Author Topic: දෙවියන්ගේ_කතාව  (Read 14 times)

Offline Ajith Kumara Kbva

  • Newbie
  • *
  • Posts: 3
  • Reputation Power: 1
  • Ajith Kumara Kbva has no influence.
  • Referrals: 0
    • View Profile
දෙවියන්ගේ_කතාව
« on: December 04, 2018, 05:08:59 PM »
#කෙටි_කතාව
     
       #දෙවියන්ගේ_කතාව

නවග්‍රහයෙන් පටන් අරන්
අගහරැටයි ,
සෙනසුරැටයි
සිකුරැටයි

හැම දේප දීපු මනුස්සතා අවසා.....නේ දෙවියන් යැදීමේ විපාකය මෙතැන් පටන්
______👇

#උම්බාර් ....
ඔහු නමින් වගේම  ගති ගුන අතිනුත් නොසෑහෙන්න හොද පුද්ගලයෙකි.

  #ලාටේ ගමට මුලින්ම ඔහු එන විට පයට පාවහන්වත් නොතිබුන ඔහුගේ මුල්ම රැකියාව උනේ   #සිරිටෝ මුදලාලිගේ යටතේ වැලිගොඩ දැමීමය ..

උම්බාර්.....
උබ ඇයි ගම ඇතෑරියේ ?
"මුදලාලි විමසන්නට විය....

මුදලාලි අපේ ගමේ ගුරැන්නාන්සේ මිය ගියා නොවැ ,
පස්සේ යක්ෂයන්ගේ පීඩාව නිසා  ගමම පාලු වෙන්න ගත්තා , නොදන්නා ලෙඩ රෝගවලින් මිනිස්සු එකා දෙකා සතියට මැරෙන්න ගත්තා ,

ඒ සාපෙට අපෙත් මහ උන්දැලා දෙන්නත් අහුවෙලා  මලාට පස්සේ මට ගම එපා උනා ,

ඉතින් මම දෙවියන්ට කන්නලව් කලා මාව යහපත් තැනකට රැගෙන යන්න ජීවත් වෙන්න දෙන්න කියා ,

ඉතින් මට මුදලාලි වගේ රත්තරං මනුස්සයෙක් හම්බුනා....

 _________🍂

     වැලි ගොඩ දැමීම ජීවනෝපාය කරගත්ත උම්බාර් සතිය අවසානයේ පාන්දරම ඇහැරී මහා හාස්කම් දේවතා ගේ දෙවොල වැදපුදා ගැනීමට ගොස් තමාගේ ආදායමෙන් පොඩි කොටසක් දෙවියන් වෙනුවෙන් පුජා කිරීම සිදු කර නැවත පැමිණ

වැලි ගොඩ දැමීමට යන්නේය.

කිහිප වසරක් ගත වූ තැන
දිනෙන් දිනම තම ආදායම සරැ වීම නිසා මුදලාලිගෙන් වෙන්ව  වැලි ගොඩ දමන තැන් කිහිපයකම අයිතිකරැවෙකු විය.

මේ තරම් විශාල මහන්සියක් කැපකිරීමක් කෙරෑ ඔහු  විවිධ වූ ව්‍යාපාර වල නිරත උනා,,

 ඒ අතර  කිරිගවයන් සෑදීම , බස්‍ රථ ධාවනය කිරීම යන ව්‍යාපාරයෙන් ධන කුවේරයෙකු වූ  උම්බාර්....

හට දැන්  බිරිදක් , ලමයින් සිව් දෙනෙකුද සිටින අතර එදා පලමු වැලි ගොඩ දෑමේ සිට මේ දක්වාම ඔහුගේ දෙවියන් ඇදහීම නොණැවතීම තිබිණි ,

ඒ ඔහු සෑම සති අන්තයකම මහා හාස්කම් දේවතා ගේ දෙවොලට ගොස් පුජා වට්ටි පුද කර තම ව්‍යාපාරයට අශිර්වාදය ගෙන නැවත පැමිණීමයි .......

___________👇
         
    එදා සදුදා දිනයකි උම්බාර් දෙවියන් වැද පැමිණියේය .
 සියල්ල යහපත් ආකාරය සිදු වෙද්දී එදා අමාවක රාත්‍රියක් විය,  අහස් ගව්වෙන් කඩා වැටෙන තරැ   ගොන්නක්  ඇදවැටෙන්නට විය ඒ ඔවුන්ගේ ගම වූ #ලාටේ ගමටය,

 ටිකෙන් ටික ඇද වැටුනු කඩා වැටෙන තරැ වලින් ලාටේ ගම නිවෙස් ගිණි ගන්නට විය , ගම්වාසීන්ට ගින්න නිවිය නොහැකි තත්වයට පත් විය .

__________🍂

සියල්ල දවා අලු වන මේ ගින්නට  නිතැතින්ම දෙවියන් පරයා යක්ෂයින් විසින් එවන්නක් බව සිතා සියල්ලම පාහේ තම නිවෙස් අතහැර යාමට පටන් ගත්තත් අවසානයේ ඉතිරි උනේ  උම්බාර් සහ තම පවුලේ අය පමණී

_________🍂

     "උම්බාර්.....

මිනිසුන් කිහිප දෙනෙක්ම අප නිවස ඉදිරිපිට සිටී අපව බේරා ගැනීමට මේ ගින්න තව නොබෝ වේලාවකින් අප නිවසත් දවා අලු කරාවි අපිත් අනෙකුන් සේ මෙය අත හැර යාම නුසුදුසුද ?

උබට පිස්සුද ගෑනියේ "මගේ දෙවියෝ මාව රකීවී තීට බියනම් වහාම අතහැර පල මා සතිපතා දෙවියන් බැලීම නිසා දෙවියන්ගේ  බැල්ම මා හට තිබෙන්නේ ඉතින් මේ ගින්නකට හැකිද මාව පුළුස්සන්න දෙවියන් ඒවි මාව බේරා ගැනීමට කුමක් උවත් "

___________🍂

     මවක් තම  ස්වාමිපුරැෂයාට ආදරය සේම තම දරැවනටත් ආදරේ කරන නිසාවෙන් ඇය තම නිවසේ ඉදිරිපිට බේරාගැනීමට පැමිනි මිනිසුන් හට දරැවන් සිව් දෙනා දී පිටත් කර යැවීය.....

__________🍂

උම්බාර් .....
 
නිවස අසලටම ගිනි රස්නය ඇවිදින්   ගිණිනිවන හමුදාවේ වාහනයක් ඇවිදින්  හෝන් කරනවා  අපි දෙන්නව බේරගන්න ආවලු අපි ඒකේ නැගලා යමුද ?

""
උබට පිස්සුද ගෑනියේ "මගේ දෙවියෝ මාව රකීවී තීට බියනම් වහාම අතහැර පල මා සතිපතා දෙවියන් බැලීම නිසා දෙවියන්ගේ  බැල්ම මා හට තිබෙන්නේ ඉතින් මේ ගින්න ගෙට ආවත් හැකිද මාව පුළුස්සන්න දෙවියන් ඒවි මාව බේරා ගැනීමට කුමක් උවත් "

තම ස්වාමියාගේ අවසාන මොහොත වෙනකම් ඉන්න බිරිද  ගිනි නිවීමේ රථ සියල්ලමආපසු  පිටත් කර යැවීය...

________🍂
      සියල්ලම පරයමින් නිවස තුලට ගිනි ඇවිලෙන්න පටන් ගන්නට විය.  පලමු මහලයෙන් දෙවැන්නටත් දෙවැනි මහලයෙන් තුන්වැන්නටත් ගිනි ඇවිලෙද්දී
උම්බාර් සිය බිරිද සමග වහලය මතට නැගීය.

___________🍂
     
   ලාටේ ගම සීරා නැගුණු කඩා වැටෙන තරැවලින් අළු කෙරෑ මුලු ගමම අලු වී නිවස තුලින් වහලය  බුරා නැගෙන ගිනි වලින් පිරෙද්දී එකවරම ආවේ  ලාටේ ආරක්ෂක හෙලිකොප්ටරයකි ....

උම්බාර් ......
අපි මෙයින් ගොස් ජීවිතය බේරා ගමු ද ?
 
"උබට පිස්සුද ගෑනියේ "මගේ දෙවියෝ මාව රකීවී තීට බියනම් වහාම අතහැර පල මා සතිපතා දෙවියන් බැලීම නිසා දෙවියන්ගේ  බැල්ම මා හට තිබෙන්නේ ඉතින් මේ ගින්න වහලය පුළුස්සාගෙන ආවත් හැකිද මාව පුළුස්සන්න දෙවියන් ඒවි මාව බේරා ගැනීමට කුමක් උවත් "

__________🍂
   
තම ස්වාමියාගේ දෙවියන් යැදීමේ ගැටලුවට මුහුන පෑ බිරිද හෙලිකොප්ටරයයේ නැගිලා යන්නට විය .

බුරා නැගෙන ගිනිදැල් වලි පාදය  දැවී ඇග පුරා ගිනි ගනිද්දී   උම්බාර් තම දෙවියන් කෙරේ විස්වාසය නතර කරා

"දෙවියනි කිසි දාක මා නුබට වත් පිලිවෙත් මග හැර නැත ඒ හැම දෙයක්ම මා අකුරටම ඉටු කරත් මේ සියල්ල දැවී අලු වී යන තුරැම මා බේරා ගැනීමට නොපැමිණියේ ය , නුබ අසත්‍යකි සියල්ලගේ ලාබ ප්‍රයෝජන ගන්නා අයෙකි  නැවත මා කිසිආත්මයක නුව අදහන්නේ නැත ""

______ 🍂 දෙවියන්ට මේ අපහාසය දරා ගත නොහැකි විය ,

අඤාන මෝඩයා .......

නුබ කිසිදවසක මා වෙනුවෙන් තැබූ පූජාවට්ටි නිසා නුබ දියුණු උනේ නැත ,
 තම ස්ව උත්සහයෙන්

උදෑසනම නැගිට සුරා සුදුවෙන් තොරව තම දනය නිවැරදිව හසුරවමින්  දියුණුවට පත් උන,
 තා ගේ හීන මානයක් නිසා ම විනාශයේ මුඛය වෙත පිය මැන්නේද තා මය...

මා දෙවියෙක් නුබ කරා සෘජුවම මා හට පැමිණීමට නොහැකි නිසා ම....

•¥• කාටත් කලින් ගින්න ඇති වීමේදී මා තමුන්ව බේරා ගැනීමට  මිනිසුන් කිහිප දෙනෙකු එව්වා එවිට තෝ එය අතහැරියා ...

•¥• තරමක් ගින්න බරපතල වීමේදී  මම වාහනයක් එව්වා තා එයද  එපා කියා අත හැරියා ...

•¥• සියල්ලම අත හැර යද්දී මා  තා වෙනුවෙන් හෙලිකොප්ටරයක් එව්වා එය ද තේරැම් නොගත් තා විසින්ම මරණය වැලද ගත්තා  .

     සියල්ලටම යමක් පවසමි දේවාලයේ කපුවා එහි දෙවියන් නැති බව පවසන්නේ නැත

එමෙන්ම මා හට නුබලාගේ සියලු කන්නලව්  සදහා  මා හට ම පැමිණිය නොහැක ,

            #දෙවියන්ගේ_කතාව_නිමා_විය.

පසුවට යමක් පවසමි......🍂👇🍂
_____________________👇

      #වන්දා_පාක්නා_සුම්මා_යෙදූමේ_පේසාමමේ_පෝග_වේන්ඩා_යෙදාවද _සොල්ල 🙏

අජිත් කුමාර
කලුවා බදු විදාන ආරච්චිලාගේ

විසින් රචිත මෙය.

 කියවපු ඔබටත් බලපු ඇයටත්

#සම්මා_සම්බුදු_සරණයි🌼🌼•

 
« Last Edit: December 04, 2018, 05:09:30 PM by Gindara »

 

GindaraWeb