මගේ දබර ඇගිල්ලත් මහපොට ඇගිල්ලත් එකට කර නැගූ "ටික්" ශබ්දයත් සමග ....

මට ලුණු කුඩු මිරිස් කුඩුයි කෝප්පයකට දාලා කවලන් කරලා ගනින්
"එහෙමයි ගුරැන්නාසේ...

ඔක මගේ තුවාල වල ගාපන්

"එහෙමයි ගුරැන්නාසේ...

ඇදන් හිටිය ඇදුම් ගලවලා කැපුණු හීරිලා ගියපු ඇග වටේම තුවාල වල ගාගත්තා

නැවත ඇදුම ඇදගෙන ඇගිලි අතරින් "ටික්" ශබ්දයක් නැගුවා

ඔය මහත්තයා සිංහලෙන් කිව්වාම තේරෙන්නේ නැද්ද ? යන්න යන්න කුස්සියෙන් යන්න

මේ එක එකා ඇවිල්ලා මගේ ඔලුව කූචල් කරනවා "
"මොන රෙද්දට දාන්නද යකෝ මම මේ ලුණු කුඩුයි මිරිසුයි කවලන් කරලා තියෙන්නේ ..?

පෝරැවේ චාරිත්‍ර ඉවර වෙලා කට්ටිය පොඩ්ඩක් ඉස් බිස් උනා

- - - - - - - - - - - 👇
අම්ම ඔයා චූටි අයියා ගැන ටක්කෙටම කිව්වා වගේ ආවනේ ඇත්තටම චූටි අයියා ගුරැකම් දන්නවාද ?

ඒකනම් මම දන්නෙත් නෑ හැබැයි එක දෙයක්
"
"අපේ තාත්තගේ බාප්පා මුගේ සීයාඅප්පා ඒ කාලේ දක්ෂ ගුරැකම් කාරයෙක් හැබැයි මිනිස්සුන්ට උදව් කරේ නෑ ගොවිතැන් කරේ ගුරැකම් වලින්

ඉතින් මේකගේ අම්මට මේක හම්බෙනකොට හෝ ගාලා වැව් උතුරන්න වහිනවා මේක ලැබිලා ඉස්පිරිතාලේ ඉදලා ගමට ගෙනාවේ සරණපාලයාගේ ට්‍රැක්ටරයෙන් ඒත් අවාසනාවට ටැක්ටරේ වැව් බන්ටෙකේදී වැවට පෙරලුනා ,

"මහ වර්ෂාව අස්සේ , මේකගේ තාත්තයි සරණපාලයි එකතු වෙලා අම්මව බේර ගත්තත් මූව හොයා ගන්න බැරිඋනා ඒත් පුදුමේ කියන්නේ ටැක්ටරේ පෙරලිලා පැයක් ගියේ නෑ ,

"දවස් හානක් එක දිගට වැහැපු වැස්ස නැවතුනා ඒ විතරක් නෙමෙයි වැවේ හොරොව්ව ගාවින් වැව කැඩිලා මුලු වැවේම වතුර හිදුනා මේක ඔතාපු රෙදි කෑල්ල පිටින් වැව මැද මඩේ තියෙද්දී හොයා ගත්තේ ....

නෑ.....----ඉතින් හෝටල් කාමරේ හිටපු සියල්ලම කරවල් ඇරගෙන මේ කතාව අහගෙන හිටියේ ඉතිරියත් අහනකම් ඉස්පාසුවක් නැතිව .....

--------👇
හුස්ම වැටුනේ නෑ ඉස්පිරි තාලෙට අරෙගෙන ගියාම ඩොක්ටලා එක පාරම මුගේ අම්ම තාත්තට බනින්න ගත්තා ...

"තොපි හරක්ද ? සක්කිලිද ? මිනිහෝ මේ වගේ ලදරැවෙක්ගේ අතේ පච්ච ගහන්න කූ තාඩිද උබලා ?

නැවත එතනට ආපු හෙදිය යමක් මුමුණන්නට උනේ " ඩොක්ටර් මාර වැඩේ අතේ තිබ්බ සිංහ රෑප පච්චේ දැන් නෑ මැකිලා

ඒක අහපුවාම අපේ හැත්ත වරිගෙටම තරැ පෙනුනේ සීයාඅප්පගේ අතේ තිබ්බ සිoහ රෑප පච්චය මතක් වෙලා

අනතුරින් පස්සේ අද වෙන තුරැත් සීයාඅප්පට මොකද උනේ කියන්න කාටවත්ම හොයා ගන්න බැරි උනා

ඉතින් අම්මා එකට පවුලේ උන් ආඩම්බර වෙන්න එපැයි ඇයි චූටි අයියට හැමෝම අකැමැති....

-------👇 අපේ අක්කා මූව හදන්න නොසෑහෙන්න දුක් වින්දා අක්කාගේ සහෝදරයෝ ටිකයි උන්ගේ ගෑනුයි එකතු වෙලා සීයාඅප්පාගේ දේපලත් කොල්ල කෑවා

මුගේ තාත්තටවත් අම්මටවත් කෑදර කම කියන එක ගෑවිලාවත් නෑ දැන් ඉල්ලපන් ඇගෙන් මස් කුට්ටියක් හරිකඩලා දෙනවා

ඒ විතරක් නෙමෙයි මේකා අවුරදු 11ඉදලා හැම දෙසැම්බරේටම සිරි පා කරැණා කරනවා , ඒකට ඉතින් දවස් තුන හතරක් යනවනේ ,

මේකට එතකොට විසි දෙවෙනි උපන්දිනේ හොද ඇති දැඩි කොලුවා ගෙදරින් ගියා විතරයි,

එතකොට මාත් එහේ තනිකඩයි සමෘද්ධි නිලධාරිනියක් ,
මට එක පාරටම විකාරයක් හැදිලා කට්ටිය කිව්වේ කලු කුමාර දිෂ්ඨිය වැදිලා කියලා,

කොම හරි කට්ටඩියෙක් ගෙනල්ලා මට තොවිල් නටන්න ,

ඉතින් සීයාඅප්ප මටත් එයාගේ දේපල කොටසක් දීලා තිබ්බ නිසා අක්කගේ නෑනලා මාත් එක්ක ටිකක් හොදින් නෙමෙයි හිටියේ "

ඔන්න එක පාරම මේක ගෙදර ආපි එතකොට මාව වටකරගෙන නෑනලා ටික ...

ආපු ගමන් ගෙයි බුදු පහන දිහා බලලා ඒක නිවලා නිසා පත්තුකරලා ආයේ නිමෙනවාලු,
ආයේ පත්තු කරාලු අයේ නිමෙනවාලු

අන්තිමට පහන තියෙන වීදුරැ කෑල්ල පුපුරලා කැඩිලා බිමට වැටිලා ,

එතකොට ආපු "ගුරැන්නාන්සේ රෑ තොයිලේ නටන්න හැමදේම සූදානම් කරනවාලු කාමරේ ඇතුලේ

මේක මගේ ලගට ඇවිල්ලා , බෙල්ලේ බැදලා තිබ්බ කහ නූල බැන්දේ මොකාද අහලා ඒකේ ගැට අනිත් පැත්තටලු ගැට ගහලා තියෙන්නේ තොවිලයක් නටන්නම්ලු ඒ කියන්නේ මොකෙක් හරි නූලක් පන්නලා මට "

වත්තේ ගහෙන් එක නැට්ටේ දෙහි ගෙඩි තුන ගානේ හැදිච්ච දෙහි නවයක් ගෙනල්ලා ඇගිලි දෙකෙන් දෙහි කැපුවලු ඔලුවට 3කුයි
පපුවට 3කුයි
බඩට 1කුයි
යටි පතුල් දෙකට දෙකක් කපලා

බෙල්ලේ තිබ්බ කහ නූලත් කපලා කිව්වලු
" දැන් පල යන ගමන් වැට ගාව තියෙන පාරට බර වෙච්ච අත්තත් අඹරගෙන පල කියලා , කිව්වා වගේ ම "ජරාස් ගාගෙන අවරැදු 70 විතර පරණ අඹ ගහේ පාරට බර වෙච්ච අත්ත ඇඹරිලා බිමට වැටුනා

ඒ විතරක් නෙමෙයි ආපු ගුරාටත් ගහලා එලෙව්වේ හෙට දවල් දොලහ වෙනකොට මේක ඉන්න උන්ට කියන්නේ මේක කරපු එකා හෙලුවෙන්ම මැරෙන්යි ආපිට කැපුවේ , එතකොටත් අර අතේ තිබ්බලු සිoහමූණ ගහපු පච්චයක් ,

කිව්වා වගේම ගෙට උඩහින් තියෙන තුංමන් හන්දියේ හෙලුවෙන් මැරිලා හිටියේ ඒ දවස් වල මගේ පස්සෙන් ආපු ගමේ කසිප්පු විකනපු එකෙක් ,

මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් උනේ හොරෙන් ලයිට් ගන්න වයර් එකට අමුනද්දී කරන්ට් එක වැදිලා ඇදුම් ගිනි අරගෙන මැරිලා කියලා

ඒ හැම දේමත් එක්ක අපි ගම ඇතෑරලා ආවා මට බොලාගේ තාත්තා හම්බෙලා මෙහාට ආවා ඊට පස්සේ ඉතින් ඒ වැඩත් එක්ක ,

මේකා ගැන බලන්නත් වෙලාවක් නැති උනාට කතා කරානම් ඇති මමත් කාලයක් හැදුවනේ ,

කියන පමාවෙන්ම එනවා ඉතින් "

_ _ _ _ _ _ ___ 👇
මොකාද අම්මේ අර පිස්සෙක්ව මෙහාට ගෙනාවේ ?

ඇයි බෑනා ඇයි මොකො උනේ ?

ඌ අපේ ලොකු තාත්තට කනට ගහලා පෝරැව ගාව දන ගස්සලා පෝරැවට අෂ්ඨක කියනවා

මොකක් කාමරේ ඉදලා විගහට දුවගෙන ආපු සුදුනැන්දම්මා එක පාරම නැවතිනි ,,,,

බෑනෝ බය වෙන්නන් දෙයක් නෑ මහේ බාහුවේ පච්චය දැකලා නිහඩව බලා සිටියේ කුමක්ද සිදුවන්නේ කියලා

- - - - - - - - - - - 👇 කියපන් මිනිහෝ කියපන් වැරැද්දේ බරපතලකම තේරෙනවද උබට

මට සමාවෙයන් මගේ දුවේ මට සමාවෙයන් ඒ වෙලාවේ තෙන්නකෝන් වෙද පරම්පරාවේ නම්බුව ගැන විතරමයි මම හිතුවේ .......

මොනාදලොකු අයියේ මේ කියවන්නේ විකාරද ?

මට සමාවෙයන් මල්ලියේ මට සමාවෙයන් මගේ දරැවා මම යි මැරැවේ මමයි මේ අත් දෙකෙන්මයි

අෂ්ඨක කියල ඉවර උනා විතරයි හස්බන්ගේ ලොකු තාත්තා හීන් දාඩිය දාගෙන යමක් කියවන්න ගත්තා
_ _ _ _ _ _ _ _ _ _👇

මීට අවුරැදු 11කට කලින් මගේ කෙල්ල පහල ගමේ රෙදි අතුල්ලන ගෑනියෙක්ගේ පුතෙක් එක්ක සම්බන්දකමක් පවත්වලා මට අහු උනා දඬුවම් කරා ,

ඒත් නවතින පාටක් නෑ ගමේ එකාලා දැනගත්තොත් මගේ දරැවෙක් රෙදි අතුල්ලන එකෙ උස්සන් ගියා කියලා අපේ තෙන්න කෝන් පරම් පරාවේ නම්බුව ඉවරෙටම ඉවරයි ,

ගමේ එකාලා අපේ මූණටම කෙල ගහයි කියලා බයටම

මම දවසක් බොරැවට කැමැත්ත දීලා ගමෙන් හොරෙන්ම පිටමන් වෙයල්ලා කියලා , රෑ දෙන්නටම ගහලා මරලා ගලක බැදලා ඔරැවක දාගෙන ගිහින් වැව මැදටම ගිලෙන්න දාලා ආවා

මොකක් ?

ඔව් මල්ලියේ ඔව් මම මගේ කෙල්ලව මරා ගත්තා මරාගත්තා

වංසේ කබල් ගාපු වෙලාවේ මිනිහෝ ටිකක් හිතුවනම් අද උබත් සතුටින් උබේ ලමයිනුත් සතුටින් ....

උබලගේ මහ ලොකු ජාතකයක් ගැන කියවනවා නේද එහෙනම් කියපන් බලන්ඩ පරම් පරා තුනකට එහා උබේ මුත්තා බැදපු ගෑනිහේ වාසගම ,

තොපි වගේ හරක්ට වෙද කම නෙමෙයි
රජකම හම්බුනත් ඔය ටිකම තමා .....

දැන් මම අෂ්ඨක කිව්වේ උබ මරපු උබේ දුවටයි ඒ අසරණ කොල්ලටයි ....

" දෙන්නට යන්න පුලුවන් ඒත් ඔය පුන් කලස් ටිකේ මල් ටිකත් පර කොරගෙනම ගියානම් තමා හරි "

කිව්ව වගේම නිල්මානෙල් මල් පරවෙලා ගියේ හැමෝගෙම ඉස්සරහදී "
---------------
මගුලේ වැඩ අස්සේ අවමගුලක වැඩත් ඉවර කරලම එන්න හදද්දී නැවත දුරකතනය නාද විය ....

☎ ....ජබ්බෙට ගහපු සරැංගල්
අපිට කොයින් ද අරැංගල්.....

ඔන්න චූටි පුතා ඔය මගුල කෑ ගහනවා බලලම පලයන් ...

හෙලෝ මොකො මුදලාලි පොල්ගහක්වත් කඩාන ගිහින්ද ?

උබ කොමද දන්නේපො ගහක් කැඩිලා කියලා ?
හා හා මම හවස් වෙනකොට එන්නම් මුදලාලි .....

- - - - - - - - - - -
ඇත්තටම චූටි පුතා එදා මල් කඩන්න වැවට ගිය දවසේ මොකක්ද උනේ ?

අපේ සීයාඅප්පා දැක්කා සුදුනැන්දම්මේ සිහිය එනකොට ගොඩ හිටියේ හීනයක් දැක්කා වගේ මිනිහෙක් ජෝඩුවක් මරලා වැවට දානවා එච්චරයි ,

තුරැණුවන්ගේ සරණයි
පරිස්සමෙන් පලයන් ......
අම්මවයි තාත්තාවයි මතක් කරා කියපන්

ජය ශ්‍රී මා බෝ සමිදු පිහිටයි 🙏

#නිමාවක්......

කියවපු ඔබටත් බලපු ඇයටත්

#සම්මා_සම්බුදු_සරණයි🌼🌼🌼

 

 

GindaraWeb